මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 18, 2023

සියහඬ හද සක්මනේ ඇවිද ගිය මතක .....



අන්තර්ජාතික ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සියහඬ රේඩියෝ නාලිකාවේ ජනප්‍රිය වැඩසටහනක් විදිහට 'හද සක්මන' හදුන්වන්න පුළුවන් . වැඩසටහනේ ආකෘතියට අනුව කරන්නේ ගීත 7 ක් අතරින් ශ්‍රාවක හිත කියවන එකයි . ඒ සදහා මට ආරාධනාව ලැබුනේ ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි මහත්මිය හරහා. සෑම් දිසානායක, සුජීව ක්‍රිෂාන්ත ගමගේ මහත්වරුන් සමග කෙරුණු මූලික කථා බහෙන් පස්සෙ ජානි වසන්ති එක්ක වැඩසටහන කරන්න අපි ඉඩක් හදා ගත්ත කිව්වොත් හරි .  

මීට කලින් ටොරොන්ටෝවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ සුනිමල් බාලසූරිය මහතා මෙහෙයවන සක්මන් මළුව වැඩසටහන තුලින් වගේම , සවන හීන හතක් වැඩසටහන් තුලිනුත් මම ගී 7 බැගින් ඉදිරිපත් කර තිබෙන හින්ද යලිත් ඒ ගී යොදා නොගන්නට මම අදහස් කලා. ඒ වෙනුවෙන් මා ලියූ බ්ලොග් සටහන් ඔස්සේ ඔබට ඒ වැඩසටහන් වල යූ ටියුබ් දිගු වලට කන් දෙන්නට පුළුවන්.


සක්මන් මළුවේ මතකයන් දිගේ ඇවිද ගිය මොහොත

http://ahasgawwenehalokaya.blogspot.com/2020/04/blog-post_25.html

සවන හීන හතක් ..... ගී පොකුරක් හදවතින්ම විදිමුද ? 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/08/blog-post_22.html


මේ හද සක්මන තුලින් මා ආසාකරන ගීත රැසක් අතරින් යම් රිද්මයකින් යුතුව පැයකට වැඩි කලක් ඔබට අහන්නට පුළුවන් ගී හතක් ගෙන එන්නයි මම උත්සාහ කලේ .


මේ ඒ ගීත පෙලගැස්මයි . 

1. මා වවුලන් රෑ පුරාම - ආචාර්ය ඩබ්ලිව් . ඩී අමරදේව 
2. කොවුලෙක් මොටද - සමණලී ෆොන්සේකා 
3. අපෙ හැගුම් වලට ඉඩදී මොහොතක් - ආචාර්ය වික්ටර් රත්නායක 
4. සිරීපාදේ වන්දවන්න - විශාරද නිරංජලා සරෝජිනී 
5. දුරු රට පිපෙනා - ශ්‍රී ලාල් ෆොන්සේකා සමග මිනුපමා බාලසූරිය 
6. පෙරවදනක් - සනුක වික්‍රමසිංහ 
7. වහින්නට හැකිනම් - ආචාර්ය නන්දා මාලනී  
  
ජානි ගේ හරබර වදන් පෙල මැද්දෙන්,  ඇය මට යොමුකල ප්‍රශ්න වලට මා තේරූ ගීත 7 අතරින් පරිස්සමින් ශ්‍රාවක ඔබට ලැබුණු පිළිතුරු මේ යූ ටියුබ් දිගුවෙන් ඔබට අහන්නට පුළුවන්. 

ඉහතින් මා නම් සදහන් කල පිරිසට අමතරව මේ වැඩසටහන වෙනුවෙන් මට දායකත්වය දැක්වූ සියළු නිර්මාණ ශිල්පීන්ටත් , සියහඬ කළමණාකාරීත්වයටත් මගේ ස්තුතිය පුද කරන්නට කැමතියි.  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ ගීත එකතුවට ඔබත් ඇළුම් කරන්නට ඇති . සමහර විට ඔබ මින් පෙර නොඇසූ ගීතත් දකින්නට ඇති. ඒ වගේම මම කියූ සමහර අදහස් වලට එකඟ වෙන්නත් ඇති . සමහර විට එහෙම නොවෙන්නත් ඇති. මගේ බ්ලොග් සටහනේ ප්‍රතිචාර වලට කිසිදු වාරණයක් නැහැ. ඒ හින්ද මේ වැඩසටහන ගැන ඔබේ අවංක අදහස් දැනගන්න කැමතියි. ඉඩක් තියෙන වෙලාවක වැඩසටහන අහල ඔබේ අදහස් ලියන්න.    


4 comments:

  1. 'මා වවුලන් රෑ පුරාම' අපූරු පද පෙළක්/ සංගීතයක් තියෙන ගීයක්. වෙනස්ම වින්දනයක්

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔබ කිව්වා හරි. එය හැබෑම අපූරු පද පෙලක් .

      Delete
  2. සමනලී ෆොන්සේකා සින්දු කියනව කියලත් දැනගත්තා . හොඳයි

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඇය ගයා තිබෙන්නේ ගීත කිහිපයක් විතරයි. මම කැමති සුජීව හෙට්ටිතන්ත්‍රි ගේ පද වලට . සමන් ලෙනින් ගයන ඔහුගේ තවත් ගීතයක් තියෙනවා සන්හිඳේ කියල. අහල බලන්න .
      https://www.youtube.com/watch?v=1bytzo6JDOE

      Delete