මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 4, 2023

සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න…..

 



ඇහිපිය යට හීන තියා

දග කරනා තරු ගනින්න

කිරි බැබළෙන හඳ පානේ

විසිරෙන පිණිබිඳු දකින්න

 

සේපාලික කුමුදු පොකුරු 

සුවඳ මැදින් ඇවිද යන්න

නිසල රැයක ඔබත් මමත්

යමුද හිතට පෙම් පුරන්න


කන්දේ හැපිලා මුවා වෙලා

බලන්න අඩ සද මැවු රූ 

ඇඟිලි තුඩින් හිස පිරිමැද

දෙන්නද හාදුවක් සොඳුරු 


සිත්තම් කර හිත අද්දර 

ලස්සන කවි ගීත සින්දු 

අපි මැදි විය පහු කලාට

තාමත් ආදරේ තරුණලු 


අනුරුද්ධ වැලිගමගේ 





2023 නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

12 comments:

  1. සත්තකින්ම ඒක ඇත්ත!
    අප වයසට ගියත් අපේ හිතත් එහි ඉපැදෙන ආදරයත් තරුණයි!
    අපි තරුණයන්ව ඉන්නේත් ඒ හිතේ උපදින ආදරය නිසාම මයි.
    ආදරය සදාකාලික තරුණ කමක්!

    ReplyDelete
    Replies
    1. මංජුල ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ආදරයේ සදාකාලික තරුණ බව .......

      Delete
  2. Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. අහස තරම් ආදරයක් මොහොතක හෝ ඇති වූවද
    වයස ගියත් ඒ හැඟුමන් කෙමෙන් කෙමෙන් නැති වූවද
    රහස මෙයයි ජීවිතයේ කා අතරත් හමු වූවද
    පහස විඳින්නට මිනිසා කිසිවිටකත් මැලි වූවද..

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. "අපි මැදි විය පහු කලාට තාමත් ආදරේ තරුණලු" ඔව් ඒක නම් ඇත්ත. හරිම ලස්සන පද ගැලපුමක්. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. තාම බැරිවුනානේ ලන්ඩන් වලට කවියක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ශානිකා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ලන්ඩන් කවිය මම දකින්නේ සිංහල කවියේ ජාත්‍යන්තර වේදිකාව විදිහටයි. සිංහල බ්ලොග් කවීන්ගේ නිර්මාණ එයට යවන්නට මම ඇරයුම් කරන්නේ ඒ හින්දයි. මගේ අදහස අපි අපේ නිර්මාණ එක තැනකට සීමා නොවී ඩිජිටල් අවකාශ සියල්ලේ ජනගත කල යුතුයි කියලයි. මුහුණු පොත් කවි එකතුත් හොද වේදිකාවක්.

      Delete
    2. තරහ නැතුව කවි යවන විදිය දාන්නකො අයියේ

      Delete
  6. චාලි චැප්ලින්... "බිම බලන් යනවිට ඔබට දේදුන්න මග හැරෙනු ඇත" කිව්වෙ 40ත් පැනල කරපු ලව් එක බැඳගන්න පුලුවන් උනු නිසා නෙව 💓😁!
    කවිය අපූරැයි.

    ReplyDelete