මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 18, 2023

ලැව් ගිනි නිවන Bush Planes බලන්න යමුද?.





ගුවන් පථයක් නොමැතිව ජලය, අයිස්, හෝ ගොඩබිම මත බාන්නට හැකි කුඩා ගුවන් යානා හැඳින්වෙන්නේ Bush Planes  යන නමින්.  කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය ඇතුළුව බොහෝ ජනශූන්‍ය ප්‍රදේශ සිතියම් ගත කරන්නට,  ලැව්ගිනි නිරීක්ෂණය කරන්නට අතීතයේදී මහත් දායකත්වයක් දැක්වූ එවන් ගුවන් යානා එකතුවක්   Sault Ste Marie. වල තිබෙන Canadian Bushplane heritage centre එකේදී ඔබට දකින්නට පුළුවන්.  උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශයේ සංචාරයේදී අද අපි ඇවිත් ඉන්නේ එවන් ගුවන් යානා එකතුවක් බලන්න ඒ Sault Ste Marie බලන්න යන අය යන Canadian Bushplane heritage centre.





Canadian Bushplane heritage Centre.


 


1924 දී ඔන්ටාරියෝ රජයේ ඉඩම් සහ කැලෑ ඇමතිවරයාගේ යෝජනාවකින් ඇරඹුණු The Ontario provincial air service හි මූලස්ථානය පිහිටුවූ පරිශ්‍රයේදී අද ඔබට මේ ගුවන් යානා කෞතුකාගාරය දකින්නට පුළුවන්. තිහකට අධික වෙනස් වර්ග වල ගුවන් යානා එකතුවක් මෙහිදී ඔබට දකින්නට ලැබෙන්නේ 1987 දී ගුවන් යානා වලට පෙම් බැඳි පිරිසක් එකතුව පටන් ගත් මේ මධ්‍යස්ථානය නිසා. මෙහි ඇති සමහර යානා සේවයෙන් විශ්‍රාම ගැන්වුණු  ඒවා. තවත් සමහරක් අනතුරුවලට ලක් වුණු ඒවා ප්‍රතිනිර්මාණය කිරීමෙන් පස්සෙ ප්‍රදර්ශනය කරනවා. ඒ අතර ලොව වටා ගුවනින් යන්නට උත්සාහ ගනිද්දී 1937 වසරේ අතුරුදහන් වුනු Amelia Earhart . ගේ ජීවන චරිතය ඇසුරෙන් 2009 දි නිපදවනු ලැබූ චිත්‍රපටයට යොදා ගත් Fokker. වර්ගයේ ගුවන් යානයත් වෙනවා.




කැනඩාවේ ගුවන් ඉතිහාසයට කාන්තාවන් ගෙන් ලැබුණු දායකත්වය , ලැව්ගිනි නිරීක්ෂණ සහ මර්දන කටයුතු ගැන තොරතුරු දැන ගන්නත් මෙය කදිම තැනක්.  ලැව්ගිනි මර්දනය පිළිබඳ කදිම චිත්‍රපටයක් ඔබට මෙහි තිබෙන කුඩා සිනමා ශාලාවේ දී ඔබට බලන්න පුළුවන්. වතුර බෝම්බ ලැව්ගිනි සඳහා හෙලන ක්‍රමවේදය ගැනත් ඔබට මෙහිදී හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.








 Entomica



 මුලින් වෙනත් ස්ථානයක තිබුණු කෘමි සතුන් පිළිබඳ කෞතුකාගාරයත්  දැන් මේ පරිශ්‍රයේ  පිහිටුවා තිබෙනවා.පාසැල් දරු දැරියන් ඇතුළු කෘමි සතුන් ගැන උන්න්නදුවක් දක්වන කාටත් අරුමැසි තොරතුරු රැසක් මෙතනදී දැනගන්න පුළුවන්.



Soo Locks





සුපීරියර්  විල සහ හියුරන් විල අතර අඩි 20 ක උස පරතරය මගහරිමින් නාවික ගමනාගමනය සඳහා කැනඩාවේ ඔන්ටාරියෝ පළාත් අන්තයේ  එකක් සහ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  Sabin Lock, Davis Lock, Poe Lock,Macarthur Lock  නමින් Lock හතරක් පිහිටුවා තිබෙනවා ඒ වගේම මේ ජල කඳ ගලායාම භාවිතයෙන් ජල විදුලිය උත්පාදනය සඳහා  කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් දෙකම ජල විදුලි බලාගාර ඉදිකර තිබෙනවා.



1797 දී නාවික ගමනාගමනය සඳහා ඉදිකර තිබුණු Locks  1812 දී ඇතිවූ කැනඩා ආක්‍රමණයේදී ඇමරිකානු හමුදා විසින් විනාශකර දැමුනු හින්දා 1852 දී නැවත ඒවා ඉදිකරනතෙක්  වසර හතළිහක් භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට සුපීරියර් විල අන්තයේදී බඩු බාල හියුරන්   විල අන්තයට ගොඩබිමින් ගෙනිහින් ආයෙමත් වෙනත් නැවක පටවන්න සිදුවුණු බවයි කියන්නේ. මේ ප්‍රදේශය ගැන හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ Sault Lock Tour  යාත්‍රාවකින් ගිහින් තමයි.



Miss Marie Sault Lock Tours



 කැනඩා අන්තයෙන්  ක්‍රියාත්මක වන මේ චාරිකාවට  කැනඩා ඇමරිකා දේශසීමා දෙකේම ජල  ප්‍රදේශ භාවිතා වුණත් ගොඩ බහින්නට ඉඩක් නොලැබෙන හින්දා ඇමරිකානු වීසා හෝ කැනඩා ගමන් බලපත්‍රය ගෙනයන්න ඕනෑ වෙන්නේ නෑ . දවසකට දෙවරක් ක්‍රියාත්මක වන මේ චාරිකාවට පැය දෙකක් විතර යනවා. මේ චාරිකාවේදී යාත්‍රාව  canadian සහ american locks හරහා යනවා. මගීන් 100 දෙනෙකු ගෙනයන්නට පුලුවන් මේ යාත්‍රාව උදෑසන දහයට සහ සවස එකට මැයි සිට ඔක්තෝබර් දක්වා මාස වල දිනකට චාරිකා දෙකක් ක්‍රියාත්මක කරනවා. අන්තර්ජාලයෙන් හරි එතැනට ගිහිල්ලා හරි වෙන්කරවා ගන්න පුළුවන් මේ  Locks .හරහා යන චාරිකාවට අමතරව තෝරාගත් දවස් වලදී රාත්‍රී 7 සිට 9 දක්වා ඉර බහින මනරම් දසුන් බලන්නට විශේෂ චාරිකාවක් ද එම යාත්‍රාවම භාවිතා කරමින් ක්‍රියාත්මක කරනවා.






Metis Tours



St. Mary’s  ගඟ දිගේ මේටි  ජනයාගේ සංස්කෘතික සහ පාරිසරික සංචාරයක යෙදෙන්න පුළුවන් . කැනඩාවට ආවේණික Big Canoe එකක  දියෙන් හරි ගඟ අයින දිගේ  ඇවිදින සංචාරයකට හරි එකතුවෙලා හරි ඔබට ඒ අත්දැකීම ලබන්න පුළුවන්.



Crystal Falls 



Sault Ste mary .නගරයේ ඉඳන් විනාඩි 15ක විතර ගමනකට පස්සේ හමුවන kinsmen පාර්ක් එකේදි ඔබට crystal falls දියඇල්ල බලන්න පුළුවන්.


 ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රවේශය සංචාරය කරන කෙනෙකුට කුඩා දිය ඇලි කීපයක්ම බලන්නට පුළුවන්. Connor Road Falls, Root Cascade ඉන් කිහිපයක්.



ආපහු අපේ නවාතැනට ගියපු අපි හෙට දවසට  සූදානම් වුණා. ඒ ලෝකයේ විශාලතම මිරිදිය දූපතට යන්න. ලබන මාසයේ දී ඒ විස්තර ඔබට දැනගන්නට පුළුවන්.


අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

23 comments:

  1. හරිම අගෙයි ඔබගේ සටහන. Sault Ste mary අපිත් ගිහිල්ලා තියෙනවා. එත් අපි ගියේ වෙන ඉසව්වකට. හරිම ලස්සන පැත්තක්.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . මට හිටියා නම් තව සතියකට බලන්න තැන් තිබුනා.

      Delete
  2. පහසු කරන්නට වැඩපල එදිනෙදාම කරන
    බුරුසු අහස් යානාවක විස්තර මෙහි දරන
    සුදුසු මෙවන් ලිපි වටිනව බ්ලොග් ලොවේම සරන
    පැසසුම් මම කරන්නෙමී ඔබට මෙසේ ලියන...

    වටිනවා මෙය.
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  3. අගේ ඇති විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. බුශ් ප්ලේන් එතකොට ගිණි නිවන බටයෙක් වශයෙනුත් ක්‍රියා කරලා තියෙනෙවා.?

    මේ දවස් වල කැනඩාවට සමර් වගේ නේද...නැත්තං මේ හරිය හිම වැටෙන්නෙ නැති පලාතක්ද - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මායා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔව් මේ යානා බහු කාර්ය යානා විදිහට යොදා ගෙන තිබෙනවා. කැනඩාවේ ජන ගණත්වය අනුව මේ කලාපයේ ජනගහණය හරිම අඩුයි වගේම වැඩි ඉඩම් ප්‍රමාණයක් සුපිරියර් විලේ ජල පෝෂක ප්‍රදේශ විදිහට සංරක්ෂණය වෙනවා. ඒ හින්ද ගිම්හාන කාලයේ විවිධ හේතු හින්ද වන ලැව් ගිනි පාලනය කරන්න වෙනවා . මේ සටහන් බොහොමයක් ගිම්හාන කාලයේ කල සංචාර ඇසුරින් ලියැවුනු ඒවා. මේ දවස්වල ශීතල පටන් ගන්නා සරත් සෘතුවේ තමයි අපි ඉන්නේ . දෙසැම්බර් 21 වෙනිදා ශීත සෘතුව පටන් ගන්නවා . එතකොට මේ ප්‍රදේශයටත් හිම වැටෙනවා.

      Delete
  5. මතක් වුණේ... https://www.youtube.com/watch?v=uYXxqwk7EMY&pp=ygUQcGxhbmVzIDIgdHJhaWxlcg%3D%3D

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී හොද මතක් කිරීමක්. ආසාවෙන් බලපු එකක් .

      Delete
  6. හැමදාම වගේම අදත් කැනඩාවේ සොඳුරු දසුන් රැසක්.
    සත්තකින්ම දියුණු වුනු රටක ජීවත්වෙන්න ලැබීමත් වාසනාවක්!

    පිංතූර සමග ලියා තියෙන වැකි ඒවාට අමතර වටිනාකමක් එකතු කරණවා.
    ලිවීම සමග පල කරලා තියෙන පිංතූර වඩාත්; රචනය වඩාත් විස්තරාත්මක කරණවා!

    ReplyDelete
    Replies
    1. මංජුල ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  7. අවුරුද්ද පුරා යන්න තැන තියෙනවනේ. අර ගුවන්යානා කිහිපයක තව ෆොටෝ ටිකක් දැම්මනම් මරු

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ ඉල්ලීම පරිද්දෙන් තවත් ගුවන් යානා 2 ක සේයා රූ එකතු කලා.

      Delete
  8. ඉතාමත් අගනා විස්තරයක්. කිසිදිනක අසා නොමැති ආකාරයේ සමහර තොරතුරු. මෙහේ, ඕස්ට්‍රේලියාවෙත් ලැව් ගිනි මැඩලීම සඳහා භාවිත කරණු ලබන කුඩා Bush planes ක්‍රියාත්මක වනු video පට වල දැක තිබෙනවා. ඔබ ඉතා වැදගත් සංචාරයකින් ලබාගෙන තිබෙන දැණුම් සම්භාරය අගනේ යි. අප්‍රිකානු රටවල මුඩු බිම් වල රෝපණය වීම සඳහා පොහොර සහ පස් සමග මිශ්‍ර කළ ප්‍රදේශයට ආවේනික ශාකවල බිජ විසුරුවා හැරිම සඳහා Bush planes යොදා ගන්නා චිත්‍රපටයක් දැක තිබෙනවා. එමෙන්ම සමහර අප්‍රිකානු රටවල සතුන්ගේ පර් යටනය නිරීක්ෂණය කිරීමට සහ වනාන්තර වල ශාක සංගණනය සඳහාත් Bush planes භාවිත කරන බව පොත පතින් කියවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. Bushplanes කැනඩාවේ බොහෝ ජනශුනය මාර්ග නොමැති ප්‍රදේශවලට විශාල සේවයක් කරනවා. https://www.youtube.com/watch?v=53dPPs5B6yc Lost Car rescue බලන්න. ඔබ ආස වේවි. ඉදිරියේදී මා ලියන වාර්තා වැඩසටහන් සටහනේදී මේ ගැනත් ලියන්නම්.

      Delete
  9. 👍👍👍
    කැනඩා ආර්තිකය ක්‍රමිකව පහත වැටුන බවක් දකින්න ලැබෙනවයි කියල සඳහනක් දැක්ක. ඉන්දියන් ගැටලුව නිසා වෙන්න ඇති නෙ

    ReplyDelete
    Replies
    1. නමියා ඔබ සදහන් කර තිබෙන විදිහට කැනඩාවේ ආර්ථික අවපාතයක් තියෙනවා . ඒත් ඉන්දියාව සමග තිබෙන වෙළද ගනුදෙනු ප්‍රමාණය හරිම අඩු නිසා ඉන් බරපතල ආර්ථික ගැටළුවක් නැහැ . වර්තමාන රජය ගෙනයන කණ්ඩායම කරන ක්‍රියා කලාපය ජාත්‍යන්තර සබදතා පිළිබද විශාල ගැටළුවක් නිර්මාණය කර තිබෙනවා. කැනඩාවේ වෙළද කටයුතු වලින් සියයට 75 ක් විතර තිබෙන්නේ යාබද ඇමෙරිකාව එක්කයි. ඒ වගේම මෙහේ තිබෙන බහු ජාතික සමාගම් බහුතරය ඇමෙරිකානු මව් සමාගම් තියෙන ඒවා. ඒ හින්ද ගැටළුව තියෙන්නේ ඇමෙරිකාව බලපා තිබෙන තත්වයයි. මේ දිගුවෙන් ඔබට යම් අවබෝධයක් ගන්න පුළුවන් වේවි . එකොනොමැට්ටා ගෙන් ඇහුවා නම් හොද පිළිතුරක් ගන්න පුළුවන්. මාධ්‍යය හුවා දක්වන බොහෝ දේ පක්ෂපාත තොරතුරු හින්ද කොයි දේත් ගන්න වෙන්නෙ කිරලා මැනලා තමයි. https://www.ctvnews.ca/business/downturn-in-canada-s-economy-seen-deepening-if-u-s-growth-fades-1.6652213

      Delete