මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 25, 2023

කැනඩාවේ බැංකු ගැන ඔබ නොදන්නා දේ

 



කැනඩාව ලෝකයේ ආරක්ෂිතම බැංකු ක්රම ඇති රටවලින් එකක් . ලෝක ආර්ථික විශ්ලේෂණයන් කරන World Economic Forum  පහුගිය වසර 6 පුරා පිට පිට ලෝකයේ හොදම බැංකු ක්රමය ලෙස කැනේඩියානු බැංකු ක්රමය අගය කර තිබෙනවා .

මුදල් හුවමාරු ඒකකය වන රටක ආර්ථික යාන්ත්රණය සදහා බැංකු විශාල සේවයක් කරනවා . ලෝකයේ වැඩිම ඒක පුද්ගල බැංකු කාඩ්පත් ( ATM Per Capita) ඇති රට වන කැනඩාවේ බැංකු ශාඛා 8000 ක් සහ ස්වයංක්රීය බැංකු සේවා යන්ත් 18,000 කට වඩා වැඩි ප්රමාණයක් ජනතා සේවයට කැපවී සිටිනවා .

1817 ජුනි 23 වැනිදා ජෝන් රිචර්ඩ්සන් ( John Richardson ) තවත් වෙළෙන්දන් 8 දෙනෙකු සමග ඇතිකරගත් ගිවිසුමක් මත මොන්ට්රියල් නගරයේ දී 1817 නොවැම්බර් 3 වැනිදා ලියාපදිංචි කල   Bank Of Montreal   කැනඩාවේ පැරණිතම බැංකුවයි . කැනඩා මහ බැංකුව ආරම්භ වන තෙක් මුදල් නිකුත් කිරීම් ඇතුළු ප්රමුඛ කාර්යභාරයක් කලේ අවුරුදු 201 ක් වයසැති මේ බැංකුවයි . නමේ පරිදිම මෙහි ප්රධාන කාර්යාලය පිහිටා ඇත්තේ මොන්ට්රියල් නුවරයි . එය ඔබේ සංචාරයකදී බලන්නට වටිනා තැනක් .   

කැනඩාවේ බැංකු නියාමන කටයුතු සහ මුදල් නිකුත් කිරීමේ කටයුතු කරන්නේ කැනඩා මහ බැංකුවයි . එය 1935 දී ආරම්භ  වුයේ 1934 පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනතකින් . එහි ප්රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කැනඩා අගනුවර වන ඔටාවා නුවරයි .

කැනඩාවේ බැංකු අතර දැවැන්තයින් 5 දෙනෙකු සිටිනවා . 1864 හැලිෆැක්ස් නගරයේ පටන්ගත් රාජකීය කැනඩා බැංකුව ( Royal Bank Of Canada - RBC) 1857 දී ටොරොන්ටෝවේ පටන්ගත් ඩොමීනියන් බැංකුවත් ,1869 ටොරොන්ටෝවේ පටන් ගත් ටොරොන්ටෝ බැංකුවත් එක්ව  1955 දී බිහිවූ TD Canada Trust, 1832 හැලිෆැක්ස් නගරයේ පටන්ගත් නෝවා ස්කොෂියා බැංකුව ( Bank of Nova Scotia) සහ 1867 ටොරොන්ටෝවේ පටන්ගත් Canadian Bank of Commerce  සහ 1875 ටොරොන්ටෝවේ පටන් ගත් Imperial Bank of Canada  එක්ව 1961 දී තැනුණු Canadian Imperial Bank of Commerce- CIBC ඒවායි.


ඊට අමතරව Canadian Western Bank, National Bank of Canada, Laurentian Bank, HSBC Bank of Canada,EQ Bank සහ Tangarine  දෙවන පෙල බැංකු වශයෙන් ඉන්නවා.

2016 සංඛ්යාලේඛන වලට අනුව කැනඩාවේ ලියාපදිංචි දේශීය බැංකු 30 ක් , විදේශීය බැංකු 52 ක් සහ Credit unions විශාල සංඛ්යාවක් තිබෙනවා .2016 කොටස් වෙළදපල දත්ත අනුව ප්රමුඛ බැංකු දැවැන්තයින් අතරින් වැඩිම දේපල ප්රමාණයක් ඇත්තේ    සතුවයි . ( බිලියන 1074 ) . වැඩිම සේවක පිරිසක් සේවය කරන්නේ ස්කොෂියා බැංකුවේ ( 89,000). වැඩිම ආදායමක් ලබා ඇත්තේ   ( බිලියන 38.2) බැංකුවයි .


බැංකු ආයතන බංකොලොත් වීමෙන් ඔබේ තැන්පතු ආරක්ෂා කිරීම පිණිස රජය පිහිටවූ විශේෂ ආයතනයක් තිබෙනවා . CDIC- Canada Deposit Insurance Corporation . වගේම බැංකුවලින් වන අකටයුතුකම් ගැන පැමිණිලි කිරීමට ඔම්බඩ්ස්මන් කාර්යාලයක් සහ බැංකු නියමිත ක්රමවේද සහ Anti Money Laundering   පාලනය සදහා පිහිටවූ රාජ් ආයතන තියෙනවා . කැනඩාවේ බැංකු ක්රමය නිදැල්ලේ නොයා සුරක්ෂිතව ඇත්තේ දැඩි විනය තුලයි .   

මේ ඩිජිටල් ලෝකයේ ජංගම දුරකථන සහ අන්තර්ජාලය එදිනෙදා බැංකු කටයුතු පහසු කර ඇති නිසා ඔබට බැංකුවක් සිහි වන්නේ නිවාස ණය උකස්කරය , මුදල් ආයෝජන වැනි කටයුතු සදහා වුවත් සමස්ථ බැංකු පද්ධතිය කරන කාර්යයන් බොහොමයක් තිබෙනවා . විදේශ මුදල් හුවමාරු , මුදල් ප්රේෂණ , ණයවර ලිපි , ආරක්ෂිත සේප්පු පමණක් නොව මියගිය අයගේ වත්කම් සම්බන්ධ කටයුතු රැසක් අතර වෙනවා . රහස් බව , විශ්වාශනීයත්වය , හොද ගණුදෙනුකාර සේවාවක් ලබාදීම පිණිස බැංකු කරන මෙහෙය පිටින් පෙනෙනා තරගකාරීත්වයට එහා ගිය එකක් .

තොරතුරු සහ සේයාරූ - අන්තර්ජාලයෙන්

අනුරුද්ධ වැලිගමගේ 


කැනඩා උරුමය නමින් කැනඩාවේ පලවන යාත්‍රා පුවත්පතේ තීරුව වෙනුවෙන් එහි සංස්කාරක චන්ද්‍රරත්න බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් 

මේ ලිපි පෙල ලියා තැබුවත් අනුග්‍රහකකත්වයේ ගැටළු නිසා මේ ලිපි පෙල අතරමගදී නතර වුණා.

මම යාත්‍රා වෙනුවෙන් මෙම ලිපි පෙල ඉදිරිපත් කලේ රුවන් හරිස්චන්ද්‍ර යන නමින්.


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නීර්  මාණ  එළිය කරාවි.

12 comments:

  1. ඔය වාගෙ තත්ත්වයට ලංකාව එන්ටෙ කවද්ද... කියලා තමයි සැක

    ReplyDelete
    Replies
    1. එහෙම ලංකාව ඉබේටම එන්නෙ කවද්ද කිය කිය බලන් ඉන්න කොට එයි ද ඉතින්🤔

      Delete
    2. ඉබේට එන්නෙ නෑ තමයි නවීයෝ. මොනයං හෝ ක්‍රමයක් එපෑ එතැන්ට එන්ට.
      බොට ඒ ගැන හිතෙන දේ... ලීව නම් අහවර නේ බ්ලොගෙ. අපටත් බලන්න

      Delete
  2. ලංකාවේ බැංකු ක්‍රමය ඉතා හොද තත්වයක තියෙනවා වගේම නවීන් කියනවා වගේම ඉතා හොද තත්වයකට ගේන්නත් පුළුවන් . 2008 දී මම ලංකාවෙන් එන කොටත් කෘෂි අංශයේ වගේම සුළු පරිමාණ ව්‍යාපාර අංශයේත් හොද සැලසුම් සහ ව්‍යාපෘති තිබුණා. ඒවගේම බැංකු නියාමනය කරන මහ බැංකුවේත් හොද සැලසුම් තියෙනවා . නිලධාරීන් ඉන්නවා . නිසි දිගු කාලීන ප්‍රතිපත්ති සහ ආකල්ප වර්ධනය තුලින් ලංකාවේ බැංකු ක්‍රමය ග්‍රාමීය කෘෂි සහ සුළු කර්මාන්ත සංවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඒ ගැන එකොනොමැට්ටා නිතර ලියන ලිපි වලින් ඔබට දැනුවත් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ලංකාවෙ බැංකු ක්‍රමය ඇතුලෙ තියෙන්නෙ ඒකාධිකාරයක් යම් කිසි. පොඩි මනුස්සයෙකුට ණය ගන්න ගියාම ලොකු පිරිවැයක් දරන්න වෙනව. එහෙම නැත්නම් ක්ෂුද්‍ර මූල්‍ය අංශ වලට යන්න වෙන.

      ඒක බැංකු පද්ධතියට ප්‍රවේශ වීම පහසු කරන්න ඕනි කියලයි මම නම් හිතන්නෙ.

      අනික ඔය කියන සැලසුම් ව්‍යාපෘති එහෙම බිම් මට්ටමට යනකොට එච්චර සාර්ථකයි කියලා නම් පේන්නෙ නෑ නෙහ්🤔

      Delete
  3. නවීන් ඔබේ අදහස 100 % ක් හරි . මම ලංකාවේ බැංකු ක්‍රමයේ වත්මන් තත්වය ගැන කියන්න දන්නේ නැහැ . හැබැයි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන , ෆිනෑන්ස් ආයතන සහ ණය ක්‍රම වල නියාමනය පිළිබද ගැටළු සහ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ගැටළු තියෙන බවයි පේන්නෙ . මම දන්නා හැටියට මහජන බැංකුව සහ DFCC බැංකුව පටන් අරන් තියෙන්නේ ග්‍රාමීය , කෘෂි සහ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සදහා මූල්‍ය පහසුකම් සහ උපදෙස් දෙන්නයි . ඒ ආයතන ඒවා නොකරන එකත් ගැටළුවක් . ඒ හින්ද බලධාරීන් නිසි පියවර ගැනීමයි කෙරෙන්න ඕන.

    ReplyDelete
  4. අපේ මිනිස්සු වැඩි දෙනෙක් දත කාලා, වලි කාලා, දන්නා දහන් ගැට සේරම ගහල බැංකු වලින් නය ගත්තට ගෙවන්න එච්චර උනන්දුවක් නැහැ. ඒ නිසා තමයි බැංකු මේ තරම් strict වෙලා තියෙන්නේ. මට හිතෙන හැටි ඉතිං. කාටවත් ඇප අත්සන් කරන්නත් හරි බයයිනේ.

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඒක ඇත්ත . බොල් ණය ප්‍රතිශතයත් ලොකු ගැටළුවක් . නියගය වගේ හේතු හින්ද ගොවියන් වගේම , ණය වාරිකත් වියදමට පාවිච්චි කරන පොඩි මිනිස්සු හින්ද වගේ නෙවෙයි විවිධ සබදකම් මත ලොකු පොලු තියන අය හින්ද වැඩි බරක් එන එක මූල්‍ය ආයතන වලට බලපාන හින්ද තමයි එහෙම වෙන්නෙ.

      Delete
  5. ලංකාවේ බැංකු සහ මිනිස්සු අතර තියෙන ප්‍රශ්න වලට හේතුව විශ්වාසය පිලිබඳ අවුලක් ... මට හිතෙන්නේ ලංකාව පුරාම තියෙන ප්‍රශ්න වලට අපි එකිනෙකා ගැන සැකෙන් බලන්න පුරුදු වෙලා තියෙන එක හේතුවක් වෙලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. පැතුම් ගේ ප්‍රතිචාරයට ස්තුතියි. අපේ ආකල්ප වල වෙනස්කම් වෙන්න ඕන වගේම Credit core එක මනින අපක්ෂපාති ආයතන තියෙන්න ඕන. ඒවගේම පුද්ගලයින්ගේ නිවැරදි ආදායම තහවුරු කරගන්න පුළුවන් විධි තියෙන්න ඕන . එතකොට තමයි නියම මූල්‍ය තක්සේරුවක් කරන්න පුළුවන්.

      Delete