කතා නොකර හිටි දවසට
මුහුණ හංග ගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ සිතට දැනෙනවා
සත්තයි හිතට හැගෙනවා
ගව් සියක් ගෙවා අවසන
ගෙපැල අද්දරම ඇතිවිට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා
එලිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images,
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
හරිම සුන්දර පදවැලක්.
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ් ඔබේ දිරිගැන්වීමට ....
Deleteහරිම ලස්සන, හෘදයාංගම පදපේලි
ReplyDeleteඑකතුවෙලා ලස්සන නිර්මාණයක් ඔබේ අතින් ලියැවිලා.
අවසාන පේළිය විශේෂයි. "යලිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනව"
පුදුමයක් නොවන්නේ ලිවීමට ඔබ අති දක්ෂයෙකු බව මා හොඳින්ම දන්නා නිසයි.
සුබ පැතුම් අනුරුද්ධ !!!
සුනිමල් ඔබේ ආදරණීය සටහනට ස්තූතියි . බොහෝ දෙනෙකු ඔබ පුරකයෙකු සහ වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස දකිතත් දක්ෂ ගීත රචකයෙකු වන ඔබේ ඇගයුම සැබෑ දිරිගැන්වීමක් .
DeleteHarima lassanai aiya,subapathum.
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි
Delete