මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 18, 2023

තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ගේය පද රචකයා - නිලාර් එන් කාසිම්.

 නොමැකෙන ගී රස -  ගී පද රචනා ඇසුරේ රූපණ කරනා නිර්මාණ චාරිකාව 


වරෙක ඔහු කවියෙක්, තවත් වරෙක කාටුන් ශිල්පියෙක්. වරෙක ගුවන් විදුලිය සහ රූපවාහිනිය තුලින් හරවත් යමක් සන්නිවේදනය කරන නිවේදකයෙක්. ඒ වගේම හරබර වැඩසටහන් සම්බන්ධීකරණය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පරිපාලකවරයෙක්. තවත් වරෙක තම දැනුම තවත් පරම්පරාවකට බෙදන විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්. විවිධ අංශ රැසකින් දස්කම් දක්වන ඔහු වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගීත රචනා කලාවේදී ඔහු දක්වන දස්කම් නිසයි.

මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් සිංහල ශාස්ත්‍රවේදී උපාධිය ගෞරව සාමාර්ථයක් සහිතව නිමකලේ එවන් දස්කමක් කල පළමු මුස්ලිම් ජාතිකයා ලෙස වාර්තාවක් තබමින්.

පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තිය ගමන ආරම්භ කල ඔහු ස්වතන්ත්‍ර කෘතීන් රැසක් සේම පරිවර්තන කෘති කිහිපයක්ද රචනා කොට තිබෙනවා. ජනප්‍රිය ධාරාවේ ගීත, සුභාවිත සරල ගීත සේම චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත ලෙසින් මතකයේ රැදෙන ගීත නිර්මාණ රැසක් නිර්මාණය කල ඔහු ඒ වෙනුවෙන් විවිධ සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. ඒ අතුරින් වර පෙරලිය ටෙලි නාට්‍ය ගීතය වෙනුවෙන් ලද සිග්නීස් සම්මානය විශේෂයි.

1990 දී විහග ගීතය ගීත ඇල්බමයත්, 2006 දී කිරි කෝඩු හිතට සංයුක්ත තැටියත් නිකුත් කල ඔහු 2000 වසරේදී හොදම යොවුන් ජනමාධ්‍යවේදියා ලෙස කොළඹ සරසවියෙන් සහ 2007 වසරේ ජපාන මිත්‍රත්ව සංගමයේ බුන්කා සම්මානයෙන්ද පුද ලැබුවේ රූපවාහිනිය වෙනුවෙන් කල මෙහෙවර වෙනුවෙන්.

මේ වනවිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රචාරක හා මාධ්‍ය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කරන ඔහු කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයෙක්. අද අප සමග ඔබ හමුවන තාරුණ්‍යයේ රිද්මය හදුනාගත් ඔහු නිලාර් එන් කාසිම්.  

වැඩසටහනේ ඇසෙන සහ කථාකරන ගීත කොටස් 

කරකවයි උකුසු ඇස / විහග ගීතය 

පැහැසර අරුණක / සද දිය දෙවුණු සේ 

ඈත වන්නියේ /  ග ඟ තවම තරුණයි 

ගුම් නදේ / අහස සිඹන 

බිදුණු තල්ගස / සලාම් කියා 

සුබ ලකුණු බල බලා / ඔබ ගියාම දුක මට දී 

වලාකුළු වියන් තනාලා / උන්මාදිනි හැන්ගුනා 

කිරි කෝඩු හිතට / මීදුම උතුරන හදපානේ



https://rupane.com/2022/03/05/rupane-episode-285-march-05-2022/

පළමු කොටස 2022 මාර්තු  05 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි



https://rupane.com/2022/03/19/rupane-episode-287-march-19-2022/

දෙවන කොටස 2022 මාර්තු 19 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි

*****************************************************************

සම්පත් දායකත්වය -  සම්මානනීය ගීත රචක , නිලාර් එන් කාසිම්.  

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - ගොයුම් එරංග    

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

2 comments:

  1. මාත් නිලාර් එන් කාසිම් ගැන පොස්ටුවක් ලියන්ට අදහස් කරමින් හිටියෙ. අනුරුද්ධ ලියපු එක හොඳයි!
    මොකද ඔහුගෙ දක්ෂතාවයෙන්... හරියට වැඩක් ගත්තෙ නැති තරම්. පහුව ඔහුගෙ ලියවුනු ගී පද වලට යෙදුණු තරුණ පරපුරේ තනු හා ගායනයන්, ඒ පදවල අරුත් බව-සොඳුරු බව අඩුකලා කියලයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ සටහනත් ලියන්න . ඔබ දකින කෝණය වෙනස් වෙන්නත් පුළුවන් . මම ඔබේ කථාවට එකගයි. නිලාර් එන් කාසිම් අතින් නිර්මාණය වන්නට තිබූ බොහෝ දේ මාධ්‍ය පරිපාලකයෙක් වුනු හින්ද නැවතුනාද දන්නෙ නැහැ .

      Delete