මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 20, 2024

ප්‍රවාහනය ඇසුරින් ලෝකය දිහා බලන අපූරු you tube වැඩසටහන් එකතුවක්

 




මා බ්ලොග් එකට එකතු කරන සමහර සටහන්වල  තිබෙන වාර්තා වැඩසටහන් තමන්ට බලන්නට නොහැකි වන්නේ  ඒවායේ මූලාශ්‍ර හොයාගන්නට බැරි හින්දා කියලා සහෝදර  බ්ලොග් රචකයන් කිහිපදෙනෙක්ම ලියා තිබුණා. . මම චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් බොහොමයක් බලන්නේ  IPTV හරහා.ඉඳ හිට you tube  එකෙනුත් ඒවා බලන අවස්ථා තිබෙනවා. අධික වෙළඳ දැන්වීම් ධාරිතාවය වගේම ඒවායේ ශ්‍රව්‍ය දෘශ්‍ය තත්වයන්   ඒ තරම් හොඳ නැති හින්දා මම youtube එකට ගොඩ වෙන අවස්ථා අඩුයි. පහුගිය විවේක කාලෙ ඒවගේ වැඩසටහන් කිහිපයක් බලන්න  මට ඉඩකඩ ලැබුණා. . මේ ඒ වගේ මගේ හිත ගත්ත වැඩසටහන් පහක්.  සමහර ඒවා වැඩසටහන් පෙළක් හින්දා මමත් තවම සම්පූර්ණ වැඩසටහන් පෙළම බලලා නැහැ. . ඒ හින්දා මගේ සටහන සම්පූර්ණ නැතිවෙන්න පුළුවන්. 



යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්. 

ලෝකෙ ගොඩක් රටවල් දුප්පත් වෙලා තියෙන්නෙත්, ප්‍රවාහනය වෙනුවෙන් වැඩි මහන්සියක් සහ කාලයක් ගත කරන්නෙත් ඒ ඒ රටවල් වලින් පාලනය කරන අයගේ සහ ක්‍රමවේද වල  වැරදි නිසා කියලයි මට හිතෙන්නෙ. මේ වැඩසටහන් පෙළ චරිත කිහිපයක් සහ  සිද්ධි කිහිපයක් අරගෙන රටවල් ගණනක ප්‍රවාහනය ගැන කතා කරනවා.  කැනඩාවෙන් ආධාර විදියට ලැබුණු පැරැණි දුම්රිය එන්ජින් ලංකාවේ දී නඩත්තු කරනවා වගේම ඒ ඒ රටවල කාර්මිකයන් සහ රියදුරන්  පැරණි මෝටර් රථ භාවිතයෙන් කොයිතරම් අසීරු සේවයක් සපයනවාද කියන එකත්, ඒ ඒ  රටේ ජන ජීවිතය ගැනත් බොහෝ තොරතුරු මේ වැඩසටහන් පෙළින් ඔබට දැනගන්න පුළුවන්. මේ වැඩසටහන් පෙළේවැඩසටහන් 66 ක් තියෙන හින්දා මේ ලියන මමත්  බලලා තියෙන්නේ වැඩසටහන් කිහිපයක් විතරයි.

යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.

වේගය සදහා ලෝකයේ තිබුණු තරගය හිට්ලර් ගේ පාලන සමය දක්වාම දිව යනවා. තමන් අධිරාජ්‍යය තනා ගත්තොත් ඒ  ඒ රටවලට යන්න ඔහු පාවිච්චි කරන්න බලාපොරොත්තු වුනේ දුම්රිය තමයි. ඒ හින්ද දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ලෝකයේ අධිවේගී දුම්රිය තාක්ෂණය,  සැහැල්ලු දුම්රිය තාක්ෂණය වෙනුවෙන් තිබුණු කැපවීමේ ප්‍රථිපල අද තියෙන්නේ ඉතා ඉහල තත්වයක. යුරෝපයේ , චීනයේ,  ජපානයේ  සහ දකුණු කොරියාවේ  ජනතාව අත්විඳින ඒ පහසුව  උතුරු ඇමරිකාවේ ඉන්නා අපට අහිමි වුනේ ඇමෙරිකන් මෝටර් රථ නිෂ්පාදකයින් සහ පාලකයින් එය වාහන නිෂ්පාදනය සහ ආර්ථිකයට තර්ජනයක් වෙතැයි හිතූ හින්ද. ශ්‍රී ලංකාවට එය අහිමිවී තිබෙන්නේ දේශපාලකයින් ගත් මෝඩ තීරණ හින්දයි. නිකම්ම අධිවේගී දුම්රිය ගැන කියනවාට වඩා මේ වැඩසටහන අද වන විට ඔබට දකින තත්ත්වයට අධිවේගී දුම්රිය දියුණු වූ ආකාරය හොඳින්ම විස්තර කරන වැඩසටහනක්.

යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනේ  දිගුව








Singapore Car Road Trip from London

1950 - 1970 කාලයේදී ලන්ඩනයේ ඉඳන් කොළඹ දක්වාම ගොඩබිම් මාර්ගයේ බස් සේවාවක් ක්‍රියාත්මක වුනු  බව අහලා තියෙනවා.  අද වෙනකොට නම් මිනිස්සු ගුවනින් එංගලන්තයට යනවා මිසක් බස් එකෙන් එංගලන්තෙට යන්නේ නෑ. . පහුගිය අවුරුද්දේ සිංගප්පූරුවේ ඔටෝ මොබයිල් සංගමයේ මෙහෙයවීමෙන් රථ වාහන පෙළක් රටවල් විසිතුනක් හරහා ඇවිත් දින 98 ක දී සිංගප්පූරුවට ආ ගමනේ පැයක වීඩියෝවකට කෙටි කරල තියන අපූරුව මේ වැඩසටහනින් ඔබට බලන්න පුළුවන්.









එක යුවලක් තමන්ගෙ ගමන යනවා වගේ පෙනුනත්,  සිංගප්පූරුවේ ඉඳන් නැවෙන් වාහන ලන්ඩන් වලට යවල වාහන 12 ක 33 දෙනෙක් ගිය ගමනක් හින්දා ඔබත් මේ ගමනේ අසිරිය විඳීවි. ඔවුන් කියන විදිහට මේ ගමනේදී ඔවුන් දින 21 ක්  ගත කරලා තියෙන්නේ චීනයේ අසිරිය විදිමින් ඒ  හරහා යන්න තමයි.


යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනේ  දිගුව

Singapore Car Road Trip from London  









Sri Lanka’s Tuk  Tuk Tournament by SilkyRon the road



ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් නාස් ඩේලි( NAS Daily) ඇතුළු youtube vlog නිර්මාණ ශිල්පීන් විශාල පිරිසක් මේ වනවිට යූ ටියුබයට විශාල වැඩසටහන් ගොන්නක් මුදාහැර තිබෙනවා. පසුගියදා ලංකාවේ පැවැත්වුණු සංචාරකයන් ත්‍රිරෝද රථවලින් ලංකාව පුරා යන වැඩසටහන් මාලාව අඩු වියදමකින් ලෝකය වටා සංචාරය කරන විදේශික තරුණ ප්‍රජාව ආකර්ෂණයට ගැනුණු හොඳ උත්සාහයක්. බෙල්ජියන් තරුණියක් සහ ස්කොට්ලන්ත තරුණයෙක් යූ ටියුබයට මුදාහැර තිබුණු මේ වීලොග් එක ලංකාව දිහා වෙනස් විදිහට බැලූ එකක්.




යූ ටියුබයෙන් හොයන්න පාවිච්චි කරන්න පුළුවන් නම සහ වැඩසටහනක දිගුවක්.



අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

14 comments:

  1. අපූරු වැඩසටහනක් අනුරුද්ධ. මම මේ වගේ සමහ ඒවා නම් බලලා තියෙනවා. ඇත්තටම මේවා දකිද්දී හිතෙන්නේ අපිට මොනාද අඩුවෙලා තිබ්බේ කියලා. බොහොම ස්තුතියි අපිට බලන්න ශෙයා කලාට.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. එච්චර චැනල් තියෙනවා නේ ❤️

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. NAS Daily වගේ පිටරට මෙහෙ සංචාරක කර්මාන්තයට මොකක් හරි දෙයක් කරනව. ඒකය වෙනම වෙන් වුන අමාත්‍යංශයක් තිබිලත් මොකවත් වෙන්නෙ නැති තරම්!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මම තවත් විඩියෝවකින් දැක්ක විදිහට සංචාරක අමාත්‍යාංශයේ සහයෝගය නාස් ඩේලි ට ලැබිල තියෙනවා. ඔහුගේ ග්‍රාහක පිරිස ගත්තාම ඒ වගේ කෙනෙක් සම්බන්ධ කර ගැනීම හොද දෙයක්. ඒ වගේම ඔහු ලංකාවේ දේපල වල මුදල් ආයෝජනය කරන්නත් ඉන්නවා කියල මම දැක්කා. සමාජ මාධ්‍ය වල නරක වගේම සුබවාදී දේවල් තියෙන බව අමතක කරන්න හොද නැහැ. තනි සහ යුගල තරුණ සංචාරකයින් අත ගොඩක් මුදල් නැහැ . ඒ හින්ද ඔවුන් ආකර්ෂණය කරගන්න සහනදායී මුදලට සේවා සපයන ගුවන් සේවා වගේම අඩු මුදලට හෝටල් කාමර , නවාතැන් වගේම ත්‍රීරෝද රථ වගේ කුලියට ගත හැකි පහසුකම් දිය යුතුයි. දේශපාලන පිල් නොබෙදී මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය පාවිච්චි කරන්න තිබුනෙ එහෙමයි. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු සංචාරකයින්ට උදව් කරලා කීයක් හරි හොයා ගන්න හදනවා වෙනුවට ඔවුන් ගසා කන්න දරන නිරන්තර උත්සාහ රැසක් ටුක් ටුක් ගමනේ වීඩියෝ පෙලේදී දැක්කා. ඒ ආකල්ප වෙනසත් වැදගත්. මිනිස්සුන්ගේ සුහදශීලී බව නැති කරගන්නා හැටි හරියට රත්තරන් බිත්තරය බැගින් දුන් කිකිළි මැරුවා වගේ.

      Delete
  4. මේවා අතුරෙන් ටුක් ටුක් තරගාවලිඅයට සහභාගී උන SilkyRonTheRoad යූටියුබ් චැනල් එක මමත් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ලස්සන චැනල් එකක් ...ඔවුන් දෙදෙනා තමන්ගේ හනිමූන් ට්‍රිප් එක අවුරුදු 10 ක් පුරා යනවා...හරිම ඩයිනමික් සහ එනජටික් චැනල් එකක්...

    මේ ටුක් ටුක් තරඟාවලිඅයට සහභාගී උන තවත් ගොඩක් අය තමන්ගේම යූ ටියුබ් චැනල් කරනවා...ඒවාත් ඉතා ලස්සනයි...

    ප්‍රවාහනය සම්බන්ධව පමනක් කතා කරලා තියෙන නිසා අනෙක් ඒවා ගැන කතා කරන්න යන්නෙ නෑ..

    අලුත් චැනල් කිපය්ක හොයා ගන්න දාලා තියෙන හොඩුවාවවල්ට ගොඩක් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මය්යා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබේ යූ ටියුබ් වීඩියෝ අත්දැකීම් ගැනත් ලියන්න. මා ලංකාවේ ඉන්නා කාලයේ රටේ බොහෝ ප්‍රදේශ වලට සංචාරය කරන්න ලැබිලා තියෙනවා. ඒත් අළුත් වීඩියෝ පහසුකම් එක්ක මා නොගිය තැන් ගොඩක් මේ වීලොග් වලින් දැක්කා. ඒ තුලින් මිනිස්සු ලංකාවට එන්න කැමති වුනත් මධ්‍යම සහ පළාත් පරිපාලන ආයතන හරහා රජය යටිතල පහසුකම් දියුණු කරන බවක් පේන්න නැහැ. ආරුක්කු නවයේ පාලම ලෝකයේ ඉහළ අවධානයක් යොමුවුණු තැනක්. ඒත් එතැනට යන්න තියෙන පාරෙ හැටි දැක්කම දුකයි.

      Delete
  5. වැදගත් වටිනා විස්තර එකතුවක්.
    ස්තූතිය අනුරුද්ධ .
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  6. මා ළඟ තියෙනවා Automobile Club Of Ceylon Handbook කියලා 1930 විතර ගහපු පොතක්. ඒ පොතේ තියෙනවා මීට එක් කරණ්න මසුරං ෆොටෝ එකක්. A Typical East Coast Ferry කියලා පාලම් පාරුවකින් පරණ කාර් එකක් එගොඩ කරණ! අවශ්‍ය නම් එවන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. මංජුල ඒ ෆොටෝ එක එවන්න. මෙයට එකතු කරන්න පුළුවන්. ඒ වගේම වාහන ගැන ඔබේ දැනුමත් එක්ක පරණ වාහන ගැනත් ලිපියක් ලියන්න. මම කලින් වතාවක සටහනකට ගොනුකල වැඩසටහනේ ඔබ කියන විදිහට යලි ප්‍රතිනිර්මාණය කරන පැරණි වාහන ගැන පැරණි ෆොටෝ රැසක් එකතු කර තිබෙනවා.

      Delete
  7. වටිනා පෝස්ට් එකක් හැමදාම වගේ නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා..

    ReplyDelete
    Replies
    1. සඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete