සමහර චිත්‍ර, පින්තූර වගේම කාටුන් වචන දාහකින් කියන්න ඕන දේවල් එක වචනයක් වත් නැතුව හරි තදට හිතට වද්දනවා.
අවුරුදු 60 ක් කියන්නේ සුළු පටු කාලයක් නෙවෙයි. පරම්පරාවකම ජීවිත කාලයෙන් විශාල පරාසයක් . මේ මුහුණු පොතේ මා දුටු 1960 සිට 2020 දක්වා ළමා පරපුරේ සමාජ ආශ්‍රය ගැන නිරූපණය කල චිත්‍ර පෙලක්
මේ ගැන මට ලියන්න පුළුවන් පිටු ගාණක විස්තරේ මේ චිත්‍ර ඇතුලේ තියෙනවා.
සේයාරූ - අන්තර්ජාලයෙන් - මුහුණු පොතින් සහ Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
ඔව් ඒ චිත්‍ර පෙළ මමත් දුටුවා . ටිකක් භයානකයි නේද ? මෙහෙ පාසැලක ළමයින් ගේ මොබයිල් මාස දෙකකට අරගෙන , පරියේෂණයක් කළා . ළමයි වඩාත් ප්‍රීතියෙන් හිටිය කියනවා දෙවෙනි මාසේ . ඒ වගේම වැඩ කරන ඉගෙන ගන්න එක පවා වේගවත් වෙලා .
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඔව් ඒක තමයි. අපි කොටේජ් ගියාම ඒ පැතිවලට සිග්නල් අඩුයිනෙ. ඒ වගේ වෙලාවලට ඩේටා නැතුව යොවුන් පිරිස නොසන්සුන් වෙන හැටි දැක්කාම අපේ පොඩි කාලෙ සරලකම ගැන පොඩි සතුටකුත් දැනෙනවා .
ReplyDeleteඔව් , අපිත් හිටපු ගමන් වේල්ස් වල ඈත විලේජ් වලට යනව ඉන්ටනෙට් නැති මොබයිල් කවටෙජ් නැති . ඒකෙ අමුතු ගතියක් තියනව , ළමයි කාඩ් ගහන්න සෙට් වෙනවා , වෙන සෙල්ලම් කරනවා
Delete