සංචාරකයින් වැඩිපුර නිතර නොයන තැන් වලට ගිහින් ඒ තැන් හරි අපූරුවට රූ ගත
කරනා කෞශල්‍යා සහ ප්‍රේම් වගේම හිත් ඇදගන්නා විදිහට ඒ වැඩසටහන් ඉදිරිපත් කරන කෞශල්‍යා ගේ එකතුවෙන් බිහිවන වීඩියෝ හරහා මේ තරුණ
යුවල අපව පිස්සු වට්ටවනවා. යූ ටියුබයට ගිහින් wanderlust vanlifersකියල හෙව්වොත් ඔබට ඔවුන් වෙබ්ගත කර තිබෙන සංචාරක මතක
රැසක් බලන්න පුළුවන්. අපි මීට කලින් ඔවුන් එක්ක කල වැඩසටහනේදී කිව්වා
ඔවුන් උත්තර ධ්‍රැවයට ගිය ගමන ගැන කතා කරනවා කියල
ඒ හින්ද ඔබටත් මේ අත්දැකීම සුවිශේෂ එකක් වේවි
https://www.youtube.com/@Wanderlustjiwithe
මේ වැඩසටහන තුලින් ඔබට
උත්තර ධ්‍රැවයේ නත්තල් සීයාගේ ගම
ස්වීඩනයේ අයිස් කඩාගෙන යන නැවේ අත්දැකීම
පින්ලන්තයේ අයිස් හෝටලය
උත්තර ධ්‍රැවය ජීවත් වෙන යුරෝපයේ අන්තිම ආදිවාසීන්
පිළිබද තොරතුරු දැනගන්න පුළුවන්
2024 දෙසැම්බර් 14 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි
https://rupane.com/2024/12/14/rupane-episode-430-december-14-2024/
*************************************************
ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ
සම්පත් දායකත්වය - කෞශල්‍යා එදිරිසිංහ
දර්ශන - Wanderlust Vanlifers
යූ ටියුබ් වැඩසටහන් ඇසුරින්
සංස්කරණය - පුබුදු වනිගසේකර
සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ
අධ්‍යක්ෂණය - ගොයුම් එරංග
විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා
*********************************************
2024 ජුනි මාසයේදී කෞශල්‍යා සහ ප්‍රේම් එක්ක ගිය යුරෝපා වෑන් සංචාරයේ තොරතුරැ මේ දිගුවෙන් දැනගන්න පුළුවන්
https://ahasgawwenehalokaya.blogspot.com/2024/06/wanderlust-vanlifers.html
මේ සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට ගිය හැටි
උත්තර ද්‍රැවයට යන ඒ කියන්නේ ෆින්ලන්තයට තමා යන් වෙන්නේ . ලබන වුරුද්දේ යන්න හිතන් ඉන්නව . ස්තූතියි දැම්මට
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් ගිහින් බලන්න. ඒ වගේම මතක ඇතුව සටහනකුත් ලියන්න.
Deletewanderlust vanlifers යූ බටේ දැක්කත් වීඩියෝ බලලනම් නෑ. ගොඩක් තැන්වල දෙන්න සංචාරය කරල තියෙන හැඩයි
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් ගිහින් බලන්න. ඒ දෙන්නා ලස්සන වීඩියෝ රැසක් යූ ටියුබයට එකතු කර තිබෙනවා
Delete