මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 28, 2026

කෝ ළමයි....

 





















සරාගයේ හැගුම් පොකුරු ගුලිකර එක්කොට 

නිවාඩුවට ඔබ එනවා මාව දකින්නට 

පෙරුම් පුරා බලන් ඉන්න කැමති තුරුල්ලට  

මහන්සියට නිදි වාගෙයි ගොරවයි සද්දෙට 


සද තරුවැල් වෙහෙස වෙලා රාග කලාවට 

ජනේලයෙන් ඉර එබෙනවා හොර අල්ලන්නට 

අපට හොරා උදේ වෙලා දවස පිපෙන විට 

අනේ සුමේ පටන්ගන්න වෙලාව මේ  මට 


ගේ පොඩ්ඩේ ගුලිවෙන කොට තදවි  එයයිට 

මාමණ්ඩි අහයි මීයො ඇත්දැයි යමරෙට 

නැන්දම්මා පරල වෙද්දී ළමයෙක් නැතුවට 

අනේ අම්මේ ළමයි කොහෙද සෙල්ලම් නැතිකොට  

අනුරුද්ධ වැලිගමගේ 


2026  මාර්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට












සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

6 comments:

  1. සීරුවෙන් ඉදිරිපත් කරන සෘංගාරයත්, එය යටින් දිවෙන ජීවන සටනට දියවෙන යෞවනයේත් දුක්බර කතාවත් නියමයි. විශිෂ්ඨ නිර්මාණයක්. ලෙස්ටම රස වින්ඳා.👌💐

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ අවංක ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  2. අන්තිම පදයේ සෙල්ලම කියන වචකය නිසා එතෙක් ගොඩනගාගෙන ආ සංයමය බිඳුන වගේ දැනුනා. සරල හාස්‍යමය රිද්මයක් තිබුනා නම් ගැලපෙන්න තිබුනා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ලිට් සීකර් මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මම හිරවුනු තැනත් ඒකයි. මම තාමත් එතැනට ගැලපෙන වචනයක් හොයනවා. හැබැයි කවිය මට ගෙනියන්න ඕන වුනු තැනත් ඒකයි.

      Delete