![Image result for friends tv show](https://pixel.nymag.com/imgs/daily/vulture/2016/03/24/24-friends-cover-story-1.nocrop.w1024.h2147483647.jpg)
1994 න් පටන්ගෙන 2004 දක්වා පුරා වසර 10 ක් කථාංග 236 ක් විකාශය වුණු උතුරු ඇමෙරිකාවේ තරුණ පරපුර අතර ජනාදරයට පත් කථා මාලාවක් ලෙස Friends හදුන්වා දෙන්නට පුළුවන් . ඔබ ඒ කථා නැරබු රසිකයෙක් නම් එහි සෝපාව හොදට මතක ඇති . එතකොට මේ වනවිට අතිශය ජනප්රිය Talk Show එකක් වන Ellen Degeneres show පටිගත කෙරෙන මැදිරිය . අද අපි ඔබව එක්ක යන්නේ හොලිවුඩයේ බ්ර්බැන්ක් ප්රදේශයේ තිබෙන ඒ මතක බලන්න .
අපි තාමත් ඉන්නෙ ලොස් ඇන්ජලීස් නුවර .කැලිපෝනියාවේ සුවබර කාලගුණය අතරෙ අපි තීරණය කලේ උදෙන්ම වර්නර් සහෝදරයන්ගේ චිත්රාගාර චාරිකාවේ ( Warner Bros Studio Tour) යෙදෙන්න . කලින්ම මෙය අන්තර්ජාලයෙන් වෙන්කර ගන්නත් , උදෙන්ම යන්නත් මතක තබා ගැනීම හොද වෙන්නෙ දවල් වෙනකොට චිත්රාගාරයේ සමහර මැදිරි පටිගත කිරීම් සදහා කාර්ය බහුල වුණාම නරබන්නට නොහැකි නිසා .
වෝනර් සහෝදරයන්ගේ චිත්රාගාරය ( Warner Brothers Studio)
![Image result for warner bros](https://www.discoverlosangeles.com/sites/default/files/styles/hero/public/business/warner-bros.-studio-tour-hollywood/h_2000-crm-la-lat-digital-billboard-new_2e93a81f-4a26-41b9-a705340c80e95832_633d18bf-69ca-44bf-a8ec953390613463.jpg?h=7425e3af&itok=atWkOffX)
![Image result for warner bros founders](https://images.successstory.com/adminimg/image_uploads/content_images/warnerbrothers_mar2007_1454734263.jpg)
1923 දී පෝලන්තයෙන් ඇමෙරිකාවට පැමිණි පවුලක හැරී , ඇල්බට් , සෑම් , ජැක් නම් සහෝදරවරු පටන් ගත් චිත්රාගාරය හොලිවුඩයේ චිත්රාගාර අතර ප්රචලිත වුනේ වාර්තා පිහිටවූ චිත්රපට නිෂ්පාදන නිසා . ඇමෙරිකාව පුරා ඉතා විශාල සිනමා හල් සහ චිත්රපට බෙදාහැරීමේ ජාලයක් තිබු වර්නර් සහෝදර සමාගම මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙක්. සුප්රකට NBC රූපවාහිනියත් ඔවුනගේ .
අපි කුඩා රථයට නැගුණා . නියාමකවරයා ඇතුළු 15 දෙනක් රථයේ . ඔහු තැනින් තැන ගොඩනැගිලි , විථි පෙන්වමින් එක එක චිත්රපටයේ දර්ශණ විස්තර කරනවා . දන්න අය ප්රශ්ණ අහනවා . සමහර තැනකදී අපි රථයෙන් බහිනවා . ගොඩනැගිලි ඇතුලට යනවා . බොහෝ ගොඩනැගිලි ඇතුලතින් හිස් . පිට බිත්ති නාමපුවරු විතරයි . තැනක රූපගත කිරීම් වලට අවශ්‍ය පසුතල හදනවා . අමතර ආලෝකකරණ උපකරණ සවි කරනවා . කැමරා අටවනවා . තණකොළ කපනවා , ගස් කප්පාදු කරනවා .
අපූරු ගැහැණිය ( Wonder Woman), හැරී පොටර් කථා මාලාව ( Harry Potter series) බැට් මෑන්
( Batman) , සුපර් මෑන් ( Superman) ඇතුළු විවිධ චිත්රපට සදහා භාවිතා වුණු ඇදුම් සහ උපාංග එකතුවක් තියෙන තැනකටයි අපි ඊළගට ගියේ . එතැනින් අපි යන්නේ පසුතල හදන විශාල වැඩපොලක් මැද්දෙන් . ඊළගට විවිධ මාදිලියේ ගෘහභාණ්ඩ හදන වැඩපොලක . තව ටික වෙලාවකින් චිත්රපට සදහා යොදාගන්නා වාහන වැඩපොලක් මැද්දෙන් ගිහින් අමුතුම මාදිලියේ වාහන තිබෙන ගරාජයකට යනවා . ඒවා අමුතු හැඩයේ වුණාට ධාවන තත්වයේ තියෙන ඒවා . වාහනයෙන් බැහැලා කට්ටියම ඒ වාහන ඉස්සරහින් , පැත්තෙන් ඉදගෙන සෙල්ෆි ගහන්න ෆොටෝ ගන්න පොරකනවා . ජනප්රිය ලෝකය කොච්චර පුදුමද මට හිතෙනවා .
අප ගිය දවස එලන් වැඩසටහන රූගත නොකෙරෙන දවස් කිහිපයෙන් එකක් . ඒ හින්ද අපට ඒ පසුතලය තිබෙන මැදිරිය බලන්නට ඉඩ ලැබුණා . අවසානයේ අපි ආවේ
Friends හි සෝපාව සහ පසුතලය ඇතුළු තවත් පසුතල රැසක් තියෙන ප්රදර්ශනාගාරයට La La Land චිත්රපටයේ Mia සේවය කල අවන්හල අදත් මේ පරිශ්රය තුල ක්රියාකාරීව තිබෙනවා . එක් එක් යුගයට වෙනස් වූ පිරිමි සහ ගැහැණු ඇදුම් , චිත්රපට සදහා භාවිතා වූ රූ සටහන් . පියවරෙන් පියවර චිත්රපටයක් හැදෙන හැටි මේ මධ්යස්ථානයේදී ඉගෙන ගන්න පුළුවන්.සිනමා කලාව අධ්යනය කරන කාට වුණත් මෙතැන සරසවියක් වගේ .
![Image result for la la land mia cafe](https://i.pinimg.com/originals/fe/a7/4b/fea74bd252ff53c72eae9f5c5aa65d61.jpg)
![Image result for la la land mia cafe](https://www.seeing-stars.com/Locations/LaLaLand/CoffeeShop3.jpg)
මුහුදු වෙරළ ( Los Angeles Beaches)
![Image result for malibu beach](https://images-na.ssl-images-amazon.com/images/I/71X02IO201L._SX425_.jpg)
![Image result for santa monica pier](https://www.ioes.ucla.edu/wp-content/uploads/beach-sea-people-vacation-amusement-park-park-519299-pxhere.com_-800x450.jpg)
ජනප්රිය සංස්කෘතියේ ඉහලම තැනක තිබෙන ලොස් ඇන්ජලීස් නුවර පැසිෆික් සාගරයට මුහුණලා තිබෙන නිසා දර්ශණීය වෙරළ තීරයකින් සමන්විතයි . ඒ අතරින් මේ වෙරළ ප්රදේශ 10 අතිශයින්ම ජනප්රියයි . හොද තැනක් අල්ලා ගන්නටත් , වාහනය නවත්වා ගන්නටත් උදෙන්ම යා යුත්තේ ඒ නිසා .
El Matador, Malibu, Santa Monica
north & south, Manhattan, Hermosa, Dockweiler, Venice, Zuma, Mother’s,
Redondo ඒවායි . අපගේ ගමනේදී අපට යන්නට ඉඩ ලැබුනේ Santa Monica සහ Venice යන වෙරළ තීරයන්ට පමණයි . බොහෝ ඇමෙරිකානු චිත්රපට , Beverly Hills 902010 Sunset
beach වැනි රූපවාහිනී වෘතාන්ත වලින් ඔබ මේ ලස්සන මුහුදු තීරයන් දැක ඇතුවාට කිසිම සැකයක් නැහැ .
![Image result for beverly hills 90210 in beach](https://images.fineartamerica.com/images/artworkimages/mediumlarge/2/luke-perry--tori-spelling--jason-priestley-and-ian-ziering-in-beverly-hills-90210-1990--album.jpg)
![Image result for sunset beach](https://upload.wikimedia.org/wikipedia/en/8/84/Subelogo.jpg)
මේ ගමනේදී එක්කර ගත හැකි තවත් තැන් .
·
Paramount Studios
![Image result for paramount studios](https://image.shutterstock.com/image-photo/los-angeles-ca-circa-2016-260nw-1275408493.jpg)
·
Griffith Observatory
·
Union station
·
Walt Disney Concert hall
·
Disneyland
![Image result for disneyland](https://cdn.ventrata.com/image/upload/ar_1.5,c_fill,dpr_3.0,f_jpg,w_400/v1506370830/vimwsuqqtctakrxba5r6.jpg)
·
Getty Centre
![Image result for getty centre](https://www.thoughtco.com/thmb/EfR6n2EuqHUN5_Fg_-p7xl5cWz4=/768x0/filters:no_upscale():max_bytes(150000):strip_icc()/Getty-152524697-crop-56aade5d5f9b58b7d0090919.jpg)
සංචාරක මතකයත් එක්ක අප ඔබව කැදවාගෙන යන්නේ විවිධ තැන්වලට . ඔබේ අදහස්, ප්රතිචාර , ඉල්ලීම් අපට ලියන්න . ඒ අනුව අපේ ලිපි පෙළ පෙලගස්වන්නට පුළුවන්. ඉඩකඩ සීමාසහිත නිසා අප සදහන් කරන්නේ සීමිත තොරතුරු . ඒත් අපේ ඉගි ඔස්සේ අන්තර්ජාලය පීරා ගමනට පෙර තොරතුරු සොයාගන්නත් , ඒ අනුව ගමන සැලසුම් කරන්නත් ඔබට පුළුවන් ,
ජනවාරි තුන්වැනි සතියේ ගුවන් ටිකට් පත්, මාස 3 කට පමණ කලින් ඉරිදාට නවාතැන් වෙන්කරවා ගැනීම ලාභ දායකයි . ඔබ කියවන තොරතුරු අනුව සෙනග අඩු වේලාවන් , දවස් වගේම ඒ ඒ සංචාරක පරිශ්රය බලන්නට සුදුසු වෙලාව හොයා ගැනීමත් , අන්තර්ජාලයෙන් පුර්ව වෙන්කරවා ගැනීමත් කාලයත් ,මුදලුත් ඉතිරි කරන බව කිවයුතුයි .
කාලගුණය , දේශගුණය සහ වාහන තදබදය සදහා අතිරේක වෙලාවක් තබාගැනීමත්, යම් හෙයකින් වෙනස් කරන්නට වුවහොත් අතිරේක සැලැස්මක් හිතේ තබාගෙන ඉන්න එකත් හොදයි .
සමහර භූ කලාපවලදී දුරකථන සහ චන්ද්රිකා සන්නිවේදන ක්රියාත්මක නොවෙන නිසා මුද්රිත සිතියම් , මුදල් සහ ප්රථමාධාර පෙට්ටියක් ඔබේ ගමනට එක්කර ගැනීම ගුණදායකයි .
![Image result for getty centre](https://sketchingjourney.files.wordpress.com/2013/11/getty-centre-ex-bldg-2.jpg)
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .
dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි
පිළිතුරු ලියන්නම් .
ලබන මාසයේදී කැනඩාවේ පැසිෆික් මනාලිය වැන්කුවර් දූපත බලන්නට යමු.
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
![Image result for ellen show](https://a57.foxnews.com/media2.foxnews.com/BrightCove/694940094001/2018/12/13/931/524/694940094001_5979132958001_5979114033001-vs.jpg?ve=1&tl=1)
![Image result for warner brothers studio tour california](https://res.cloudinary.com/simpleview/image/upload/crm/anaheimca/17060_image01_c5e545ad-5056-a36a-077f613c90b9f59a.jpg)
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 දෙසැම්බර් කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
![Image result for dasatha](http://dasatha.com/wp-content/uploads/2016/07/featured-img.jpg)
No comments:
Post a Comment