![Afghanistan on intimate scale in 'The Kite Runner' - The Boston Globe](https://bostonglobe-prod.cdn.arcpublishing.com/resizer/U66VA-aUk_w7yv9Ip-4TjGXiitI=/1440x0/arc-anglerfish-arc2-prod-bostonglobe.s3.amazonaws.com/public/7ZWBRUHWUQI6DPOOKJL6KM6TDQ.jpg)
ඒයි කපිලයා මාර වැඩක් උනානේ...
මොකද්ද බං උනේ?
අද මට ලෑන්ඩ් ලයින් එකකින් කෝල් එකක් ආවා. කිව්වේ මිරිහාන පොලිසියෙන් කියල.
ඉතින්?
උඹේ නම්බර් එක කියල ඇහුව මම දන්නා කෙනෙක්ද ඒක පාවිච්චි කරන්නේ කියල.
ඉතින්..උඹ මොකක්ද කිව්වේ?
මට හිතා ගන්ඩ බැරි උනා මොකක් කියන්ඩද කියල. පොලිසියෙන් කියපු හින්ද ගොන් පාට් එකක් කියල හිතන්ඩත් බෑ. හැබැයි ඉතින් උඹෙයි මගෙයි නම්බර්ස් ගැන හොයල බලන්නේ කවුරුහරි අපි වගේම අපතයෙකුට ලෑන්ඩ් ෆෝන් එකක් නොමිලේ අහුවෙලා වෙන්ඩ ඇති කියලත් හිතුන.
ඉතින් උඹ මොකක්ද කිව්වේ?
අපිට හංගන්ඩ දෙයක් නෑනේ මචං මං කිව්වා ඔව් මම දන්නවා මේ නම්බර් එකේ අයිතිකාරයා කියල.
ඊට පස්සේ?
උඹේ නම ඇහුවා. කොහෙද වැඩ කරන්නේ කියල ඇහුව? කුඩු ගහනවා නේද කියල ඇහුව...පදිංචිය කොහෙද කියල ඇහුව තව මොන මොනවද හෙන විස්තර අහනවා. මම අන්තිමට කිව්වා මම එච්චර විස්තර දන්නේ නෑ කියල.
ඊට පස්සේ?
එච්චරයි. උං කෝල් එක කට් කළා. ඇයි උඹ මොකක් හරි ගේමක් දුන්නද?
පිස්සුද මචං. මම ජීවත් වෙන්ඩ සල්ලි හෙව්වට කුඩු විකුණලා වත් මිනී මරලා වත් නෑ.
කෝකටත් ලොක්ක හොඳ නැද්ද සූදානං සරීරේ කියල හිටියොත්?
මොකට බය වෙන්ඩද අපි වැරද්දක් කරලා නැත්තං....
![Image result for kite runner book](https://cdn.waterstones.com/bookjackets/large/9781/4088/9781408824856.jpg)
![Related image](https://archive.is/mUJrT/118f2378fa3a5739a4f4db1eaec203846b0b9392.jpg)
![Image result for kite runner movie](https://screenqueens.files.wordpress.com/2015/09/kiterunner-33.png)
සරුංගල් ජීවිතේ
තිත්තවැල්ගොල්ලේ වධකයා
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
කට්ටකාඩුවේ ලොකු මල්ලී ගේ ගේ සම්පුර්ණ කතා එකතුව සදහා කට්ටකාඩුව බ්ලොග් අඩවියට යන්න .
http://kattakaduwa.blogspot.com/
![Image result for kattakaduwa blog](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYZmI_aste442digEj5VmLCdLuUhcaiX-4AcxnWP9XPU3YF_T7Sp3eMQqC8r2ANfOrDgqHXfBLVugyB31G8DelqO-3wcoubLEmNiWPeuUtuq2ppRlo5gX25mXvrNswh09O89dTDIiE9BI/s1600/Screen+Shot+2017-11-04+at+9.26.16+PM.png)
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි
ලංකාවේ බ්ලොග් කලාවට සවණ කැනඩා විකාශය කරන්නේ කියන්න වචන නැති විශිෂ්ට සේවාවක් .
ReplyDeleteබොහොම ස්තුතී !
කලණ ඔබේ ඇගැයීමට ස්තූතියි . සවන කණඩායමේ අපේ උත්සාහය අපට ඇති සීමිත සම්පත් තුලින් උපරිම යමක් කිරීම . සිංහල බ්ලොග් තුලින් මා රසවිදි නිර්මාණ රැසක් අතුරින් කිහිපයක් කියවන කෙටි කථා අහන කෙටිකථා බවට හැරවීමේ සදහා අප ගත් උත්සාහය අගය කිරීම සතුටක් . ඔබේ නිර්මාණකරනයටත් ජයවේවා .
Deleteඔබ තුමන් ඇතුළු සවණ කැනඩා විකාශයේ සියලු දෙනාගේත් බලාපොරොත්තු ඉටු වේවා .
Deleteකලණ හැමදාමත් වගේ ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි .
ReplyDelete