![Image result for whistler bc](https://assets3.thrillist.com/v1/image/2794666/size/gn-gift_guide_variable_c.jpg)
![Image result for whistler bc olympics event](https://www.whistlerreservations.com/wp-content/uploads/olympic-rings-660x438.jpg)
රටවල්
82 ක් ක්රීඩක ක්රීඩිකාවන් 2566 දෙනෙක් හිම ආශ්රිත ක්රීඩාවන් 7 ක ඉසව් 86 කට සහභාගී වූ 2010 ලෝක ශීත ඔලිම්පික් උළෙල පැවැත්වුණේ වැන්කුවර් නගරයේ සිට කිලෝමීටර් 125 ක් උතුරින් පිහිටි විස්ලර් (Whistler) නගරයේදී . වසරකට මිලියන 10 කට අධික සංචාරකයින් පිරිසක් යනෙන හිමෙන් වැහුණු කදු මුදුන් සහිත විස්ලර් නගරය විශේෂයෙන්ම ශීත කාලයේදී සහ වසර පුරා සංචාරයට සුදුසු කැනඩාවේ බලන්නට අමතක නොකල යුතු තැනක්.
![Image result for sea to sky highway](https://media1.fdncms.com/pique/imager/u/original/11807268/n-highway-winter-tires-2440-web.jpg)
රිච්මන්ඩ්
නගරයේ අපේ නවාතැනින් අපි උදෙන්ම පිටත්වුනේ පැය එකහමාරක දෙකක ගමනක් තියෙන හින්ද. අපේ ගමන් මග බ්රිටිෂ් කොලොම්බියා අධිවේගී මාර්ග අංක 99 එහෙමත් නැත්නම් Sea to Sky
Highway හරිම ලස්සන පාරක් . ඉඩ පාඩු තියෙනවා නම් නැවති නැවතී බලන්නට
වටින දසුන් එමටයි . අපේ ගමනාන්තය විස්ලර් නගරය . ගිම්හානයේ හිම අඩුවෙන් පෙනුණත් හරිම ලස්සන පලාතක් . ටිකක් වැඩිපුර වියදම් කරන්න පුළුවන් නම් සංචාරක දුම්රියේ ගිහින් කදුවල රුව ගුණ බලන්නට පුළුවන් .
![Image result for whistler bc summer](https://www.whistlerreservations.com/wp-content/uploads/WR-Whistler-Summer-e1403483901246-660x353.jpg)
විස්ලර් ඔලිම්පික් ගම්මානය
( Whistler Olympic Village)
අපි
ඔලිම්පික් ගම්මානයට ආවා . මීට කලින් සංචාරයක මතකය තුලින් ඔබව ගෙනගිය කුවිබෙක් පළාතේ Mont Tremblant අපේ
සිහියට ආවා . ශීත කාලයට හිම ක්රීඩාවල යෙදෙන අය ගෙනයන උපාංග වෙනුවට
මවුන්ටන් බයිසිකල් ගත් අය කදු මුදුන් වලට යන්න පෝලිම් ගැහිලා . 2010 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් හිම ක්රීඩාවල අසිරිමත් රූපවාහිනී දර්ශන මේ ඉස්සව්වට යන්න උත්ප්රේරකයක් වූ බව කිව යුතුයි .
2010 ඔලිම්පික්
සංකේත සටහන Ilanaaq තිබෙන
විස්ලර් කදු මුදුනට යන්න අපි විස්ලර් ගම්මානයේ ගොන්ඩෝලාවට ගොඩවුණා . අපි ටිකෙන් ටික අහසට නැගෙනවා . කදු මුදුන්වල ඉදන් මවුන්ටන් බයිසිකල් වලින් වැඩ දමමින් එන අය අපට පේනවා . සමහරු කදු නගිනවා .( Hiking) තවත් අය දුරට යන කේබල් වල එල්ලිලා පහලට රූටනවා ( Ziplining) . වලාකුළු අද්දරදි අපි ඒ ගොන්ඩෝලාවෙන් බැහැලා ගිම්හානයේ දීත් හිම තියෙන කදු මුදුන් පසුබිමට අරගෙන ඔලිම්පික් සංකේතය එක්ක සෙල්පි ගහන්න පටන් ගත්තා .
![Image result for whistler gondola](https://www.skicanada.org/wp-content/uploads/2014/02/Whistler-gondola.jpg)
කදු මුදුන් අතර ගොන්ඩෝලාව ( Peak to Peak Gondola)
විස්ලර්
කන්දේත් , බ්ලැක්
කෝම්බ් ( Blackcomb)
කන්දේත් මුදුන් වෙත වෙන වෙනම ගොන්ඩෝලා සේවා 2 ක් ක්රියාත්මක වෙනවා . 1997 දී ඒ සමාගම්
2 කේ ප්රධානීන් ස්විට්සර්ලන්තයේ
Zermatt නගරයේ
කල සංචාරයකට පස්සෙ ආපු අදහස තමයි මේ කදු මුදුන් 2 ක හරහා ගොන්ඩෝලාවක්
පටන් ගන්න එක .
සුවිසල්
කුළුණු 4 ක් සහ දෙකොන කදු මුදුන්වල සවිකල දැවැන්ත ආධාරක අතරින් ස්විට්සර්ලන්තයේ හෝ ඔස්ට්රියාවේ වැනි යුරෝපා සංචාරයක හැගීම් දනවන රතු පැහැති කුටි 28 ක් කිලෝමීටර 4.4 ක් දුරක් දෙපැත්තට යනවා . එක පැත්තකට ගමන් කාලය විනාඩි 11 ක් . මගීන් 28 දෙනෙකු දැරිය හැකි ඒවා අතුරින් 2 ක් වීදුරු පතුල් ඇති ඒවා . ඒවායේ යන්න නම් දැඩි හිතක් සහ දරා ගැනීමක් අවශ්‍ය වෙනවා . පැද්දෙන කොට වගේම සමහර වෙලාවට මැද නතර වෙලා තියෙන කොට නම් පොඩි බයකුත් දැනෙනවා . පැයකදී මේවායින් එහා මෙහා කරන පිරිස 4100 දෙනෙක්. ඔබට වියදම් කරන්නට පුළුවන් නම් කදු මුදුනේදී හෙලිකොප්ටර් චාරිකාවක යෙදෙන්නත් පුළුවන් .
![Image result for whistler gondola](https://images.vailresorts.com/image/upload/c_scale,dpr_3.0,f_auto,q_auto,w_300/v1/Whistler%20Blackcomb/Products/Explore%20the%20Resort/Activities%20and%20Events/Summer%20Activities/SummerActivities_FamilyP2P_600x360.jpg)
Whistler ක්රියාකාරකම්
![Image result for whistler skiing](https://images.vailresorts.com/image/upload/c_scale,dpr_3.0,f_auto,q_auto,w_500/v1/Whistler%20Blackcomb/Products/Snow%20School/WB%20Snow%20School%20Landing%20Pages_0008_Family%20Private%20Lessons.jpg)
![Image result for whistler mountain biking](https://images.vailresorts.com/image/upload/c_scale,dpr_3.0,f_auto,q_auto,w_400/v1/Whistler%20Blackcomb/Products/Explore%20the%20Resort/Activities%20and%20Events/Mountain%20Bike%20Park/Bike%20Shop/hours-of-op2.jpg)
![Image result for whistler zip lining](https://www.adarahotel.com/wp-content/uploads/2015/11/JJ015415-e1447872692809-1080x675.jpg)
![Image result for whistler atv](https://www.canadianwilderness.com/wp-content/uploads/2018/01/atv-whistler-backcountry-min.jpg)
ශීත
කාලයට හිම ක්රීඩාවල යෙදෙන අයගේ පාරාදීසයක් වන මේ නගරය ඒ සදහා වන සියළු පහසුකම් වලින් සමන්විතයි . ඔබට අවශ්‍ය සියළු උපකරණ , උපාංග කුලියට ගන්නත් , මග පෙන්වන්නන් , පුහුණු කරුවන් සේම නවාතැන් පහසුකම් මෙහි ඒමට තිබෙනවා . කැනඩාවේ පමණක් නොව ලොව දස දෙසින් පිරිස් මෙහි ඇදී එන්නේ ඒ නිසා . ගිම්හාන කාලයට මෙහි කල හැකි ක්රියාකාරකම් රැසක් ද තිබෙනවා . කදු නැගීම , මවුන්ටන් බයිසිකල් පැදීම සහ
Ziplining ඒ අතර වෙනවා . ඊට අමතරව කදු මුදුන්වල සිට ගලා හැලෙන දිය පහරවල බෝට්ටු පදින්නත් , ATV රථයක නැගී ත්රාසජනක ගමනක් යන්නත් පුළුවන් .ගොල්ෆ් ක්රීඩාවේ යෙදෙනවා නම් ඊට අවශ්‍ය පහසුකම් ද පවුලේ සැමට නිවී හැනහිල්ලේ ඉන්නට පුළුවන් උද්යාන රැසක් ද මේ ප්රදේශයේ තියෙනවා . රෑ බෝවෙන කොට අපි ආපහු නවාතැනට එන්න වාහනයට නැග්ගා .
![Image result for whistler white water rafting](https://cdn.whistler.com/s3/url/activities/rafting/slider/4.jpg)
Sea to Sky Highway අතර බලන්නට වටින තැන්
·
Brandywine Falls
![Image result for brandywine falls whistler](https://2z1ckk1g5pvl3d6zpyvoyhy1-wpengine.netdna-ssl.com/wp-content/uploads/2016/02/brandywine-waterfall-1-1060x596.jpg)
·
Squamish
![Image result for squamish falls](https://www.exploresquamish.com/files/dmo_events/lead/gabby.jpg)
·
Sea to Sky Gondola
·
Shanon Falls
·
Porteau Cove
![Image result for capilano suspension bridge park](https://images.glaciermedia.ca/polopoly_fs/1.23478561.1540681504!/fileImage/httpImage/image.png_gen/derivatives/landscape_804/canyon-lights.png)
Capilano suspension bridge park
අද දවසේ අපි යොදාගත්තේ කෙටි ගමනක් . මේ අපේ නවාතැනේ ඉදන් පැය බාගෙක විතර දුරකින් තිබෙන පරිසර පද්ධතියක් . ස්වදේශීය Squamish වරුන් ලස්සන ගග අරුතින් කියූ Kia’ palano වලින් බිදුණු වදනක් විදිහට Capilano හදුන්වන්න පුළුවන් .
![Image result for george grant mackay](https://i.pinimg.com/originals/e7/b0/07/e7b0077bc7c4a551bea210e8e50c3983.png)
1888 දී George Grant Mackay සිවිල් ඉංජිනේරුවරයා මිලට ගත් අක්කර 6000 ක බිම් කඩට අයත්ව තිබු මෙය කලින් කලට විවිධ පුද්ගලයින් අතට පත් වුනා . මුලින්ම ගග හරහා කුඩා වැල් පාලමක් තිබුණු අතර කලින් කලට දියුණු වී අද පවතින තත්වයට ආවේ 1983 දී මිලදී ගෙන සංවර්ධනය කල Nancy Stibbard නිසා . රොකී කදු කලාපයේ ඉතා සාර්ථක සංචාරක ව්යාපාර ප්රවර්ධිකාවක් වන ඇය යටතේ අද වනවිට අති විශාල පිරිසක් යනෙන තැනක් .
මේ උද්යානය තුල පැය ගණනක්ම ගත කරන්නට දේ තිබෙනවා . ගස් උඩින් යන පාලම් අතරින් ගහ කොලේ පුසුබ විදින්නටත් , උතුරු ඇමෙරිකාවේ තිබෙන
විශාලතම Totem Poles. එකතුව බලන්නටත්, ගං ඉවුරේ අග්ගිස්ස දිගේ ගමනක් යන්නත්
ඔබට පුළුවන් . පෞද්ගලික දේපලක් වන මෙහි අයකිරීම් තරමක් වැඩි වුනත් වැන්කුවර් නගරයට එන සංචාරකයින් මෙය බලන්නට යන්නේ එහි ඇති අපුර්වත්වය නිසා .
![Image result for george grant mackay](https://twistedsifter.files.wordpress.com/2012/05/capilano-suspension-bridge-in-vancouver.jpg?w=800)
![Image result for george grant mackay](https://montecristomagazine.scdn7.secure.raxcdn.com/wp-content/uploads/2014/05/Edit_062.jpg)
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා විද්‍යුත්
ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා
ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම්
![Image result for phoenix arizona](https://www.storagewest.com/wp-content/uploads/2018/02/Arizona-desert-566x377.jpg)
හිරු
නිම්නයේ ගෙවුණු දවස් දෙකක් එක්ක …… ඊළග මාසයේදී හමුවෙමු .
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 මාර්තු කලාපයේ පලවිය
.![Image result for dasatha publications](http://dasatha.com/wp-content/uploads/2016/07/cropped-cropped-headerTrans-1-1.png)
![Image result for dasatha publications](http://dasatha.com/wp-content/uploads/2016/07/cropped-cropped-headerTrans-1-1.png)
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
No comments:
Post a Comment