![Image result for migrated family in canada](https://www.canada.ca/content/canadasite/en/immigration-refugees-citizenship/services/immigrate-canada/family-sponsorship/_jcr_content/par/adaptiveimage/image.img.jpg/1526503229531.jpg)
සීඑන්
කුළුණ මුදුනත රැදි ඒ අහසේ
පොල්
රුප්පාව ඉහලින් ඇති සදමයි මැවුනේ
ඔන්ටාරියෝ
විල් දිය පිස එන සුළගේ
කලාවැවේ
නිල් දිය පුසුබයි දැනුනේ ....
පියබා
දහස් ගව්දුර මේ හිම කතරේ
ඉසුරු
සොයා අප හැම පියවර මැන්නේ
නෑදෑ
කිසිත් නැති මේ සුවිසල් නගරේ
හීන්
ඉකිබිදුම නෑ කාටත් ඇසුනේ
හිරු
සදු පරපුරක් නැති තනිවුණු නගරේ
දැනුමේ
පැන් කලය ඇති පදමට ඉතිරේ
පෙර
කල පටන් රැකි ගුණදම් අතරේ
පුතුනි
ඔබ නිසයි මේ දුක උහුලා ඉන්නේ
අනුරුද්ධ වැලිගමගේ
![Image result for cn tower](https://media.cntraveler.com/photos/5b2c0684a98055277ea83e26/4:5/w_767,c_limit/CN-Tower_GettyImages-615764386.jpg)
සේයාරූ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
No comments:
Post a Comment