මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Tuesday, November 12, 2019

කේතුමතියේදී හේමසිරි හමුවෙමු .


මට නමින් කතා කරන්නට හැකි තරම් ලෙන්ගතු පිරිස් අතරේ තබන්නට බැරි කෙනෙකු ගැන මෙවන් සටහනක් තැබුවේ කියවන ඔබේ අවධානය පිණිසයි.

මට ප්‍රවීණ මාධ්‍යවේදී හේමසිරි කුලරත්නයන් හමුවීමේ කපුකම කරන්නේ කැනඩාවේ අප සමග ජීවත්වන ප්‍රවීණ ගුවන් විදුලි සම්පාදක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ලක්හඩ ගුවන් විදුලියේ සහ ස්වාධීන රුපවාහිනියේ ප්‍රබල චරිතයක් වූ වසන්ත ලංකාතිලකයන් විසිනි. ඒ ප්‍රවීණ ගීත රචක දෙපලක් වන සුනිල් සරත් පෙරේරා සහ ලූෂන් බුලත්සිංහල යන් ගැන අප රූපණ අන්තර්ජාල රූපවාහිනිය වෙනුවෙන් කල නොමැකෙන ගී රස වැඩසටහනේ ලංකාවේ පටිගත කිරීම් සහ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙනි.




ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විවිධ වැඩසටහන්, විශේෂයෙන්ම පරිසර වැඩසටහන් කල හේමසිරි කුලරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගොස් සිටියද තවමත් මාධ්‍යය අතහැර නැත්තේ ඒ ගැන ඔහුට ඇති අපරිමිත දයාව නිසයි. තිරයෙන් පිටත වැඩ කටයුතු රැසක් ඔහු ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් කරන ඔහු රේඩියෝ මතක නම් පොතේ කතුවරයා ද වේ.





Radio මතක පොතින් සහ කතා බහින් අප නොදන්නා ඔහුගේ අත්දැකීම් බ්ලොග් පිටු හරහා ජනගත කරන්නට මම ඔහුට කාරුණික ඇරයුමක් කලෙමි. කේතුමතී එහි ප්‍රතිපලයයි.

ඔහු ගැන නොදත් දෑ දැනගන්නා අතරේම එතුලින් අප සැමට බොහෝ දේ ඒ ජීවන සටහන් තුලින් කියවන්නට හැකිවේවායි බලාපොරොත්තු වෙමු.

කෙතුමතියේදී තවත් දේ කියවමු, ඔබට සුබ පැතුම්


https://kethumathiweb.blogspot.com/

1 comment:

  1. හොඳ අදහසක්. මේ කියන්නේ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් නේද

    ReplyDelete