මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 11, 2020

සුවද හමන අවුරුදු ...... ගීත.....අනුරුද්ධ වැලිගමගේ

Image result for sinhala avurudu"
සටහන .......

මෙවර කොවිඩ් වසංගතය නිසා සාමාන්‍ය පරිද්දෙන්  අවුරුද්ද සමරන්නට ඉඩක් නොලැබෙතත් ඒ ගැනම නොසිතා  සිතුවිලි සුබවාදී කරගන්නට මෙය අත්වැලක් වෙතැයි බලාපොරොත්තු වෙමි.
අපේ ආකල්ප සහ සිතුවිලි ප්‍රබල වනවිට ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල යන බවක් කියවා තිබේ .
මේ කාලයේ ඔබේත් පවුලේත් , රටේ අනෙකුත් පුරවැසියන්ගේත් යහපත තකා නිවෙසට වී
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදීම යෙහෙකි.


සුවද හමන අවුරුදු ....
බක් මහ අසිරිය මැවූ
හෙල අවුරුදු යලි සිහිකර
මතකය එයි නිරතුරු


කැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....
කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....
දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....

සුවද හමන අවුරුදු .... බක් මහ අසිරිය මැවූ .......//

රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....
වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....
උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......
ආයෙත් ඒවිද අපහට කවදාවත් ......

සුවද හමන අවුරුදු .... බක් මහ අසිරිය මැවූ .......//

වටයක් කැරකී හිරුවට ලොකු රවුමක්....
ලබනා දවසට සරුවෙයි හැම නිවසක් ......
පවුලේ හැමදෙන එක්වෙන එක මොහොතක් ......
ආයෙත් ඒවිද ඒ වගෙ අවුරුද්දක් ........

සුවද හමන අවුරුදු .... බක් මහ අසිරිය මැවූ .......//

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් ///

අනුරුද්ධ වැලිගමගේ

Image result for sinhala avurudu"

2017 සිංහල අවුරුදු සතියේ කැනඩාවේ රූපණ අන්තර්ජාල රුපවාහිනියේ වෙබ් ගත වූ
ජයේ මාමාගෙන් අහන්න වැඩසටහන වෙනුවෙන් ලියැවුනකි .

සංගීත නිර්මාණය - සුනිල් ජයසිරි
ගායනය - සුනිල් ජයසිරි සංගීත ආශ්‍රමයේ දරු දැරියන්


මා සකස් කල ආධුනික වීඩියෝව මෙතැනින් බලන්න

Image result for sinhala avurudu"
සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images 
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

2 comments:

  1. ලස්සන ගීයක්... එළඹෙන අවුරුද්දේ ඔබටත් පවුලේ අයටත් නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. මිතිල ඔබේ වචන සහ දිරිගැන්වීම හරි වටිනවා. ඔබටත් පවුලේ සැමටත් සුබ අළුත් අවුරුද්දක් සහ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා.

      Delete