මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 9, 2021

හ්ම්.... හ්ම්.... කිරිඅත්තේ .........අනුරුද්ධ වැලිගමගේ ....රුපවාහිනී ළමා ගීත.....

 



ඇටබ ගහේ උඩ අත්තේ

 හරි හරියට ඉද ගත්තේ

රෑ පුරාම හ්ම්… හ්ම්….

දවාලේ නැහැ නොව දැක්කේ

 

දවල්ට නුබ නිදියනවද

 හිරු කුමරුන් එරෙව්වාද

කියන්න මට දැනගන්නට

 හ්ම්… හ්ම්…..කිරි අත්තේ

 

අසුබලු උබ කාගැහමුව

 අම්මා කියනව ඇහුනා

උබව දැකලා රෑ ජාමෙක

 පුංචි අම්මා බයවීලා

 

ගොරෝසු කටහඩ අහලා

 පුංචි ළමයි බය වෙනවලු

පුංචි ළමයි බය කරන්න

එපා හ්ම් කිරි අත්තේ

 

අනුරුද්ධ වැලිගමගේ    

 1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශය දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


19 comments:

  1. අර මූකලං බස්ස ගැන සිංදුත් ලියනව. අපිට තමා මුකුත් නැත්තෙ. 😌😌😌

    ReplyDelete
    Replies
    1. ඔහොම හිටිං, ලියාවි.🤣

      මේං මගේ අලුත්ම පොටෝ කෑල්ලක්. හොඳයිද, ඈ?
      https://www.featheredphotography.com/blog/wp-content/uploads/2012/07/burrowing-owl-9440-ron-dudley1.jpg

      ඔව්, ඔව් ඔය ඉස්සරහින් ඉන්නෙ මම තමා. ආ, පිටි පස්සෙන් ඉන්නෙ අපෙ හිච්චි මාමාගෙ පුතා.

      Delete
    2. ආ... අඹතලේ පුංචි අම්මා.

      Delete
    3. පැරණි බ්ලොග් රචකයෙක්. ආයෙ ලියනවා. ලස්සන මතක සටහනක්
      https://katusuhadawatha.blogspot.com/2021/10/blog-post.html

      ආ ඔය ඉන්නෙ බකුසුමොටාගෙ හිච්චි මාමාගෙ පුතා තමයි. ම්හු...හපුතලේ කියලයි කිව්වෙ.

      Delete
    4. ඔව් ඔව් ලගදීම ලියාවි. ස්තුතියි ගොඩ වුණාට

      Delete
  2. Replies
    1. එයැයි කවි කියන්න කැමති නෑ. පරණ පුස්කොල පොත්, ඕල්ටර්නේට් හිස්ටොරිකල් නවකතා ගැන තිව්න නං, ආන්න දාවි කෙමෙන්ට් හොම්බෙන් යන්න?😂🤣

      Delete
    2. තව දේවල් තියනව

      Delete
  3. එකතු කල රූප වලටත් , යොමු වලටත් ස්තුතියි.

    ReplyDelete
  4. හ්ම්.. හොඳයි නොවැ. යන්නට all program> accessories> system tool > character map. නැත්තන් search කොරන්න character map කියල. එක අරං ඕන අකුරක් ගහන්න අනුරුද්ධ තුමෝ

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ උපදෙසට ස්තුතියි. මම ෆොන්ට්ස් කිහිපයක් එක්ක වැඩ කලා. ඒත් සිංග්ලිෂ් වලට ගූගල් ආදාන මෙවලම තරම් එකක් හරි ගියේ නැහැ. ආයෙත් වතාවක් බලන්නම්.

      Delete
  5. ඔබගේ මෙම ලිපිය දැක මා පෝස්ටුවක් ලිවීම ඇරඹිමි!

    ReplyDelete
  6. බස්සෙක් නේද , මරුනේ

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete