මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 23, 2021

අමයුරු කවි රස 7 - සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ...........

 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ගැන

ඒ සදහා අප ඉදිරිපත් කරන්නේ  සැළලිහිණි සංදේශය, හංස සංදේශය සහ ගිරා සංදේශයෙන් උදාහරණ කිහිපයක්  


සැළලිහිණි සංදේශය

හංස සංදේශය

ගිරා සංදේශය


සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා 

සැළලිහිණි සංදේශය, හංස සංදේශය සහ ගිරා සංදේශයෙන්


https://rupane.com/vimeo-video/rupane-episode-234-march-06-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා -  ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා, ලියෝනි අමරතුංග සහ අයේෂා චන්ද්‍රරත්න      

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ   සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව


http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි














10 comments:

  1. සංදේශ කාව්‍ය පිලිබඳ "රූපන" වැඩ සටහන ඉතාමත් අශාවෙන් බැලීමි. මෙය ඇසීමත් සමග මා හට වසර 65 ක පමණ අතීතයේදී අපොස සාමාන්‍ය පෙළ ( ඒ කාළයේ SSC ) පන්තියේ සිංහල සාහිත්‍ය පාඩමකදී අත්විඳි රසවත් සිද්ධියක් සටහන් කිරීම යෙහෙකැයි සිතුණි. එම සිද්ධිය හංස සංදේශයේ 'දියකෙළි වැණුම්' වලට අදාලය. මේ සම්බන්ධයෙන් මා විසින් කළකට පෙර ලියන ලද Blog සටහනක් මේ Link හරවා කියවා රස විඳින්න.

    https://dayawee2.blogspot.com/2017/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ බ්ලොග් දිගුවේ කථාවත් හරිම ආසාවෙන් කියෙව්වා. අපේ උත්සාහය කවියේ රස තුලින් ප්‍රේක්ෂක පිරිස තුල තවත් කවි කියවන්නටත් , එතුලින් ජීවිතය දකින්නටත් දිරියක් දෙන එකයි.

      Delete
  2. මේ දවස් වල බිසී. වැඩ සටහන් මාලාව කියෙව්වා. ඉතා අගෙයි. වෙලා තියෙන වෙලාවක තව සති දෙක තුනකින් පමණ ඇවිත් අහන්න හිතන් යනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්, ඉඩ තියෙන වෙලාවක බලන්න.

      Delete
  3. බුදු අම්මෝ! කොහොමද බං මේවාට කමෙන් දාන්නේ! මම නම් කියවලා තියෙන්නේ අපේ තාත්තා ලඟ තිබුනු "කපුටු සංදේශය" විතරයි!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
  4. බොහෝදේ දැන කියාගත්තා..ස්තූතියි

    ReplyDelete
  5. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ වැනි කිවිදියන්ට සංදේශ කවි රටා ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete