මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, December 17, 2021

අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි…….

 

ඉතාලි සංචාරයක මතකය 5.


අපි තාමත් ඉන්නෙ ඉතාලියෙ . අපේ සංචාරක බස් රථය යන්නෙ සියෙනා නගරයට . ටිකෙන් ටික නගරයෙන් ඈත්වුණු අපි මිදිවතු සහ අනෙකුත් ගොවිපොල මැද්දෙන් දිවෙන අධිවේගී මාර්ගයෙන් ගියේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සියෙනා බලන්න . ඉතාලියේ වයින් සදහා ප්රසිද්ධ ටස්කන් කලාපය හරහා අපේ මාර්ගය වැටී තිබුනා . ඉතිහාස කථාවලට අනුව රෝමය තැනු සහෝදර දෙපලගේ පුතුන් සියෙනා නගරය ඇරබු බවයි කියන්නේ. ඒත් මේ වෙනකොට මේ නගරය ප්රසිද්ධ වෙලා තියෙන්නෙ සෑම වසරකම ජුලි 2 වැනිදා සහ අගෝස්තු 16 වැනිදා පැවැත්වෙන Palio අශ්ව රේස් හින්දයි . අපට මේ තරග සදහා අශ්වයින් දුවන ධාවන පථය සකස් කරනවා දකින්නට ලැබුණා . ඒත් පුළුවන් කමක් තියෙනවා නම් ඉතාලියේ විවිධ ප්රදේශවලින් තරග කරුවන් පැමිණෙන මේ උත්සවය බලන්න ඔබේ ගමන සැලසුම් කරගන්න පුළුවන්

Piazza Del Campo

සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්.

Siena Cathedral

1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්.

Torre Del Mangia

සියෙනා නුවර තිබෙන සුවිශේෂී සංකේතයක් වන මේ කුළුණ පිහිටා තිබෙන්නේ නගර ශාලාවේ මැද්දට වන්නටයි . පඩි 400 ක් නැග ගිය විට ඔබට දකින්නට ලැබෙන දසුන හරිම ලස්සන එකක් 

සියෙනාවට යන කවුරුත් වගේ කන විශේෂ කෑම 2 ක් තියෙනවා . ඉන් පළමුවැන්න Pici කියන පැස්ටා විශේෂය . Pepper & cheese හරි Tomato sauce  එක්ක හරි කන ඒක Spaghetti වලට වඩා තරමක් විශාල එකක් .දෙවැන්න Ricciarelli. කියන අතුරුපස . ඒක Almonds දාල සම්ප්රදායික විදිහට හදන cookie එකක්.


අපේ ගමනෙදි සියෙනා වලින් අපි ඊළගට ගියේ වැනිසියටයි. ගැන අපි පහුගිය මාසෙ කියැවූ හින්ද ඊළගට යන්නේ මිලාන් වලටයි . ඇත්තටම කියනවා නම් මේ නගර දෙක අපේ ගමනේ අතරමග නැවතුම්පල දෙකක්

Milan (Milano)

මිලාන් මේ වෙනකොට ජනප්රිය වෙලා තියෙන්නෙ ලෝකයේ විලාසිතා නිර්මාණකරණයේ අග නගරයක් විදිහටයි . විලාසිතා වලට අමතරව මිලාන් වලට ගියොත් ඔබට බලන්නට පුළුවන් තැන් රැසක් තිබෙනවා.

Milan Cathedral ( Duomo Di Milano)


කුළුණු
135
ක් , කිරිගරුඩ ප්රතිමා 2000 කට වඩා වැඩි ප්රමාණයක් සහිත මේ පල්ලියේ වහලයේ තිබෙන සොල්දර අතරින් ගිහින් හැඩ බලන්නට පුළුවන් . ඉතාලියේ තිබෙන විශාලතම පල්ලිය විදිහට හැදින්වෙන මේ පල්ලිය අගනා කලා නිර්මාණයක් . මේක ඉදිරිපිට චතුරශ්රය කොයි වෙලාවෙත් සෙනග පිරිලා තියෙන තැනක්.රැස්වෙන දහස් ගණන් පරෙවියන්ට කෑම දෙන්නත් ඉදිරිපිට තිබෙන මනරම් ප්රතිමාව ඉදිරියේ ෆොටෝ ගන්නත් ඔබට පුළුවන්.

Galleria Vittorio Emmanuele II


19 වන සියවසේ ඉදිවුණු මේ සුපිරි වෙළද සැලේ සමහර කඩ අවුරුදු 150 ක් විතර පරණයි . විලාසිතා ලෝකයේ දැවැන්තයින් දැකගන්න හොදම තැනක් කියල කියන මේ පරිශ්රයේ ලෝකයේ ඉතාමත්ම ජනප්රිය විලාසිතා නාම ඇතුලත් වෙළදසැල් රැසක් තිබෙනවා.

La Scala Opera

මිලාන් පල්ලියට වම්පසින් තිබෙන මේ ගොඩනැගිල්ල විශාල නාට් ශාලාවක් . එහි පිටත මෙන්ම ඇතුලත තියෙන කැටයම් ඉතාලි නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් මොනවට කියා පානවා. 1778 දී ඉදිවුණු මෙය ලෝකයේ ඇති අතිශය ජනප්රිය රංග ශාලාවක්.

Sforzesco Castle & Sempione park

Castello Sforzesco 14 වන සියවසේදී ඉදිවුණු සුවිසල් මන්දිරයක් . අප යන කාලයේ ප්රතිසංස්කරණ කටයුතු කෙරෙමින් පවතී මෙහි එක් පසෙක තිබෙන සාම කුළුන සුවිශේෂී එකක් . මෙහි ඉදිකිරීම් සදහා භාවිතා කර තිබෙන්නේ ලංකාවේ ගඩොල් වැනි ද්රව්යයක් . මේ වනවිට මේ මාලිගයේ කොටස් කෞතුකාගාර , කලාගාර සහ පුස්තකාලයක් විදිහට ජනතා සේවයට යොදවා තිබෙනවා . Fontanadi piazza castello මේ උද්යානයේ තිබෙන සුවිසල් අලංකාර වතුර මලක්.

ඉතාලිය සුවිසල් සහ සංචාරක ස්ථාන රැසක් තිබෙන රටක් වුණත් අපට යන්නට පුළුවන් වුනේ තැන් කිහිපයකට පමණයි . වගේම අප මේ සංචාරය සදහා භාවිතා කලේ යම් සංචාරක ආයතනයක් සංවිධානය කල සංචාරයක් නිසා අපට ඔවුන් ආවරණය කරන තෝරාගත් නවතුම්වල යම් සීමාසහිත කාලයක් තුල සංචාරයන් නිමා කරන්නට සිදුවූ බව කිවයුතුයි . ඒත් වාහන තදබදයෙන්, වාහනය නවත්වන්නට තැන් හොය හොයා නාස්ති කරන කාලයෙන් මිදී නියම තැන්වලට තදබදය අඩු වෙලාවලට යන්නට ඔවුන්ගේ පලපුරුද්ද වාසියක් වූ බව කිව යුතුයි. කොහොම වුණත් කුලියට ගත් රියක තමන්ගේ තාලයට ගිහින් මේ තැන් රස විදින්න ඔබට බැරිකමක් නැහැ


මිලාන් වලින් අපි බස් එකට නැග්ගෙ ස්විස්ටර්ලන්තයට යන්න . යුරෝපයේ මුදුනට කෝච්චියෙන් ගිය හැටි එක්ක ලබන මාසයේදී හමුවෙමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්



කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2021 නොවැම්බර් කලාපයේ පලවිය.    


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



4 comments:

  1. අපට යන්නට පුළුවන් වුනේ තැන් කිහිපයකට පමණයි. - ඔය ගියපු ටිකත් මදෑ..
    කෑම දැකල කටට කෙලත් ඉනුවා. Milan Cathedral එකනම් ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඇත්තටම කෑම රසයි. ඒ වගේම යන්න පුළුවන් වුනේ ඉතාලියෙන් කොටසකට පමණයි.

      Delete
  2. ඉතාලිය මනරම්. කෑමත් ඉහලම රසයෙන්

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. වෙලාවක ආයෙමත් යන්න හිතාගෙන ඉන්නවා.

      Delete