මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 9, 2023

ගී ලියමු ගේය පද සංචිතය.






විනෝදාංශයක් විදිහට නිර්මාණකරණයේ යෙදෙන මම , එච්චර මම කරන දේ ගැන කතා කරන්න කැමති නෑ.  ඒත් මගේ ලියැවිලි ගැන කියවන අනිත් අයගේ අදහස් දැනගන්න , අහන්න ආසයි. ඒ  කියවන ඔබේ අදහස් ,මගේ ඉදිරි නිර්මාණ සරු කරන්න උදව් වෙන හින්දා. තදබල බ්ලොග් රසිකයකු වෙලා හිටපු මම මගේම කියලා බ්ලොග් එකක් පටන් ගත්තෙත් ඒ හින්දම තමයි.

කවි , කෙටි කතා කිහිපයක් ලියන්න  මම දරපු උත්සාහයන් මගේ බ්ලොග් පිටු අතරේ හැංගිලා තියෙනවා . පොත් විදිහට ඒවායින් එකතුවක් කරන්න කියලා කිහිපදෙනෙක්ම යෝජනා  කරත්,  මම තවමත් හිතන්නේ   මම කවිය, කෙටිකතාවේ  පාරවල් හොයනව කියලයි.  ඒ හින්දා මම ඒ සඳහා තව කල් ගන්නයි ඉන්නේ.

පාසල් යන කාලයේ  ජාතික රූපවාහිනියට  ළමා ගී ලිව්වට පස්සේ , ටොරොන්ටෝවේ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුගේ ඉල්ලීමට මම ගීත කිහිපයක් ලිව්වා. ඒවා කොච්චර දුරට සාර්ථක ද කියල දැනගන්න පුළුවන් කවුරුහරි කියන දේකින් තමයි. මම තාමත්  හිතන්නේ මම කෑදරකමින් නිර්මාණ රසවිදින රසිකයෙක්  කියලයි.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ,  සිංහල සංස්කෘතික හමුවේ , ලේඛක සංසදයේ වයාපෘතියක් විදිහට ,  ගී ලියමු ගේය පද සංචිතය කියලා  සිංහල බ්ලොග් එකක් තියෙනවා.  2021 දී මම ඊට මගේ පදවැල් කිහිපයක් යැව්වා . ඔවුන් ඉන් 3 ක් තෝරාගෙන ඔවුන්ගේ  බ්ලොග් අඩවියේ පළ කර තිබෙනවා.

හේමාල් ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් කටයුතු කරන කමිටුවක්  ඒ පද වැල් අධ්‍යනය කරනවා. ඒවා ගැන යෝජනා,  අදහස් ඉදිරිපත් කරනවා.  ඔවුන්ගේ තක්සේරුව  අනුව වෙනස් විය යුතු හැටි යෝජනා කරනවා . ඊට පස්සේ එකඟ වන පදවැල් ඔවුන්ගේ බ්ලොග් එකේ පළ කරනවා.

මටත් අමතක වෙලා තිබුණු වෙලාවක,  පහුගිය මාසයේ  මට ගී  ලියමු වෙතින් ිවිද්‍යුත්  ලිපියක් ලැබෙනවා .ඒ 2021 දී මගේ ප්‍රකාශයට පත් වූ ගීත වෙනුවෙන් යම් ඇගයීම් සහතික පතක් හිමිවෙලා කියලා . සහතික තෑගි නෙමෙයි මෙතනදි වැදගත් . නිර්මාණයකට කාගෙන් හරි ලැබෙන ඇගයීමයි වටින්නේ.  මේ සටහන තබන්නේ මව්බිමෙන් බැහැර වෙලා හිටියත් ඔවුන් සිංහල බසින් කෙරෙන නිර්මාණ වලට දක්වන දිරිය වෙනුවෙනුයි.  මාසෙකට සැරයක්  ප්‍රකාශයට පත්වන සිසිල සඟරාවත් මේ පිරිසගේ වැඩක්. ඒ ගැන මම මීට කලින් ලියා තිබෙනවා.  

https://ahasgawwenehalokaya.blogspot.com/2021/10/blog-post_30.html

ඒ උත්තේජනයත් එක්ක 2023 දී මම ආයෙමත් පදවැල් කිහිපයක් යැව්වා . ඒවා අතරින් 5 ක් මේ වනවිට පලවී තිබෙනවා . ඉදිරියේදීත් ඉඩ ලැබෙන පරිද්දෙන් ඔවුන්ට මගේ අතින් ලියැවෙන පදවැල් යවන්න හිතාගෙන ඉන්නවා .

සිංහල බ්ලොග් ලියන හිතවතුන්ටත් තමන්ගේ කවි , ගී පද වැල්  " ගී ලියමු " වෙත යවන්න කියලා විවෘත ආරාධනයක් කරන්න කැමතියි.  ඔබේ නිර්මාණ 

කියන විද්‍යුත් ලිපිනයට යවන්න. 

 මේ දිගුවෙන් ගී ලියමු බ්ලොග් අඩවියට ගිහින් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

https://geeliyamu.blogspot.com/

මේ වනවිට ඔවුන් ප්‍රකාශයට පත්කර තිබෙන මගේ පදවැල් වල දිගු පහතින් සදහන් කරන්නේ ඉඩක් ලැබුණු වෙලාවක ඔබටත් ගොඩ වැදී බලන්නයි.


හීනවලට පාට දෙන්න

https://geeliyamu.blogspot.com/2021/10/blog-post_19.html

ලැවන්ඩරා මල් සුවඳේ

https://geeliyamu.blogspot.com/2021/10/blog-post_28.html

දෙවැට දිගේ 

https://geeliyamu.blogspot.com/2022/11/blog-post.html

ඉඩක් ලද ඇසිල්ලෙක

https://geeliyamu.blogspot.com/2023/11/blog-post_28.html

තරු අහුරු මල් පිපුණු

https://geeliyamu.blogspot.com/2023/11/blog-post_91.html

එදා වෙලේ අතවනාපු


ගෙදර වත්තේ


මංකඩ ළඟ වළිකුකුලන්

https://geeliyamu.blogspot.com/2023/12/blog-post_10.html

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

32 comments:

  1. මුලින්ම සුබ පතනවා කලා දිවියේ ඉදිරියටම යන්න ලැබේවා කියලා. ඔබ මටත් කිව්වේ මේ ගී සංචිතය ගැන නේද ? හරිම සතුටුයි මම නිර්මාණ දෙකයි යොමුකරේ. ඒ දෙකම ඔවුන් තොරලා පල කර තිබුනා. හරිම සතුටුයි . ඉතින් අනුරුද්ධ , ඔබට බොහොම ස්තූතිය මිත්‍රයා .
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඒකෙ ලිංක් එකත් එව්වනම් දුමී. ඔයා ලියපු පද පෙලත් බලන්ට අපට

      Delete
    2. මේ දුමින්ද ගේ ගී දෙකේ දිගු

      https://geeliyamu.blogspot.com/2023/12/blog-post_5.html

      https://geeliyamu.blogspot.com/2023/12/blog-post.html

      Delete
    3. දුමින්ද ඔබේ සුබපැතුමට ස්තුතියි, ඉදිරියටත් ඔබේ නිර්මාණ ගී ලියමු වගේම, ලන්ඩන් කවිය ටත් යවන්න. එතකොට ඔබේ නිර්මාණ තවත් වෙනස් නිර්මාණ රස වින්දන මාන දෙකකට යොමු කරන්න පුළුවන්.

      Delete
  2. අපූරු සටහනක් අනුරුද්ධ. මුලින්ම ඔබට සුබ පතනවා ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා! කියලා. ඔබ මටත් මේ ගැන දැනුම් දුන්නාට තවම කරගන්න බැරි උනා. හැකි ඉක්මනින්ම කරන්නම් කෝ.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ සුබ පැතුමටත් ස්තුතියි . ඔව් ඉඩ තියෙන වෙලාවක ඔබේ ගීතවත් පදවැල් යවන්න. ඔබටත් ඉඩක් ලැබේවි .

      Delete
  3. ඔබගෙ මම දකින සුවිශේෂී ලක්ෂණය වන්නේ කිසිදු ලෝභයක් නොමැතිව ඉතාම සද්භාවයෙන් අන් මැවුම් කරුවන්ගේ නිමැවුම් වලට ලබාදෙන අවස්ථාව!
    "සිතුවිල්ලකට තණ පතක් හෝ සෙලවිය නොහැක!" කීවාට මා මෙසේ පතන්නම්!
    ඉතා ඉක්මණින්ම ඔබගේ ඊළඟ නිර්මාණ කාර්‍යය දකින්නට අපට ලැබේවා!
    ජයවේවා!

    "ගීතයක් ලිවීම මගේත් එක් සිහිනයක්!"

    ReplyDelete
    Replies
    1. මංජුල ඔබේ සටහනට ස්තුතියි. මම පාසැල් යන කාලයේ තමයි ලියන්න පටන් ගත්තේ. මට ලේක්හවුස් පුවත්පත් වලින්, රූපවාහිනී ළමා අංශයෙන් මගේ නිර්මාණ වලට ඉඩක් ලැබුනේ කිසිම දැන හැදුනුම්කමකින් නෙවෙයි. ඒ හින්ද මම මට ලැබෙන හැම නිර්මාණ අවස්ථාවකදීම උනන්දුවක් ඇති අයට ඉඩක් දෙනවා. එතකොට ඔවුන්ට තව තවත් නිර්මාණ කරන්න උත්තේජනයක් ලැබෙනවා. මංජුල ඔබත් උත්සාහ කරන්න. ගී ලියමු කණ්ඩායම ඔබට උදව් කරාවි.

      Delete
  4. ගී පද වැල් අහන්නත් අවස්ථාවක් ලැබෙනවා නම් තමයි තවත් ලස්සන.

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ගීත බවට පත්වුණු ගී ලියමු සමහර නිර්මාණ මේ දිගුවෙන් ඔබට සවන් දෙන්නත් පුළුවන්.
      https://geeliyamu.blogspot.com/search/label/%E0%B6%9C%E0%B7%90%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94%20%E0%B6%9C%E0%B7%93

      මගේ ගීත නිර්මාණ, ගී ප්‍රවර්ගය යටතේ රස විදින්නත් පුළුවන්.

      Delete
  5. අපූරු වැඩක්...මමත් ලියන්නම් ගීතයක්....ස්තූතියි අයියෙ මේ දැනුවත් කිරීමට..

    ReplyDelete
    Replies
    1. සඳවතී ඔබේ සුබ පැතුමටත් ස්තුතියි . ඉඩ තියෙන වෙලාවක ඔබේ ගීතවත් පදවැල් යවන්න. ඔබටත් ඉඩක් ලැබේවි .

      Delete
  6. පුලුපුලුවන් ව්ද්හට මෙහෙම කලාවෙ යෙදෙන එක වටිනව. සුබ පතනව අයියෙ ❤✌

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ වචන අපව දිරිගන්වනවා. බොහොම ස්තුතියි.

      Delete
  7. අදයි ගොඩවෙන්න ලැබුනේ මේ පැත්තට . බ්ලොග් රෝල්ට දාගත්තා, දැන් දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ගොඩ වැදුනාට බොහොම ස්තුතියි. ඔබේ ප්‍රතිචාරත් බලාගෙන ඉන්නවා.

      Delete
  8. රසික ඔබේ උපදෙසට ස්තුතියි

    ReplyDelete
  9. මගේ කමෙන්ට් එක නැහැ

    ReplyDelete
    Replies
    1. ඇනෝ ප්‍රතිචාර හැර ප්‍රතිචාර වලට මගේ වාරණයක් නැහැ . මං හිතන්නේ තාක්ෂණික දෝෂයක්

      Delete
  10. මම ලිව්වේ ඔබේ ගීතය සහ දුමින්ද ගේ ගීතය දෙකම හොඳයි කියල. ඊට අමතරව ගී තනු දුව නම් හොඳයි කියා.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමට ස්තුතියි. මේ බ්ලොග් එක ගුවන් විදුලියේ තිබුණු ගීත බැංකුව වගේ. කැමති කෙනෙකුට මේ ගීත රචකයාගේ අවසරය ඇතුව තනු යොදා ගායනා කරන්න පුළුවන්.

      Delete
  11. Replies
    1. රසික ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබ එවා තිබූ විදිහට මම දිගු ටික යාවත්කාලීන කලා.

      Delete
  12. හොඳ වැඩක්. ඒ පැත්තෙත් යන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු ජෝන් මහත්තයා මේ පැත්තට ආවට. ඔව් ගිහින් බලන්න.

      Delete