මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 3, 2024

ඔන්ටාරියෝ තැනින් තැන Fall Colors බලමුද ?

 

කැනඩාවේ දෙවන විශාලතම පලාත වන අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතේ විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන 1.076 ක් වෙනවා ( හෙක්ටෙයාර් මිලියන 107.6 ක්) එයින් 66% ක් වනාන්තර හෝ රක්ෂිත ලෙස සංරක්ෂණය වෙනවා . ශීත සෘතුව ඝර්ම කලාපීය අපට එතරම් පහසු ජීවන රටාවක් ගෙන නොදුන්නත් කැනඩාවේදී අප අත් දකින සෘතු 4 ජීවිතයට වෙනස් අත්දැකීම් රැසක් ගෙනදෙනවා. කැනඩාවේ ජීවත්වන අවුරුදු 15 කට වැඩි කාලසීමාව තුලදී ඔන්ටාරියෝ පලාතේ විවිධ ප්‍රදේශ වල Fall Colors බලන්නට මට ඉඩ ලැබුනා. මේ රූපවාහිනී වැඩසටහනේ දී මම බෙදා ගන්නේ ඉන් අත්දැකීම් කිහිපයක්.

මේ සමහර තැන් පිළිබදව මම මීට පෙර බ්ලොග් සටහන් ලියා තිබුණත් රූපවාහිනී වැඩසටහනේදී දකින්නට ලැබෙන ඩ්‍රෝන සහ වීඩියෝ දර්ශන ඔබට වඩා හොද වින්දනයක් සහ රහක් දෙනවාට කිසිම සැකයක් නැහැ.    

එන්න අපිත් එක්ක Agawa Canyon Rail tour, Algonquin Park බලන්න යන්න. 





Algonquin Art Centre, Algonquin logging Museum , Arrowhead Park ගැන තොරතුරු දැනගන්න.




 අවසානයේදී  ඔබට Folks of credit/Bell Fountain  මතක රසවිදින්නත් පුළුවන්. 

2024 පෙබරවාරි  03 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි 








https://rupane.com/2024/02/03/rupane-episode-385-february-03-2024/

*****************************************************************

සම්පත් දායකත්වය -  අනුරුද්ධ වැලිගමගේ

ඉදිරිපත් කිරීම  -  කල්ප සමරතුංග 

කැමරාකරණය - ගොයුම් එරංග , හෙසදි වැලිගමගේ   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

16 comments:

  1. ඉතා රසවත් විස්තරයක් හා හරිම සුන්දර දර්ශනපෙලක්.ඒ වගේම චායාරූප පෙල මගින් කාලගුන විපර්‍යාශ පිලිබද සාහෙන අව්බෝදයකුත් ලබා දෙනවා .

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete
  2. වීඩීයෝව බැලුවා...හරිම ලස්සනයි...සුසෙයි මේරී ප්‍රදේශය ගැන කියලා තියෙන විස්තරය හරිම අපූරුයි...වහලා දාන්න තිබ්බ දුම්රිය මාර්ගයක්, සංචාරක ව්‍යාපෘතියක් කල එක කොව්වර අගේද...

    ReplyDelete
    Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. මට හිතුනෙ ලංකාවෙත් ඒ වගේ කරන්න පුළුවන් කොච්චර දේ තියෙනවද කියල.

      Delete
  3. මා "අම්මට සිරි ලංකාවේ" ජීවත් උනත් පහුගිය කාලය පුරාවට දිනෙන් දින මා කැන්ගරුවෙක් වෙමින් හිටියේ! දැන් ඔබ මාව "මේපල් කොලයක්" කරමින් ඉන්නා බව නම් හොඳටම දැනෙමින්!
    ස්තූතියි අපට ලෝකය පෙන්වනවාට!

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ මේපල් කොළයක් වන බව අසා සතුටු වුනා. අපේ ශ්‍රී ලාංකික උරුම හිතෙන් අත අරින්නේ නැතුව පෘතුවි වැසියෙක් වෙන්න පුළුවන් නම් හොදයි. එහෙම වුනොත් වෙනස්කම් අතරින් අපට ලෝකය දිහා තවත් සුබවාදී විදිහට බලන්න පුළුවන්. කැන්ගරු දේශය මගේ අනාගත ලැයිස්තුවේ තියෙන එකක්. හැබැයි සති තුන හතරක ඒ ගමනට තව කලක් බලන් ඉන්න වෙයි වගේ. එතකං ඔබට පුළුවන් විදිහට කැන්ගරු දේශයේ මතකත් ලියන්න. හෙල්මලී ටත් කියන්නයි ඉන්නෙ.

      Delete
  4. අඩේ මං දාපු කමෙන්ටුව කෝ..
    ලස්සන පීංතූර ටිකක් එක්ක ලස්සන විස්තරයක්ය කියල දාල පබිලිස් අයියට දීලනේ ගියෙ.

    මොන දහ මංගල්ලයක්ද ඒ.

    බූහ්..
    මොනා වුණත් ස්තූතියි මේ පාට අපිට පෙන්නනවට

    ReplyDelete
    Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. මටත් ඔය වැඩේම වුනා.

      Delete
  5. අර කෝච්චියේ යන්න තිබුන නම් මරු

    ReplyDelete
  6. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේක යුටියුබ් බලන්න බැරිද? මට අර කෝච්චි ගමන ටීවී එකේ දාල බලන්න ලොකු ස්ක්‍රීන් එකේ පට්ට දර්ශන ටිකක් තියනව

      Delete
  7. Autumn /Fall කියන්නේ හරිම ලස්සන කාලයක් තමා .. කැනඩාවේ දර්ශන හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඔව් ඒ කාලය තමයි ලස්සනම කාලය. ඉදිරියේදී පුළුවන් වුණොත් ගිම්හාන කාලයේ ගිය නෝවා ස්කොෂියා වල කැබොට් ට්‍රේල් එක සහ රොකී කලාපයට යන්න හිතාගෙන ඉන්නවා. ඉඩක් ලැබුණු වෙලාවට අන්තර්ජාලයෙන් ඔබට ඒ වීඩියෝ දර්ශන බලන්න . ඔබට ඒ අසිරිය බලන්න පුළුවන්.

      Delete
  8. ලස්සන ආසකරන සටහනක්.
    මගෙ කලින් comment එක නැහැනේද ?
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . කමෙන්ට් වල ප්‍රශ්නයක් තියෙනවා. ඇනෝ කමෙන්ට් ඇර මම කමෙන්ට් පාලනය කරන්නේ නැහැ.

      Delete