මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 6, 2024

සිනමා සිත්තමක්……..

 




කාලය ගෙවී අඩ සියවස ලබන              විට 
මිතුරන් පිරිවරන්නට වැට කඩොලුත් එමට 
ගිම්හානයට පරිසරයම වෙනස්         කොට
පරිසරයම සුබ පැතුමක්  ගෙනේ          අපට

ඇවිදන් ගිහින් ජීවිතයේ නෙක           යුගය
නෙක ගව් ගෙවා එතෙරක ඇරබුණු   දිවිය 
දරුවන් වඩා දුක සිරකල ඒ                 සමය 
සිනමා සිත්තමක් සේ දිස්වෙයි නැත  සැකය 

ආ ගිය තැන් සේම කල කී හැම            දේම 
කාලය එක්ක වී වෙනසක්                හැමදාම 
පෝරුවේ බැදුණු අතැගිලි තිබෙනා     සේම 
සක්මන් ගමන් ඉදිරියේදී වෙයි            කෝම  



අනුරුද්ධ වැලිගමගේ 


2024 අප්‍රේල්  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.




















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments:

  1. හරිම ලස්සන නිර්මාණය ක්.
    ජයවේවා !!!

    ReplyDelete
  2. කවි පෙල කියවගෙන යද්දි මට නම් දැනෙන්නෙ සියුම් කනගාටුවක්!

    ReplyDelete