මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 4, 2024

අපට තව දුර යන්න තියෙනවා….

 










සිත්පාන අද්දරම විසිරෙන්න පිණි බිංදු 

තරු පිරී මග ලකුණු කියනවා 

අත් අල්ලගෙන එන්න , ප්‍රිය මිතුර එක්වෙන්න 

අපට තව දුර යන්න තියෙනවා 

මේ ගමන තව යන්න තියෙනවා 

සුසුදු සඳපාන මැද , නේක මල් උයන්වල 

මල් පිපී දිලි දිලී තියෙනවා 

කටුක රුදු කතර මැද එක්වෙලා ගියෝතින් 

සත්තමයි කෙම් බිමක් පෙනෙනවා 

ඒ ගමන යන්න දිරි ලැබෙනවා  

හරියටම දුක සැපත්, හමන මද නල වගෙයි 

කුණාටුත් විටෙක එය මවනවා 

අත් අල්ලගෙන එකට අත් නෑර හිටියොතින් 

ඇත්තමයි අපට ජය ලැබෙනවා 

සතුට , සැප අප වටා ඉන්නවා 

අනුරුද්ධ වැලිගමගේ  



2024 මැයි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.













විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay.com

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

6 comments:

  1. මිහිරි සිහිනයක්! කවදා හැබෑ වෙයිද?

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. රුදුරු කතරත් කුනාටුත් පමනයි මෙතෙක් කල් හැමදාමත් අපට හමු වුනේ.අප දකින කෙම් බිමත් මිරිගුවක් පමනක් නොවේවායි පතනවා.

    ReplyDelete
    Replies
    1. සරත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. හරිම අපූරුයි නිර්මාණය අනුරුද්ධ .
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete