![Image result for phoenix arizona"](https://live.staticflickr.com/181/442122057_3bccde7290_o.jpg)
වඩාත්
ජනප්රිය විදිහට C 5 ක් ගැන කතා කෙරෙන්නේ මුදල් ණයට දීමේදී. ලුණු ගංගා නිම්නයේ තිබෙන මේ නගරය ඇමෙරිකාවේ තිබෙන විශාලම නගර අතුරින් එකක්. ප්රමාණයෙන් එහි විශාලත්වය වර්ග කිලෝමීටර 1341 ක් 1867 පටන්
ජනාවාස වෙන්නට පටන් ගත් Sonoran කාන්තාරයේ මේ ප්රදේශය ගැන කෙරෙන කතාබහේත් C 5 ක් තිබෙනවා. ඒ දෙවන ලෝක යුද්ධය සමය
වෙනතුරු. ඒ තමයි ප්රධාන ආදායම් මාර්ග 5 ම C අකුරින් පටන් ගැනීම. Cotton, Cattle, Citrus, Climate & Copper. කැනඩාවේ
බටහිර අන්තයේ සංචාරයෙන් පස්සෙ අපි දැන් ආයෙත් ඇවිත් ඉන්නෙ ඇමෙරිකාවට. මේ හිරු නිම්නයේ ෆීනික්ස් ( Phoneix) නගරයේ
මතක සටහන්. අපි ආයෙමත් ගමනෙ.
![Image result for phoenix arizona"](http://bestdistricts.com/wp-content/uploads/2018/10/Best-Areas-to-Stay-in-Phoenix-Arizona.jpg)
![Image result for papago park phoenix"](http://res.cloudinary.com/simpleview/image/upload/v1498149512/clients/phoenix/045365d6_6f51_4fb5_9b85_76fc5df4b534_ef30c052-9869-4bee-9a8a-53d4087f841d.jpg)

නගරයක් මැද්දෙ ජාත්යන්තර ගුවන් තොටුපොල අද්දරම තියෙන සුවිසල් උද්යානයක් විදිහට Papago park හදුන්වන්න පුළුවන්. මේ කාන්තාර උද්යානය විශාලත්වයෙන් අක්කර 1496 ක්. භූ විෂමතාවයේ විවිධත්වයත්, කාන්තාරයේ වැවෙන ශාක විශේෂ පිළිවෙලකට සකස් කල මේ පරිශ්රය හරියට කාන්තාරයක් මැද්දෙ තියෙන ක්ෂේමභුමියක් වගෙයි. එහි තිබෙන යෝධ Saguaro Cactus බලන්න වටිනවා.
ගිනිගහන
කතරක සිසිල් පවන් පොදක පහස ලබන්නට පුළුවන් කුඩා විල් රැසක්, ඉදි පවුලේ ගස් විශාල ප්රමාණයක් ඇති මෙහි ගිමන් නිවන්නට, ඇවිදින්නට, බයිසිකල් පදින්නට සේම විනෝදයට මාළු අල්ලන්ටත් පහසුකම් රැසක් තිබෙනවා.
![Image result for papago park phoenix"](https://www.phoenixphx.com/wp-content/uploads/2018/07/papago-park-phoenix-az-arcadia-1-1140x470.png)
![Image result for papago park phoenix"](https://www.phoenixphx.com/wp-content/uploads/2018/07/papago-park-phoenix-az-arcadia-1-1140x470.png)
1879 පටන්
Maricopa සහ Pima අබෝරීජනල් ඇමෙරිකානුවන්ගේ කලාපයක් වූ මෙය 1930 දී රජයේ ආයතන කිහිපයක් වෙත පවරා දෙනු ලැබුවා. ඇරිසෝනාවේ ප්රථම ආණ්ඩුකාරවරයා වූ George W P Hunt විසින් මත්ස්‍ය බෝකිරීමේ මධ්යස්ථානයක් ලෙසින්ද පවත්වා ගෙන ආ මේ පරිශ්රයේ කොනක Hunt පවුලේ සොහොන් ඉදිකර තිබෙනවා. ජනප්රිය කලාවේ The Amazing Race රූපවාහිනී වැඩසටහනේ හතරවෙනි පියවර අවසන් කෙරුනේ මේ පරිශ්රයෙන්.
![Image result for hole in the rock phoenix sunset"](https://media2.trover.com/T/5bc68f1b40cf629541001bd0/fixedw_large_4x.jpg)
Hole
in the Rock
![Image result for hole in the rock phoenix sunset"](https://images1.phoenixnewtimes.com/imager/u/original/7316541/8835202.0.jpg)
Papago උද්යානයේ කොනක තිබෙන මෙය වසර මිලියන 6 ත් 15ත් තරම් පැරණි Sandstone වලින් නිමැවුණු බවයි කියැවෙන්නේ. එතකොට මේ නම ලැබෙන්නේ පර්වතයක් මැද්දෙ තියෙන විශාල කුහරයක් නිසයි .ඒ කුහරය විශාල කදවුරු බිමක් තරම් විශාලයි.
එතරම්
විශාල නොවූ කදු මුදුනක මුදුනතට සමීපයෙන් පිහිටි ඒ විශාල කුහරය තුලින් මනරම් Papago උද්යානය විදින්න පුළුවන්. Papago උද්යානය කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේම බලන්නට පුළුවන් අනගි සම්පතක්.
![Image result for phoenix arizona"](https://www.apartmentlist.com/rentonomics/wp-content/uploads/2019/08/Phoenix-Skyline.jpg)
වසර 2 කට අධික කාලයක් තිස්සේ ඔබත් එක්ක ලෝකෙ පුරා යන දසත සංචාරයක මතකය තුලින් විද්යා පර්යේෂණාගාර රැසකට ගොස් තිබෙනවා. ෆ්ලොරීඩාවේ නාසා, වැන්කුවර් නගරයේ Science world, නෝවා ස්කොෂියාවේ Alexander Graham Bell national historic site, කැල්ගරි වල Dinosaur provincial park සහ ටොරොන්ටෝවේ Ontario Science Centre ඉන් කිහිපයක්. ඒත් ඇරිසෝනාවේ විද්යා මධ්‍යස්ථානය ඒ හැමටම වඩා වෙනස්. ඉතින් අපි ගිහිල්ලම බලමු.

විස්තර සදහා පැරණි බ්ලොග් රචනා වල යොමු
ෆ්ලොරීඩාවේ නාසා
වැන්කුවර් නගරයේ Science world
නෝවා ස්කොෂියාවේ Alexander Graham Bell national historic site,
කැල්ගරි වල Dinosaur provincial park
ටොරොන්ටෝවේ Ontario Science Centre
![Image result for arizona science center"](https://i.pinimg.com/originals/67/c3/dd/67c3ddf4dd4be4e3f6e04ef2bfabd56f.jpg)
Arizona Science Centre
![Image result for arizona science center"](https://www.gpsmycity.com/img/gd_attr/41619.jpg)
![Image result for arizona science center"](https://www.gpsmycity.com/img/gd_attr/41619.jpg)
ලෝකයේ
ඇති විද්යා ප්රදර්ශනාගාර අතර ඉදිරි තැනක තිබෙන ඇරිසෝනා විද්යා ප්රදර්ශනාගාරය තිබෙන්නේ phoenix නගරයේ
. Antoine Predock ගේ
සැලසුමකට අනුව ඉදිවූ මෙය සුවිසල් IMAX සිනමා හලකින් සහ ග්රහලෝකාගාරයකින් සමන්විතයි. එහි ඇති ලෝක කාලගුණ වෙනස්වීම් අත්දැකිය හැකි කුටියේදී ඔබට දැනෙන්නේ ඔබ ටොනාඩෝ එකකට මැදිවුණා වාගෙයි. ක්රියාකාරකම් මතින් උගත හැකි බොහෝ දේ සදහා පහසුකම් ඇති මේ පරිශ්රයේ තිබෙන අත්තිවාරමේ සිට නිවසක් ගොඩ නැගෙන අයුරු විදහා දැක්වෙන කුටිය අපූරු එකක්.
![Image result for arizona science center"](http://fabulousarizona.com/wp-content/uploads/2013/01/arizona-science-center-galaxy-gala.jpg)
මේ පරිශ්රයේම දිගුවක් ලේසි ඇති කලාගාරය සහ බහු කාර්ය මධ්යස්ථානය ගැන තොරතුරු අන්තරජාලයෙන් කලින් දැනගෙන ගියොත් ඔබේ දවස වටිනා එකක් වෙනවාට කිසිදු සැකයක් නැහැ.

![Image result for arizona science center"](https://azbigmedia.com/wp-content/uploads/2018/10/Mummies.jpg)
Camelback Mountain
![Image result for camelback mountain arizona"](https://scenicusa.net/images/AU10CamelbackMountainPD.jpg)
![Image result for camelback mountain arizona"](https://scenicusa.net/images/AU10CamelbackMountainPD.jpg)
ඔටුවෙකුගේ
පිටක් සේ ඈතට දිස්වන මේ කදුගැටය කදු නගින්නන් අතර ජනප්රිය Phoenix නගරය අද්දරම ඇති තැනක්. දවසේ එක එක වෙලාවට හිරුඑළිය වැටෙන විදිහට පාට වෙනස්වන මේ කදු ගැටය බලන්න ලස්සන දසුන් මවනවා.
![Image result for phoenix zoo"](https://images1.phoenixnewtimes.com/imager/u/original/10902593/phoenix_zoo_entrance.jpg)
![Image result for phoenix zoo"](https://images1.phoenixnewtimes.com/imager/u/original/10902593/phoenix_zoo_entrance.jpg)
Phoenix Zoo
![Image result for phoenix zoo"](https://travelingcanucks.com/wp-content/uploads/2014/02/zoo-arizona-18.jpg)
![Image result for phoenix zoo"](https://travelingcanucks.com/wp-content/uploads/2014/02/zoo-arizona-18.jpg)
ඇමෙරිකාවේ
ඇති විශාලතම පෞද්ගලික සත්තු වත්ත වන මෙය 1962 දී පිහිටවනු ලැබුවේ Robert Maytag විසින්. අදත් එය පාලනය වන්නේ ඒ පවුලේ අය අතින්. අක්කර 125 ක බිම් කඩක් පුරා විසිරී පවතින මෙය ඇරිසෝනා, අප්රිකා, ඝර්ම කලාපීය සහ ළමා ලෙසින් කොටස් 4 කට යටත්ව සතුන් 400 කට අධික ප්රමාණයකට ඉඩ සලසනවා.
Phoneix නගරයේදී
දැකිය හැකි තවත් තැන්
·
Desert Botanical Garden
![Image result for desert botanical garden phoenix"](https://i.pinimg.com/originals/aa/27/52/aa2752f29845a08de3e61f22e7043a6e.jpg)
![Image result for desert botanical garden phoenix"](https://i.pinimg.com/originals/aa/27/52/aa2752f29845a08de3e61f22e7043a6e.jpg)
·
Harley Davidson Motorcycle Museum
![Image result for harley davidson motorcycle museum phoneix"](https://media-cdn.tripadvisor.com/media/photo-s/0a/79/f1/47/overview-brass-era-bike.jpg)
![Image result for harley davidson motorcycle museum phoneix"](https://media-cdn.tripadvisor.com/media/photo-s/0a/79/f1/47/overview-brass-era-bike.jpg)
·
Musical Instrument Museum
![Image result for musical instrument museum phoenix"](https://mim.org/wp-content/uploads/2016/12/display-orientationgallery-1024x499.jpg)
![Image result for musical instrument museum phoenix"](https://mim.org/wp-content/uploads/2016/12/display-orientationgallery-1024x499.jpg)
·
Police Museum
![Image result for phoenix police museum"](https://www.familyvacationcritic.com/uploads/sites/19/2018/09/17d217684f4369538dbd2e3357bbe5fe.jpg)
ලොස් ඇන්ජලීස්, ලාස් වේගාස් යන නගරත්, Grand Canyon අත්දැකීමත් ඔබට මේ ගමනටම එක්කරගන්න පුළුවන්. අප මේ ගමන ගියේ ඒ නගර බලා ගිය සංචාරයකදී. වඩා වැදගත් කාරණය වන්නේ ඒ නගර අතර ගමනේදී විවිධ භූ විෂමතා කලාප අතර විශාල වෙනස්කම් සහිත චාරිකා අත්දැකීම් රැසක් අපේ මතක තුලටත් රියේ Dashboard Camera වටත් හසුකර ගන්නට හැකි වීමයි.
![Image result for arizona"](https://static.independent.co.uk/s3fs-public/thumbnails/image/2019/03/10/15/istock-866010860.jpg?w968h681)
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා. dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න. ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම්
Grand Canyon වටේ යන ගමනක ලිපි පෙලේ පළමුවැන්න .....ලාස් වෙගාස් වෙත යන
පව්කාර නගරයේ රැයක් එක්ක …… ඊළග මාසයේදී හමුවෙමු.
![Image result for las vegas night"](https://images-na.ssl-images-amazon.com/images/I/913%2BsR5yqeL._SL1500_.jpg)
![Image result for las vegas night"](https://images-na.ssl-images-amazon.com/images/I/913%2BsR5yqeL._SL1500_.jpg)
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
![Image result for arizona"](https://cdn.britannica.com/17/61317-050-C34C7576/Mount-Hayden-Point-Imperial-Arizona-Grand-Canyon.jpg)
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 අප්‍රේල් කලාපයේ පලවිය
.![Image result for dasatha publications](http://dasatha.com/wp-content/uploads/2016/07/cropped-cropped-headerTrans-1-1.png)
![Image result for dasatha publications](http://dasatha.com/wp-content/uploads/2016/07/cropped-cropped-headerTrans-1-1.png)
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
![Image result for arizona"](https://www.hertzpageo.com/img/Hertz%20Uploads%20-%20OCT%202018/Hertz%20CA:US/ArizonaDrive_resized.jpg)
![Image result for arizona"](https://www.hertzpageo.com/img/Hertz%20Uploads%20-%20OCT%202018/Hertz%20CA:US/ArizonaDrive_resized.jpg)
හොඳ ලිපුයක්. //Pima අබෝරීජනල් ඇමෙරිකානුවන්ගේ// ඒ ගොල්ලන්ට එහෙම කියනවද? නැත්නම් නේටිව් කියල නේද කියන්නේ ? මුල් ජාතින් කියල
ReplyDeleteඒක තරමක් විවාදයට තුඩු දුන් එකක්. ඒ තැන්වල තියෙන බෝඩ් වල ඒ ගැන සදහන් වෙන්නේ ඒ වගේ තමා. හැබැයි විකිපීඩියා එකේ තියෙන්නේ මම ලියපු විදිහට. සිංහලෙන් කියවන අයට තේරුම් ගන්න පහසු වෙන්න එහෙම ලිව්වා. හැබැයි මගේ ඉංග්‍රීසි බ්ලොග් එකේ පරිස්සම් වෙන්න වෙයි වගේ. බොහොම ස්තුතියි අජිත් ගේ අදහස් වලට.
Delete