මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 18, 2025

කතා කරන පින්තූර - අපි පුංචි කාලේ


 


පහුගිය දවසක මුහුණු පොතේ පිටු දිගේ යද්දී කෘතීම බුද්ධියෙන් ඇදී චිත්‍ර වගයක් වගේම අතින් ඇදී සිතුවම් එකතුවක් තිබුනා.











ඒවායේ තිබුනේ අපි පුංචි කාලෙ කල විවිධ ක්‍රියාකාරකම් . ඒවට සෙල්ලම් , දඟවැඩ , මරුසි වැඩ ඔය ඕන එකක් කියන්න පුළුවන්.

සම්පත් අඩු , නිදහස සහ කාලය ඕන තරම් තිබුණු ඒ කාලෙ අද ළමයින්ට වගේ සල්ලි , මෙවලම් නැති වුනත් අහල පහලින් හොයා ගත්තු දේවල් එක්ක මොනවා හරි අටවගෙන කරන්න තිබුණු හුරුව කිසි දෙයක් දන්නෙ නැතුව මේ රටවලට ඇවිත් ජීවිතය ගෙනියන්න කදිම අත්වැලක් වුනාද කියලත් හිතෙනවා .  

මේ සමහරක් ඉන්දියානු පරිසරයක චිත්‍ර  වුනත් අපේ සමාන බවට ඉන් බාධාවක් නැහැ නේද ?

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Facebook Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

6 comments:

  1. ඔතනිනුත් කීපයයි අපි පොඩි කාලෙ කරේ. ඒ වගෙම තමා දැන් පොඩි ඈයො එයිනුත් 2,3යි කරන්නෙ. පෙරනයක වගෙ මේ අඩුවෙවී අඩුවෙවී යන්නෙ ලමයි තමන්ගෙ කුඩා අවදියේ පරිසරය එක්ක ගතකරන කාලය නේද කියල තමයි නිතරම මට හිතෙන්නෙ. අන්තිමේදී ස්භාවික්වයෙන් මිදුන වැඩිහිටියෙක් නොදැනුවත්ම නිර්මාණය වෙලා!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඒක ඇත්ත . අපි තරමකට ටීවී එකට ඇබ්බැහි වුනා. හයේ පන්තියෙන් පස්සෙ ටියුෂන් ගියා . ඊට පස්සෙ පරම්පරාව කොම්පියුටර් එකට ඇබ්බැහි වෙලා පොඩි පංතිවල ඉදන්ම ටියුෂන් ගියා. එතකොට කොහෙද ඕවට වෙලාවල් . මිනිස්සු ගමෙන් නගරයට ආ එකත් එක හේතුවක්.

      Delete
  2. අපි ළමයින්ට මොබයිල් අරන් දීලා තමයි විනාස කලේ . ඒත් දුවල දෙන්නට පුළුවන් තරම් ඔය අත්දැකීම් දුන්න පාක් එකට අරන් ගිහින්

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . ඒක ඇත්ත . ඒක හොද වැඩක්. අපිත් swimming, dancing, skating, Music වලට ළමයි එක්කගෙන ගිහින් චුට්ටක් වෙනත් දේ වලට හුරුකලා . ඒ වගේම නිවාඩු කාලෙ එක එක තැන් වලට එක්කගෙන ගියා.

      Delete
  3. මම හිතන්නේ 90ට කලින් ඉපදුනු අයට ඔය පින්තුර වල තියෙනවා හැමදේම වගේ කරන්න අවකාශ තිබ්බා .. මම නම් ඔක්කොම වගේ කරලා තියෙනවා ..

    මෙහෙ තියෙන චිල්ඩ්රන් පාක් වල ඔය ටික වෙනස් විදියකට තියෙනවා හැබැයි .. ගස් ගල් නැති වීම තමා අඩුව

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ගස් ගල් පරිසරය ඒ ක්‍රියාකාරකම් එක්ක කොච්චර බද්ධ වෙලා තිබුණද ?

      Delete