මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 25, 2023

වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක්





වාර්තා චිත්‍රපට බලන්නට මගේ තිබෙන්නේ ඉතා ඉහළ මට්ටමේ උනන්දුවක්.  කර්මාන්තයක් විදිහට ගත්තාමත් වාර්තා චිත්‍රපට කියන්නේ විශාල පරාසයක විහිදෙන පුළුල් ක්ෂේත්‍රයක්. ඒ කොහොම උනත් අපට විශ්වීය මානවයෙකු වෙන්න ඉන් ලැබෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි.  මේ මම එහෙම මේ මෑත කාලයේ දී බැලූ වාර්තා චිත්‍රපට කිහිපයක්,




Behind The Attraction



වෝල්ට් ඩිස්නි ගේ ඩිස්නි ලෝකයට 2016 දී කල ගමන තවමත් මතකයේ තිබෙන එකක් . ඒ සංචාරයේ මතක එක්ක මෑතකදී මට බලන්නට ලැබුණේ එහි තිබෙන  සංචාරක අත්දැකීම් ගැන  කල මේ වාර්තා චිත්‍රපට  පෙලයි.ඩිස්නි සමාගම කලින් කලට අලුත් කරන විවිධ සංචාරක අත්දැකීම් අද ඔබ දකින ආකාරයට සකස් කෙරුණු හැටි පියවරෙන් පියවර විස්තරාත්මකව දකින්නට මේ වැඩසටහන් මාලාව ඔබට හොද අත්වැලක් සපයාවි. 



සැබෑව හා මායාව මුසු කරමින් විවිධ දක්ෂයින්  විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඔවුන් කරන වෙනස්කම් හින්දා ඔබ කොයි වයසෙ කෙනෙක් වුණත් මුදල් තිබෙනවා නම් හැම වසරකම වුණත් ඔබ ඒ පරිශ්‍ර වලට ගියොත් අත් දකින්නට ලැබෙන්නේ වෙනස් වෙනස් අත්දැකීම්. නිර්මාණ ශිල්පීන්,  ඉදිකිරීම් ශිල්පීන් , සේවකයින් වැනි පුළුල් වපසරියක පිරිසක් ඒ අත්දැකීම් දිහා මතක අවදි කරන හැටි ඔබට මේ වැඩසටහන් පෙළේ දී දකින්නට පුළුවන්.













Moulin Rouge - Yes we Can can



වසර එකසිය තිහකට වැඩි ඉතිහාසයක් තිබෙන පැරිසියේ Moulin Rouge   නර්තනාගාරය වැඩිහිටි විනෝදාස්වාදන කැබරේ නැටුම් සඳහා ලෝකයේ නම් දැරූ   එකක්.  වැඩි මිලක් ගෙවා එහි දර්ශන බැලීම විතරක් නෙමෙයි , එහි රංගනය ඉදිරිපත් කිරීම සඳහා රැකියාවක් ලබා ගැනීමත් ඉතා දුෂ්කර වැඩක්.



අඩනිරුවත කලාත්මකව ඉදිරිපත් වන එහි නර්තන අංගයන් සඳහා ඇඳුම් ආයිත්තම් සඳහා,  පුහුණුව වගේම ඒ නර්තන අංග ඉදිරිපත් කිරීම සඳහා දක්ෂතම නිර්මාණ ශිල්පීන් තෝරා ගැනීම් සදහා ඒ  ආයතනය අති විශාල මුදලක් වියදම් කරන හින්දා වරක් පමණක් බලන්නට තරමේ සුවිසල් මුදලක් ඔබට එහි දර්ශනයක් සඳහා ගෙවන්න වෙනවා.


එහි නිර්මාණ අධ්‍යක්ෂකවරිය වන ජැනට්  ඒ සඳහා අවුරුදු තුනේ කොන්ත්‍රාත් සඳහා නිරූපන ශිල්පීන්,  ශිල්පිනියන් තෝරා ගන්නා හැටි , ඔවුන් ඒ සඳහා නැටුම් ඉදිරිපත් කිරීමට පුහුණු කරන හැටි වගේම වාර්ෂිකව ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකට අලුත්ම විලාසිතා එක්ක නැටුමක් නිර්මාණය කරන හැටිත් ඔබට ඒ  වැඩසටහන් මාලාව තුළින් බලන්නට පුළුවන්.








Lost Car Rescue 



History  නාලිකාව වෙනුවෙන් නිපදවනු ලැබූ මේ කැනේඩියානු රූපවාහිනී වාර්තා චිත්‍රපට මාලාව british columbia පළාතේ සැඟවුණු වාහන සංරක්ෂණය කරන කණ්ඩායමක් කරන ගවේෂණ කටයුතු පාදක කරගෙන නිෂ්පාදනය වුණු එකක්, කණ්ඩායම් නායකයා  Matt Sager . ඔහුගේ කණ්ඩායමට කුඩා ගුවන් යානා පදවන නියමුවරියක වන Jessica James , වාහන කාර්මික ශිල්පී Steve Sager , වාහන බඳ අලුත්වැඩියා පිළිබඳ ප්‍රවීණ  Dave Mischuk  සහ දොඹකර ක්‍රියාකරු Lee Brandt අයත් වෙනවා.




කැනඩාවේ විවිධ දුර බැහැර පළාත් වල සැඟවී තිබෙන පැරණි වටිනා රථවාහන සංරක්ෂණය සඳහා ඒවාට තව දුරටත් හානියක් නොවන ආකාරයට ඒවා සංරක්ෂණය කරන මධ්‍යස්ථානයට ගෙන එන්නට සුවිසල් ට්‍රක් රථයට පටවා ගන්නා තෙක් කරන මෙහෙයුම සුවිසල් එකක්. මෑතකදී සංචාරක සටහනක ලියූ  Bush Plane එකක්, විශේෂී දොඹකරයක් සහ වාහන ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් භාවිතා කරමින් ඔවුන් කරන මෙහෙයුම් වලදී ඔවුන් ගස් සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගනිමින් විශාල කාර්යභාරයක් කරනවා.  ඒ වෙනුවෙන් ඔවුන් තොරතුරු එක් රැස් කර ගන්නා හැටි , වාහන සොයන හැටි බලන්න අපූරුයි.





The World’s Most secret Hotels



ප්‍රායෝගිකව මට යන්නට බැරි වුණත්  ලෝකයේ විශාල පරාසයක මහද්වීප අතර සැරිසරන්නට මම කැමතියි.  එහෙම යද්දි අපට නවතින්නට වෙනවා. තරු පන්තිය වෙනස් වුණත් නවාතැන් ගන්න තියෙන හෝටල් බොහෝමයක් එකම විදිහේ ඒවා. දැන් තියන ප්‍රවණතාවය පරිසර හිතකාමි නැවත නැවත පාවිච්චියට ගැනෙන දේ ඇසුරින් නවාතැන් ඉදි කරන එකයි.




 මේ වැඩසටහන් පෙළේ ඔබට එහෙම තැන් රැසක් බලන්න පුළුවන්. සමහරක් ඒවා බලනකොට ඔබට හිතේවි එහෙම තැනක මේ වගේ නවාතැනක් තියෙන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතයෙන් නිවසේ ඉඳගෙන රැකියාව කරන තරුණ පිරිස් අතරේ මේ වගේ තැන් වගේම ජංගම නිවහන් ජනප්‍රිය වෙලා තියෙන්නේ නගරේ තියෙන අධික වියදම වගේම නිස්කලංක බවක් නැති හින්දයි.




Secrets of Royal travel 



බ්‍රිතාන්‍ය රාජකීයන්  තමන්ගේ ගමන් බිමන් සඳහා යොදාගත් දුම්රිය සහ ගුවන් යානා ගැන දැනගන්න පොදු මහජනතාව තුළ විශාල කැමැත්තක් තියෙනවා. දැන් දැන් රාජකීයත්වය පිළිබඳ වෙනස් කතිකාවතක් තිබුණත්  ඒ ඉතිහාසය සංරක්ෂණය කරන්න මහ  ජනතාවට ප්‍රදර්ශනය කරන්න මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා.


මේ වැඩ සටහනේ කොටස් දෙකින් පළමු වැන්න රාජකීය දුම්රිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා දෙවැනි වැඩසටහන වෙන් ව තිබෙන්නේ රාජකීය ගුවන් යානා ගැනයි. 


අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

21 comments:

  1. වටිනා තොරතුරු රැසක්. ලොකු වෙහෙසක් අරන් කරපු සටහනක් වගෙයි. ස්තූතිය
    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  2. වාර්තා චිත්‍රපට ගොඩක් ආසාවෙන් බලනවා .. මේකේ කලින් නොදැන සිටි ඒවා ගොඩක් තියෙනවා ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .

      Delete
  3. Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  4. අම්මපා කියන්න! බැලුවේ නම් නෑ එකින් එක! ඒත් විශ්වාස කරණ්න ඒවා සියල්ලම නැතත් කිහිපයක් හරි බලනවාම මයි.

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  5. චිත්රපටි බලන්ට ගත්ත මුල් කාලෙ වාර්තා චිත්‍රපටවලට කැමත් නැති තරම්. දැන්නම් එක ටිකක් වෙනස්😁. අනික මේවයෙ අධ්‍යාපන වටිනාකමක් හෙමත් තියෙනවනෙ!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.වාර්තා චිත්‍රපට ඉතා විශාල පරාසයක විහිදෙනවා.

      Delete
  6. ඩොකියුමෙන්ටරි ෆිල්ම් පුරුද්දක් වශයෙන් බලන්න ගත්තේ ඒ දවස් වල ගිය ඩිස්කවරි චැනල් එකත් එක්ක. ඊටත් කලින් රූපවාහිනියෙ ගිය සිංහලෙන් හඩ කවලා වන ජීවීන් ගැන වාර්ථා වැඩ සටහන් පෙලක්. පොඩි කාලෙදි එතැනින් තමයි වාර්තා වැඩසටහන් වලට ආසාවක් ඇති උනේ. දැන් නම් ගොඩක් ඒවා බැලෙන්නෙ යූ ටියුබ් එකෙන් - මයියා https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.ඔබ හරියටම හරි. මුලින්ම මාත් වාර්තා චිත්‍රපට බලන්නට ගත්තේ රූපවාහිනියේ හඬ කැවීම් කල වැඩසටහන් වලින් තමයි. ඊට පස්සෙ 1996-2001 කාලෙ සිරස රූපවාහිනියේ වැඩකරන කොට සෙනසුරාදා ඉරිදාට එහි වීඩියෝ පුස්තකාලයෙන් අරගෙන ගොඩක් වැඩසටහන් බැලුවා. මේ වෙනකොට නම් ඒවා බලන්නේ IPTV එකෙන් තමයි. සමහර ඒවා යූ ටියුබ් එකෙනුත් බලනවා. හැබැයි ඒවායේ වීඩියෝ තත්ව ගැටළු තියෙනවා. ඉදිරියේදී වෙලාවක බොහෝ දෙනෙකුට පහසුවෙන් බලන්න පුළුවන් හින්ද යූ ටියුබ් වාර්තා වැඩසටහන් ගැනත් සටහනක් ලියන්නම් .

      Delete
    2. ස්තූති යි අනුරුද්ධ....ඒ ලිපිය ගන උනන්දුවෙන් සිටිනවා. - Mayya

      Delete
  7. මටත් හිතුනා හොයාගෙන ගිහිල්ලා මේ චිත්‍රපටි බලන්න. බොහොම ස්තුතියි ඔබගේ සටහනට.

    ReplyDelete
    Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  8. ටිකක් දිග වැඩි නිසා සියල්ලම බැලුවේ නැහැ . හුඟක් මහන්සිවී කාලය මිඩංගු කර වැදගත් තොරතුරු රාශියක් සොයාගෙන තිබෙනවා. මේ ඉදිරිපත් කිරීම ගැන මගේ බලවත් ප්‍රසාදය.

    ReplyDelete
    Replies
    1. වීරසේකර මහත්මා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  9. History, biopic movies වලට වැඩියෙන් කැමති මට හොඳ චොයිස් එකක්. අර කාර් රෙස්ටොරේෂන් එකනං බලන්න වටිනවා. ස්තුතියි. ජය

    ReplyDelete
    Replies
    1. දේශක තුමා ඔබේ කියැවීමටත් ඔබේ ප්‍රතිචාරයටත් ස්තුතියි. වාහන වලට ආස හින්දද මන්ද මාත් ඒක හරිම ආසාවෙන් බැලුවා . ඒ වැඩසටහනේ ඒ සංරක්ෂණය කරන වාහනය ගැන ඉතිහාස තොරතුරුත් ඇතුලත් . ඒ වගේම තමයි එය තියෙන තැනින් පරිස්සමින් ගන්න අපූරුව.

      Delete
  10. හොඳ ලිපියක්. . මමත් වාර්තා චිත්‍රපට ගොඩක් බලනව.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete