මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 4, 2025

අපි අපට තව දුරද දේවී



තරු එළිය ළග ළගයි දේවී 

අපි අපට තව දුරද     දේවී 

බමුණු මත, බැමි පවුරු ඒවී 

ඒත් ඔබ එක හිතද     දේවී


එරෙහි වන බල මුලක  සතුරු 

මළු පිරෙන තරම් ගල්  මුගුරු 

ජාති ආගම් නැමැති      පවුරු 

ඇයිද අප තකන්නේ    කවුරු  


එක හිතට බැදෙන්නට  සතුටින් 

බදිමු අප කැදැල්ලක්       විගසින් 

ගුලිකරන් ඒ පැතුම්        එලෙසින් 

දුරු රටක හෝ වෙසෙමු  සතුටින් 


අනුරුද්ධ වැලිගමගේ 






2025 ජනවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

6 comments:

  1. දේවි. අපූරැයි!
    ආදරේට කොහිදෝ බාදා නැත්තෙ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  2. මට මේ කවිය එක්ක මතක් උනේ දවසක් සන්නස්ගල කිව්ව කතාවක්...
    'මේ ආරෙ ගීත ලියවෙන්නෙ සිංහල කොල්ලෙග්ගෙ ඇහින් දෙමළ, මුස්ලිම් කෙල්ලෙක්ට. ඒකෙ අනික්පැත්ත, දෙමළ කොල්ලෙක් සිංහල කෙල්ලෙක්ට කියන සිංදුවක් ලියවෙනවනම් කියල'. ඒකත් ඇත්තටම මරැ idea එකක්!

    ReplyDelete
    Replies
    1. නමියා ඒක මරු අදහසක්. එහෙම එකක් හොයාගන්න ඕන. සමහර විට ඒවා ලියැවෙන්න ඇත්තෙ දෙමළෙන් වෙන්නත් පුළුවන්.

      Delete
  3. Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete