මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 27, 2019

හත්පෙති මල් පෙති .......කවි....අනුරුද්ධ වැලිගමගේ


Image result for friends art

Image result for sri lankan flowers

අහස කඩාගෙන වැටුණත්
රෑනේ අපි එක රැහේ
එකම ගහක එකට වහන
මිතුරු කුරුළු රැල වගේ .......

සතුරු සුළග ආවෝතින්
ඉන්නෙ එකට ගුලි වෙවී
පාට හතේ හත්පෙති මල
හයියයි ගිරි කුළු වගේ

මුදු හතක දුර ඉදගෙන
හිටියත් ඇතක රැදී
එක හිත එකටයි හැමගේ
සවිබල දම්වැල වගේ

දුක සැප එනවා යනවා
 හරියට හුළගක් වගේ
ලෝකෙම දිනන්න යමු අපි
 එක පවුලේ අය වගේ


අනුරුද්ධ වැලිගමගේ       

Image result for best flower art


සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images

              සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

6 comments:

  1. ලස්සනයි .
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට සහ දිරිගැන්වීමට .

      මාසෙකට විතර කලින් මම මේ කවිය ලිව්වෙ මගේ මිතුරෙකුගේ බිරිදක් කියපු කතාවක් හින්ද . කෙටියෙන් කිව්වොත් ලෝකෙ එක එක රටවල දැන් පදිංචි වෙලා ඉන්න ලංකාවේ එක ඉස්කෝලෙ එකට හිටපු යාළුවො හත් දෙනෙක් පිලිකාවෙන් දුක් විදින මිතුරියට කරන සැලකිල්ල ගැන තමන්ගෙ පුංචි පුතා ලියපු කවියක් මට බලන්න කියල අතට දීපු වෙලාවක .

      ඒ අතරේ පහුගිය ඉරිදා ලංකාවේ වුණු අවාසනාවන්ත සිද්ධිය වෙනුවෙන් දුක්වෙන්න කැනඩාවේ එක එක පළාත්වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ජාති ආගම් බේදයෙන් තොරව එකට එකතු වුනු අය වෙනුවෙන් රූපණ රූපවාහිනියට කෙටි සටහනක් කරද්දී මට මේ කවිය බ්ලොග් එකට එකතු කරන්න හිතුනා .

      Delete
  2. සුන්දර කවි පෙළක්. ශේන්යා ගේ හත්පෙති මල මතක් උනා.

    ReplyDelete
    Replies
    1. විනීත පූ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  3. මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන්


    මෘතශීලියා කෙටි කතාව ශ්‍රවණ මාධ්‍යයෙන් -නිශ්පාදනය අනුරුද්ධ වැලිගමගේ ) Link https://transyl2014.blogspot.com/2019/04/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය රුවන් ඔබේ සහයෝගයට ස්තුතියි

      Delete