මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 1, 2019

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්……….අනුරුද්ධ වැලිගමගේ.....කවි


Image result for poson


මිහින්තලා කඳු සිප එන සාදු නදින්
මහ කනදරා වැව පිරි සුදු ඕලු මලින්
අනුබුදු මිහිදු සමිදුන් දෙසු දහම් වැලින්
පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්

මිසදිටු දමින් පිරි සිරිලක ඉන් මුදවා
මනරම් කලාවන්ගෙන් පන්සල් පුරවා
අහස සිඹින සුවිසල් දාගැබ් කරවා
පොසොන් සදේ සිරි අසිරිය වැඩි කෙරුවා

සියවස් පුරා පැවතුණු ඒ ගති සිරිතින්
බොදු හදවත් පිරී ඉතිරිනි හද බැතියෙන්
අදටත් වෙනස් නැත සිරිලක පොසොන් සඳින්
පියමැන බලනු මැන රජරට සුවද මැදින්

අනුරුද්ධ වැලිගමගේ

Image result for poson

සේයාරූ

 අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Image result for anuradhapura


2 comments:

  1. /අදටත් වෙනස් නැත සිරිලක පොසොන් සඳින්
    පියමැන බලනු මැන රජරට සුවද මැදින්/

    මේ කවි පේලි දෙක ඇතුලේ ආරාධනාවක් එක්ක වචනයෙන් නොකී දෑ ගොඩක් කියවිලා තියනවා කියලයි මට හිතෙන්නෙ. හරිම ලස්සන කවි පන්ති තුනක්.

    ReplyDelete
    Replies
    1. තිළිණි මගේ බ්ලොග් එකට ගොඩ වැදුනට සහ අගය කීරීමට ස්තුතියි . කාලයක් රස්සාව හින්ද ගතකරපු රජරට කලාපයේ මගේ මතක ගොඩක් තියෙනවා . දුෂ්කරතා මැද්දේ දකින්නට පුළුවන් රජරට අසිරියට මම හරිම ආසයි .

      Delete