![Image result for sri lankan wewa with moon](https://i.pinimg.com/736x/0c/91/d1/0c91d185c5f6cea0b2f4e96bac599d65.jpg)
නිමිත්ත
අනුරාධපුර ප්‍රදේශයේ රැකියාව කරන කාලයේදී ගලෙන්බිඳුනුවැව තිබුනේ මගේ සේවා ආවරණය වූ කලාපයේ . මහවැලි දියවරින් පෝෂණය වන හුරුළු වැව බලන්නට හරිම ලස්සන තැනක් .
හරි ලස්සනට හද පායලා තිබුණු රැයක ඒ වැව් ඉවුරේ මිතුරන් සමග ගත කරපු වෙලාවක වැවේ අනික් මායිමේ කැලෙන් මතුවුණු අලි රෑනක් අපිට පෙනුණා .සද රැස් වැටිලා වැව් දිය හරි ලස්සනට පෙනුණා . පස්සෙ ප්‍රදේශය ගැන මගේ තිබුණු අත්දැකීම් එක්ක වචන වලට කැටිවුනේ මෙහෙමයි .
![Image result for elephants at night](https://media.pri.org/s3fs-public/styles/story_main/public/story/images/RTX2N60U_0.jpg?itok=hzQmCq_3)
හුරුළු වැවට පායන සඳ සෙනෙහෙ වඩනවද
තුන්පත් රෑනේ ඇතුන්ට සීපද කිව්වද
පුදින නාබර ගොයමට පෙම් කවි ලීව්වද
නුබේ සිතට හිත ඉල්ලන් නෑගම් එනවද
ශිල්ප සැදූ සිප්හල අප දෙදෙන එකලු කල
වියපත්වී දුක හිතිලා කඳුළු සලනවද
දෙදෙනා අද තිදෙනා වී පැතුම් මලින් බර
අප සිත් මල් පුබුදු කලේ හැංගි හොරා
මද
සිදාදියෙන් කරපින්නා පැමිණි නපුරු කල
ගම් දැලේ සොදුරු සිරිය වනසා දැම්මද
කලින් කලට වෙනස් නොවන අල්ප අඳුරු මල
නුබේ සිතට මුවා නොවන් අනේ කිසිම කල
අනුරුද්ධ වැලිගමගේ
![Related image](https://images.fineartamerica.com/images-medium-large-5/people-in-jungle-with-stupa-sri-lankan-artist.jpg)
ගීත ගායනය - ශ්‍රීලාල් අමරජීව ෆොන්සේකා
![Image result for srilal fonseka](https://i0.wp.com/www.newstrails.com/wp-content/uploads/2018/05/srilal.png?fit=800%2C520&ssl=1)
සංගීතය - රෝහණ ධර්මකීර්ති
![Image result for rohana dharmakeerthi](https://i.ytimg.com/vi/tJbTNnXq0KY/hqdefault.jpg)
ආචාර්ය ජගත් රූපසිංහ ගේ අදහස් එක්ක ගීතය අහන්න
![Image result for rupane tv](http://rupane.com/wp-content/themes/rupane/img/logo.png)
http://rupane.com/vimeo-video/rupane-episode-97-july-14-2018/
time code 34.10 -37.22
https://vimeo.com/279979305?fbclid=IwAR0O2wm_JHokj2qYCCMzpoU0EEJwz--dJbfag0v_2fYUoXUmz39tP15fbv4#t=14m00s
![Image result for sri lankan village drawing](https://images.fineartamerica.com/images-medium-large-5/village-and-river-scene-community-in-sri-lanka.jpg)
![Image result for sri lankan wewa at night](http://www.lankainoratravel.com/assets/img/main/inora-travel-lanka-16-Days-Thissamaharamaya.jpg)
ලස්සනයි...
ReplyDeleteමියුරු ඔබේ ඇගයුමට ස්තුතියි ....
Deleteහරිම ලස්සණයි !
ReplyDeleteහැමදාමත් වගේ ඔබේ දිරිගැන්වීමට ස්තුතියි කලණ
Deleteලස්සනයි.
ReplyDeleteඔබේ ඇගයුමට ස්තුතියි .
Delete