මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 14, 2019

යලිදු ලංව ඔබ ළග හැංගෙන්න හිතෙනවා ……….අනුරුද්ධ වැලිගමගේ.....කවි....




Image result for couple in a park



කතා නොකර හිටි දවසට
මුහුණ හංග ගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ සිතට දැනෙනවා
සත්තයි හිතට හැගෙනවා

ගව් සියක් ගෙවා අවසන
ගෙපැල අද්දරම ඇතිවිට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

එලිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා


අනුරුද්ධ වැලිගමගේ

Image result for couple in a park



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images,
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

6 comments:

  1. හරිම සුන්දර පදවැලක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ් ඔබේ දිරිගැන්වීමට ....

      Delete
  2. හරිම ලස්සන, හෘදයාංගම පදපේලි
    එකතුවෙලා ලස්සන නිර්මාණයක් ඔබේ අතින් ලියැවිලා.

    අවසාන පේළිය විශේෂයි. "යලිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනව"

    පුදුමයක් නොවන්නේ ලිවීමට ඔබ අති දක්ෂයෙකු බව මා හොඳින්ම දන්නා නිසයි.

    සුබ පැතුම් අනුරුද්ධ !!!

    ReplyDelete
    Replies
    1. සුනිමල් ඔබේ ආදරණීය සටහනට ස්තූතියි . බොහෝ දෙනෙකු ඔබ පුරකයෙකු සහ වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස දකිතත් දක්ෂ ගීත රචකයෙකු වන ඔබේ ඇගයුම සැබෑ දිරිගැන්වීමක් .

      Delete
  3. Harima lassanai aiya,subapathum.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete