ලෝකයේ
ලොකුම සාගරය වන පැසිෆික් සාගර රැල්ල මුලින්ම කැනඩාවට වදින තැනක් තියෙනවා . ඒ තමයි වැන්කුවර් දූපත . වසර දහස් ගණනක පටන් ආදි වාසීන් දිවි ගෙවූ එය වර්ග කිලෝමිටර 31,285 විශාලයි . ලක්ෂ 8 කට අධික ජනගහණයක් වෙසෙන මේ දූපතේ බ්රිටිෂ් කොලොම්බියාවේ අගනුවර වන වික්ටෝරියා නගරය පිහිටා තිබෙනවා .
ලොස්
ඇන්ජලීස් නගරයේ ගමනින් පස්සෙ අපි ආයෙමත් කැනඩාවෙ රවුමක් යමු . මේ වතාවෙ අපි යන්නෙ කැනඩාවෙ බටහිර අන්තයට .ටොරොන්ටෝවේ ඉදන් පැය 5 ක් පමණ ගුවන් ගමනකට පස්සෙ අපි වැන්කුවර් ගුවන් තොටුපොළට ළගා වුනා . රිච්මන්ඩ් නගරයේ නවාතැනෙන් අපි උදෙන්ම පිටත් වුනේ වැන්කුවර් දුපතට යන්න . අපි සති කීපෙකට කලින් උදෙන්ම යන පාරුව අන්තරජාලයෙන් වෙන්කරලා තිබ්බ හින්ද වැඩේ පහසු වුණා .
අපි
තෝරාගත්තේ වැන්කුවර් නගරයට කිලෝමීටර 38 ක් දකුණින් පිහිටි Tsawwassen ඉදන් වික්ටෝරියා නගරයට කිලෝමීටර් 32 ක් උතුරින් තිබෙන Swartz Bay අතර යන පාරුව. පැයකුත් විනාඩි 35 ක් ගතවෙන ඒ ගමන
හරිම අපූරු අත්දැකීමක් . දවසේ කාලය කළමනාකරණය කර ගන්න අපි වෙන්කලේ දවසේ පළමු පාරුව සහ අවසන් පාරුවට පෙර ආපසු යන පාරුවයි . වාහනේ පාරුවේ පහල තට්ටුවේ ගාල් කරලා උඩ තට්ටුවට ගියාම එතැන තියෙන ආපන ශාලා වලින්
උදේට , දවල්ට , රැට හොදට කන්නත් පුළුවන් . අවශ්‍ය නම් නිවාඩු පාඩුවේ පොඩි නින්දක් දා ගන්නත් පුළුවන් . එහෙම නැත්නම් Wi-Fi පහසුකම් තියෙන කොටසට ගිහින් තමන්ගේ රාජකාරී හරි අධ්යන හරි වැඩක් කරගන්න පුළුවන්. අපි නම් කලේ උදේ කෑම කාලා පාරුවේ උඩම තට්ටුවේ වටේට ගිහින් මුහුදත් , පරිසරයත් විද ගත්ත එකයි .
පාරුව
ගමනාන්තයට කිට්ටු වෙනකොට කල දැනුම් දීමට අනුව අපි සුදානම් වුනේ පහලට ගිහින් වාහනයට ගොඩවෙන්න . ඔන්න ටික වෙලාවකින් අපි පැසිෆික් මනාලිය ගාව .
![Image result for tsawwassen ferry terminal](https://media-cdn.tripadvisor.com/media/photo-s/08/1f/b7/e4/bc-ferries.jpg)
![Image result for butchart gardens victoria](https://visitorinvictoria.ca/wp-content/uploads/2015/01/IMG_2959-HDR-8.14.27-AM-800x529.jpeg)
බුචාර්ට් මල්වත්ත ( Butchart Gardens)
![Image result for butchart gardens victoria](https://www.kenmoreair.com/uploads/images/experiences/Butchart-Gardens.jpg)
බාල
, මහළු හැමෝම ආදරය කරන තැනක් වන මෙතැන දවසක්ම ඉන්න පුළුවන් . අක්කර 130 ක වතුයායක අක්කර 55 ක් පුරා පැතිර යන මේ මල්වත්ත ජෙනී බුචාර්ට් ( Jenny Butchart ) මැතිණිය පටන්
ගත්තේ 1920 දී තම සැමියාගේ සිමෙන්ති කම්හලට ගල් ලබාගත් ගල් කොරිය ආශ්රිත ප්රදේශයෙන් . ලොව පුරා දස අත ඇය කල සංචාරවලදී එකතු කරගත් මල් සහ පැල භාවිතයෙන් කුඩාවට පටන් ගත් එය අද වසරකට මිලියන ගණනක් සංචාරකයින් පැමිණෙන ප්රමුඛ තැනක්
![Image result for jennie butchart](https://i.pinimg.com/originals/10/21/b0/1021b076d511ef9197be1736e4ea65b5.jpg)
Jenny Butchart
ButlerSturtevant සහ
Samuel Maclure යන උද්යාන ශිල්පීන් ගෙන් සහ 1939 දී අවුරුදු 21 ක කොලුගැටයෙක් වූ Ian Ross නම්
මුණුපුරාට පැවරුණු මේ මල්වත්ත විවිධ වෙනස්කම් වලට බදුන්ව තිබෙන කැනඩාවේ ජාතික උරුමයක් .
රෝස උද්යානය, ජපන් උද්යානය, ඉතාලි උද්යානය, මධ්යධරණී උද්යානය, ගිලුණු උද්යානය ලෙසින් නම් වුනු කලාප රැසක් එහි තිබෙනවා . කාන්තාවන් නම් මෙතැනින් එළියට ගන්න අමාරු වේවි . මල් ඇට , සමරු සේම රසවත් ඉතාලි අයිස්ක්රීම් එකක රස බලන්නත් මෙතැන කදිම තැනක් .
![Image result for butchart gardens victoria](https://visitorinvictoria.ca/wp-content/uploads/2015/01/Butchart-19.jpeg)
Craigdarroch මාලිගාව ( Craigdarroch Castle)
![Image result for robert dunsmuir](http://www.biographi.ca/bioimages/original.383.jpg)
වැන්කුවර්
දූපතට යන අය බලන්න යන වික්ටෝරියානු යුගයේ ස්කොටිෂ් ඌරුවේ මාලිගාවක් වන මෙය සිහිපත් කලේ අප මීට පෙර ගමනකදී ගිය ටොරොන්ටෝවේ කාසලොමා මන්දිරය . කැනඩාවේ තවත් ජාතික උරුමයක් වන මෙය කාමර 39 කින් යුත් වර්ග අඩි 25,000 ක සුවිසල් නිවසක් . ගල් අගුරු ආකර වලින් පොහොසතෙකු වූ Robert Dunsmuir විසින් කරවූ මෙය Warren Haywood
williams සැලැස්මක්
මත ඉදිවුණා. එහෙත් මෙහි ඉදිකිරීම් අවසන් කරන්නට පෙර ඒ දෙපලම
මියගියා .
![Image result for robert dunsmuir](http://www.vancouversun.com/cms/binary/10962508.jpg?size=sw620x65)
Robert Dunsmuir
පසු කාලීනව සැලසුම් කටයුතු කලේ Arthur L Smith.
කැනේඩියානු
ඩොලර් ලක්ෂ 5 ක් පමණ වැයවූ මේ මැදුර ඩන්ස්මුයිර් මහතාගේ අභාවයෙන් පසු ඇතිවූ ආර්ථික අවපාතයත් සමග ඩොලර් 38000 වැනි අඩු මුදලකට විකිණී තිබෙනවා . කලින් කලට විවිධ දේ සදහා භාවිතා වූ මෙය වර්තමානයේදී භාරයක් මගින් පාලනය වන වසරකට 150000 කට වැඩි පිරිසක් නරබන සංචාරක කේන්ද්රස්ථානයක් .
මයිල් සීරෝ ( Mile 0 )
බ්රිටිෂ් කොලොම්බියාවේ වික්ටෝරියා නගරයෙන් පටන් අරගෙන නිව් ෆවුන්ඩ්ලන්තයේ ශාන්ත ජෝන් නගරය දක්වා යන ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය දිගින් කිලෝමීටර 8030 ක් . යුකෝන් , නිනවුට් සහ North west
teritories හැර කැනඩාවේ
අනෙකුත් පළාත් 10 ම යා කෙරෙන මේ පාර පටන් ගන්නේ බීකන් හිල් උද්යානයෙන් .( Beacon Hill Park ) ඒ වෙනුවෙන්
තැනුණු සමරු සලකුණක් උද්යානයේ එක් මායිමක තිබෙනවා .
![Image result for beacon hill park victoria](https://www.tourismvictoria.com/sites/default/files/listing_65045_2.jpg)
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ( BC Parliament Building)
![Image result for BC Parliament Building](https://images.dailyhive.com/20170502125127/The-BC-Legislature-in-Victoria-BC-BGSmithShutterstock.jpg)
වික්ටෝරියාවට
යන කවුරුත් යන මෙහි සැලසුම් ශිල්පියා අවුරුදු 25 ක කොලුගැටයෙක් . 1893 පැවති තරගාවලියකදී ABC
Architech නමින්
සැලසුමක් ඉදිරිපත් කල Francis Ratenbury ගේ අදහස්
අනුව 1897 දී මෙය ඉදිකර තිබෙනවා . වසර පුරාම උදෑසන 9 සිට සවස 5 දක්වා මග පෙන්වන්නෙකු විස්තර කියන සංචාර මෙහි ක්රියාත්මක වෙනවා .
Francis Ratenbury
![Image result for bc parliament building inside](https://www.tourismvictoria.com/sites/default/files/listing_64427_2.jpg)
වික්ටෝරියා
නගරය නම් වුනේ එකල හිරු නොබසින අධිරාජ්යයේ මහා රාජිනියව සිටි වික්ටෝරියා රැජිණ සිහිවීමටයි . බ්‍රිතාන්‍ය ගති ලක්ෂණ පෙන්වන එහි අශ්ව රථයක නැගී රවුමක් යන්නත් , තල්මසුන් බලන්නට යන මුහුදු සංචාරයක් සේම සී ප්ලේන් එකක නැගී ගුවනට නැගෙන්නත් ඔබට පුළුවන් .
අපි
වික්ටෝරියා නගරයේ වීදි දිගේ ඇවිද්දා , ටිකක් කලියෙන් පාරුවේ පිටවෙන පෝලිමට එකතු වෙන්න ආයෙමත් වාහනයට නැග්ගා . රෑ කෑමත් පාරුවෙන්ම අරගෙන රිච්මන්ඩ් නගරයේ නවාතැනට යන්නයි අපේ සූදානම .
![Image result for bc ferries inside](https://www.bcferries.com/files/images/amenities/onboard/coastalcafe/slideshow/Spirt_of_BC_Coastal_Cafe.jpg)
අවුරුදු
300 ක් පරණ ගස් මැද්දෙන් වැන්කුවර් වරායෙන් ඉර බහිනවා බලන්න ඊළග මාසයේදී හමුවෙමු .
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
![Image result for victoria bc](https://hikebiketravel.com/wp-content/uploads/2019/05/Victoria-1.jpg)
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 ජනවාරි කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
![Image result for dasatha publications](http://dasatha.com/wp-content/uploads/2016/07/featured-img.jpg)
අවුරුදු 300 ක් පරණ ගස් වලට කතා කරන්න පුළුවන් නම් .............
ReplyDeleteහැමදාම වගේ අරුත් බර ලියවිල්ලක් . ස්තුතී .
කලණ හැමදාමත් වගේ ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි .
Delete