මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Monday, September 21, 2020

වැට අද්දර පැපොල් ගහේ ඉන්නා තුන් ඉරි අප්පු ...... අනුරුද්ධ වැලිගමගේ......රුපවාහිනී ළමා ගීත.....

 


 

වැට අද්දර පැපොල් ගහේ  ඉන්නා තුන් ඉරි අප්පු 

දැක්කේ නැහැ හුග කලකින් කොහේ ගියාද අපෙ අප්පු 

එහෙන් එබිලා මෙහෙන් එබිලා පැපොල් ගහේ මුදුනේ ඉදන්

කරණම් වැඩ හරිම ගොඩයි කෝ මේ තුන් ඉරි අප්පු  ......

 

ඉරි තුන පිට මැද හරියට ලස්සන සිතුවම් වැන්නේ

දැක්කෙ නැතුව කාලයකින් පාළුව තනියක් එන්නේ 

මුළු වත්තම පාළු වගෙයි ටිං ටිං හඩ නැහැ ඇහුණේ

වන්නම් හැඩ නැටුම් එක්ක එන්නෙ නැද්ද අපෙ අප්පු 

 

වැට අද්දර පැපොල් ගහේ   ඉන්නා තුන් ඉරි අප්පු.....

 

හොදට ඉදුණු ගෙඩි කනවට අම්මයි කටු අතු බැන්දේ

ඒත් ඔයා ආවෝතින් මගේ පංගුවෙන් දෙන්නේ

වලිග පොඩිය හොදට වනලා හනික වරෙන් අපෙ අප්පු

මල්ලි එක්ක මම ඉන්නම් හොදට බලං අපෙ අප්පු

 

වැට අද්දර පැපොල් ගහේ  ඉන්නා තුන් ඉරි අප්පු .....

 

අනුරුද්ධ වැලිගමගේ



1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශය දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment