මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 24, 2022

හිරිහැරයක් නෑ වෙන්නේ , සමණලුනේ නොම යන්නේ









පාට ගොඩක් ගෑවෙන්නේ 

දේදුන්නේලු රෑ ඉන්නේ 

මල් නොතලා පැණි බීවේ 

කොහෙ ඉදලද ඔබ ආවේ 


සිනිදු සේලයෙන් මහලා 

කවුරුද ඇදුමක් දුන්නේ 

පාට පාට මල් ඉහිරුණු 

ඇදුමයි සිරියක් දෙන්නේ 


හිමිදිරියෙම ඔබ එන්නේ 

හිරුත් සමග යලි යන්නේ 

සමණල කන්දට ගිහිල්ලා 

සිරිපා වැදගෙනද එන්නෙ 


ආස නිසයි මේ ආවේ 

ඇයි ඔබ පියබා  යන්නේ 

හිරිහැරයක් නෑ වෙන්නේ 

සමණලුනේ නොම යන්නේ 


අනුරුද්ධ වැලිගමගේ  


 1993 ජුලි 09 දින ජාතික රූපවාහිනියේ  උදාර වැඩසටහනින් විකාශය විය .

දෘශ්‍ය පිටපත් හෝ දායකත්වය දැක්වූ නිර්මාණ ශිල්පීන් පිළිබද  පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

2 comments:

  1. තුන්වෙනි කවිය අනිත් ඒවල තාලයට ගැලපෙන්නේ නැහැ වගේ . ළමා ගීයක් වගේ

    ReplyDelete
  2. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. දැන් බලනකොට මටත් එහෙම හිතෙනවා . හැබැයි මේ සටහන අවුරුදු 30ක් පරණ මුල් ගීයම තමයි . දැන් මම ලිව්වොත් සෑහෙන්න වෙනස්කම් තියේවි .

    ReplyDelete