![Image result for dinosaur provincial park](https://media-cdn.tripadvisor.com/media/photo-s/10/e2/f9/0f/sunset-at-dinosaur-provincial.jpg)
ඩයිනෝසර
පොසිලත් අහස් ගඟත් සොයා ඇල්බර්ටාවට
ගිය ගමනක් .......
![Image result for dinosaur provincial park](https://www.intrepidtravel.com/adventures/wp-content/uploads/2015/04/dinosaur-provincial-credit-Travis.jpg)
භූ විද්යාඥ ජෝසප් බර් ටයිරෙල් ( Joseph Bur Tyrell) 1884 දී රතු මුවන් නිම්නයේ පර්යේෂණ කටයුතු සදහා ගියේ ගල් අගුරු සොයාගැනීමේ අරමුණින් . ඒ
අතර අහම්බයෙන් ඔහුට හමුවුණේ වසර මිලියන ගණනක් පැරණි ඩයිනෝසර පොසිලයන් . ඇල්බර්ටා ප්රාන්තයේ පැට්රිෂියා නගරයට නුදුරින් පිහිටි සුවිසල් බිම් කඩකදී හමු වූ ඒ පොසිල අද ලෝකයේ විවිධ තැන්වල කෞතුකාගාර රැසකදී මහත් ජන ප්රසාදයට පත්ව තිබෙනවා . මීට පෙර කලාපයකදී දසත ඔබව කැදවා ගෙන ගිය ටොරොන්ටෝවේ රාජකීය ඔන්ටාරියෝ කෞතුකාගාරයේදී ( ROM) ඒවා දුටු මට කවදා හෝ ඒ පරිශ්රය දැකගැනීමේ ආසාවක් ද තිබුණා .
බොහෝ දෙනෙක් ඩ්රම්හෙලර් ( Drumheller) හි පිහිටි ඩයිනසෝර් කෞතුකාගාරයට ගොස් ආපසු කැල්ගරි බලා ගියත් යුනෙස්කෝව විසින් ප්රකාශයට පත් කල ලෝක උරුමයක් වන මේ පරිශ්රය බලන්නට දවසක්ම වෙන්කලේ ඒ නිසා .
![Image result for Joseph Burr Tyrrell](https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f5/JBTyrrell.png/220px-JBTyrrell.png)
![Image result for dinosaur provincial park](https://hikebiketravel.com/wp-content/uploads/2012/10/Dinosaur-Provincial-Park-188.jpg)
දසත සංචාරයක මතකයත් එක්ක ඔබ මේ වනවිට කැනඩාවේ ඔන්ටාරියෝ , ක්විබෙක් , නිව් බ්රුන්ස්විච්ක් , එඩ්වඩ් කුමාර දිවයින , නෝවා ස්කොෂියා පළාත් වලට සංචාරය කර තිබෙනවා . පසුගිය කාලයේ ඛණිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් කල ඇල්බර්ටා පළාතට යන්නට අපි හිතුවෙ ඒ නිසා . ටොරොන්ටෝවේ සිට දින කිහිපයක රථ ධාවනයෙන් මිදෙන්නට අප කලේ
වට්ටම් ලැබෙන ජනවාරියේ ඉරිදාවක කැල්ගරි නගරයට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමයි . ඒ
සමගම එහි සිට ගමනට කුලී වාහනයක් ද වෙන්කර ගැනීම හොදයි . මේ ගමනේ දිගුවක් ලෙස රොකී කදුවැටිය වටා රවුමක් යන්නත් පුළුවන්.
ඩයිනෝසර
පළාත් උද්යානය ( Dinosaur Provincial Park)
කැල්ගරි නගරයේ සිට කිලෝමීටර් 219 ක් නැගෙනහිරට වන්නට පිහිටි මේ උද්යානය 1955 ජුනි 27 වැනිදා ආරම්භ කර තිබෙන්නේ පොසිල හමුවූ බිම්කඩ ආරක්ෂා කිරීමේ අරමුණින් . මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්රකාශයට ප්රකාශයට පත් වුයේ 1979 දී . මෙහි ඇති සුවිශේෂී භූ ලක්ෂණ නිමැවීම පිළිබදව විවිධ මති මතාන්තර තියෙනවා . වසර මිලියන ගණනක ඉතිහාසයේදී ග්ලැසියර දියවී ගොස් පාංශු ඛාදනය වීමෙන් මෙය නිමැවුණු බවයි ප්රමුඛ මතය . මේ පරිශ්රය වර්ග කිලෝමීටර 73 ක් තරම් සුවිසල්. මෙහි සමහර ප්රදේශ කරා යන්නට පොදු අවසරය නැහැ . අදත් මේ ඉසව්වේ පර්යේෂණ කටයුතු කෙරෙනවා .
මග පෙන්වන්නෙකු සමග විශේෂ බස් රථයකින් එම සංරක්ෂිත ඉසව් කරා කණ්ඩායම් සංචාරයක් කරන්න පුළුවන්. මෙහි තොරතුරු මධ්යස්ථානයේ ඇති පර්යේෂණාගාරයේදී පොසිල ප්රතිනිර්මාණය කිරීමේ වැඩමුළු ඇතුළු බොහෝ වැඩසටහන් තිබෙනවා . ඉඩකඩ සීමිත නිසා අන්තර්ජාලයෙන් මුදල් ගෙවා ඒ සදහා කලින් ලියාපදිංචි වීම නුවණට හුරුයි .
නැරබුම් ස්ථාන කිහිපයක් ඇති වටරවුම් මාර්ගය ඔබේ රථයෙන්ම ගොස් පරිසරය විදගන්නට දුන් කදිම අවසරයක් . අවශ්‍ය නම් මෙහි ඇති පහසුකම් සහිත කදවුරු බිමේ රැයක් ගත කරන්නත් පුළුවන් . අප වඩාත්ම රසවින්දේ තොරතුරු මධ්යස්ථානයට උඩින් තරමක උසින් පිහිටි නැරබුම් පොලේ සිට අවට බැලීමයි.
පහසුවෙන් ලිස්සා යා හැකි නිසා හොද ක්රීඩා සපත්තු කුට්ටමක් පැලදීමත් , ගිම්හානයේදී නම් දැඩි හිරු රැසින් මිදෙන්නට අව් කණ්නාඩි සහ හිස්වැසුම් ගෙනයාමත් සුබදායකයි .කැල්ගරි නගරයේ සිට ට්රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය දිගේ පැය 2 ක පමණ දුර යා යුතු නිසා
දවසේ උපරිම ප්රයෝජනය ගන්නට නම් උදෙන්ම නවාතැනෙන් පිටත්වීම හොදයි .
ඩයිනෝසර පළාත් උද්යානය නුදුරේම ඇති තවත් ජාතික වැදගත්කමක්
ඇති තැනක් ලෙස බ්රුක්ස් අහස් ගග ( Brooks Aquaduct) හදුන්වා දෙන්නට පුළුවන් .
![Image result for brooks aqueduct](https://media-cdn.tripadvisor.com/media/photo-s/0b/84/d8/5f/the-aqueduct-detail-2.jpg)
බ්රුක්ස්
අහස් ගග ( Brooks Aquaduct)
![Image result for brooks aqueduct](http://img.groundspeak.com/waymarking/log/display/116d08f0-845b-43ac-9c8a-9f2c147c7ca0.jpg)
![Image result for canada farm land for sale vintage posters](http://www.russborough.com/antique_prints/posters/Jpegs/P5_readymadefarms_sm.jpg)
මේ ගැන කථා කරන්නට පෙර කැනඩාවේ ඉතිහාසයට යන්නට වෙනවා . ජනශුන්‍ය කැනඩාවේ නොදියුණු ප්රදේශ ඔන්ටාරියෝ සහ කුවිබෙක් පළාත් යාකරමින් තැනුණු කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ග ව්යාපෘතිය හුදෙක් දුම්රිය මාර්ගයක් තැනීමක්ම වුනේ නැහැ . නොමිලයේ ඉඩම් සහ පහසුකම් ලබාදෙමින් , නගර ඉදිකරමින් යුරෝපයේ සිට සංක්රමණිකයන් කැනඩාවට ගෙන්වා ගත් යුගයක් තිබුණා . එය ලංකාවේ ගොවි ජනපද ව්යාපාරයට සමානයි .අද මෙන් විවිධ වාහන නොතිබූ එකල දුම්රියත් , දුම්රිය නගරත් සුවිශේෂී වැදගත් කමක් ගත්තා . ඒ සංක්රමණිකයන්ට ලැබුනේ ප්රෙයරි තණබිමේ ( Praire) තිබුණු වගාවට සුදුසු ඉඩම් කට්ටි .
අසල පිහිටි ජල ප්රභවයන්ගෙන් ප්රෙයරි තණබිමේ ජලය හිග ප්රදේශ කරා ජලය ගෙනයාමේ අරමුණින් 1910-1912 කාලයේදී කැනේඩියානු පැසිෆික් දුම්රිය සමාගමේ ඉංජිනේරුවන් විසින් ඉදිකළ මේ ඉදිකිරීම අද එතරම් ලොකු දෙයක් නොවුණාට එදා මහත් විස්කමක් ලෙස සැලකුනා .
මීටර 20 ක උසකින් යුත් කොන්ක්රීට් කුළුණු මත අහසේ තැනුණු ඇල මාර්ගයක් වන මෙය දිගින් කිලෝමීටර 3.2 ක් . විනාඩියකට කියුබික් අඩි 900 ක ජල ධාරිතාවයක් ගෙන යන්නට සමත් මෙය එදා ඒ බිමට අළුත් පිරිසට සැලකුවේ හරිම ඉහලින් . විටෙක දුම්රිය මාර්ගයට සමාන්තරව ගිය එය විටෙක උමගක් මගින් දුම්රිය මාර්ගය යටින් යනවා .
නඩත්තු කටයුතු වල අපහසුතා , බසානෝ වේල්ල වැනි පසුකාලීන ආදේශක නිසා වසර 60 ක සේවා කාලයකට පසුව 1970 දී මෙය භාවිතයෙන් ඉවත් වුවත් නොනසා ජාතික උරුමයක් ලෙස රකින්නේ එය කල මහගු සේවය සිහි ගන්වනු පිණිසයි .
![Image result for brooks aqueduct](https://c2.staticflickr.com/6/5558/15251748601_6d63994025_b.jpg)
මේ ප්රදේශයේ ඇති සංචාරයට සුදුසු තවත් තැන්
· ඩ්රම්හෙලර් ඩයිනෝසර කෞතුකාගාරය (Royal Tyrrell Museum of Palaeontology )
![Image result for royal tyrrell museum](https://media-cdn.tripadvisor.com/media/photo-s/08/e2/40/b4/royal-tyrrell-museum.jpg)
ඇට්ලස් ගල් අගුරු පතල ( Atlas Coal Mine )
![Atlas Coal Mine National Historic Site, Alberta Canada](https://www.todocanada.ca/wp-content/uploads/Mantrip-tipple.jpg)
ලෝකයේ ලොකුම ඩයිනෝසර පිළිමය (World's Largest Dinosaur)
![Related image](https://c1.staticflickr.com/5/4075/4755397816_5883aa16b5_b.jpg)
·
·
රේනොල්ඩ්ස් ඇල්බර්ටා තාක්ෂණ කෞතුකාගාරය (Reynolds-Alberta
Museum )
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ * අන්තර්ජාලයෙන්
![Curator Tours | Atlas Coal Mine : Atlas Coal Mine](https://atlascoalmine.ab.ca/wp-content/uploads/2019/03/Curator-Tour-Atlas-Coal-Mine.jpg)
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 අප්‍රේල් කලාපයේ පලවිය .
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
http://dasatha.com/
![Related image](https://i.pinimg.com/originals/23/9b/a0/239ba0d75001029a8340a7061eccaf0d.jpg)
![Image result for dinosaur provincial park](https://media-cdn.tripadvisor.com/media/photo-s/13/f7/93/59/hoodoos-in-dinosaur-provincial.jpg)
Great
ReplyDeleteThank you
DeleteWow! අහස් ගඟ නියමයි. කල්ගාරි හරිම ලස්සන පළාතක් නේද? මං පින්තූර දැකලා තියෙනවා ලස්සන කඳු වැටි, විල් එක්ක.
ReplyDeleteබොහොම ස්තුතියි ගොඩ වුණාට , ඔව් කැල්ගරි හරි ලස්සන පලාතක් . රොකී කදුවැටියේ ලස්සන තැන් ගොඩක් තියෙනවා . ඒ ගැන දසත පත්තරේට 2018 මැයි මාසෙ ඉදන් ඔක්තෝම්බර් මාසෙ වෙනකම් ලිපි 6 ක ලිපි මාලාවක් ලිව්වා . ඉදිරි මාස 6 දී ඒ ලිපි බ්ලොග් එකට එකතු කරන්නම් . ඒ වගේම බ්‍රිටිෂ් කොලොම්බියා පලාතත් ලස්සනයි . ඉදිරියේදී ඒ ගැන ලියු ලිපි දසතටත් , බ්ලොග් අඩවියටත් එකතු කරන්නම් .
Delete++++++++++++++
ReplyDeleteමුල්ම ඩයිනොසර් පොසිලය හොයාගෙන තියෙන්නේ කැනඩාවෙන් ද? කලින් නොදැන සිටි විස්තර ගොඩක්.. ස්තුතියි
ReplyDeleteනැහැ ලෝකේ පළමු ඩයිනොසර පොසිල හම්බ වෙලා තියෙන්නේ මෙතැනින් නෙවෙයි . ඒත් මෙතැන පහසුවෙන් ඒවා ගොඩක් හොයාගන්න පුළුවන් තැනක් හින්ද ජනාවාස නොකර සංරක්ෂණය කරලා තියෙනවා . බොහොම ස්තුතියි ඔබේ අදහස් සහ දිරිගැන්වීමට .....
Delete