පිනි ඉහිරුණු මීදුම අස්සේ ඒ මතකය දිවයයි පස්සේ....
![Image result for lavender farm and girl](http://fashion-reflection.com/dir/wp-content/uploads/2016/08/lavender-farm-6108.jpg)
ලැවන් ඩරා මල් සුවදේ
ඔබේ පුසුබ මට දැනුනේ
දේදුනු පාලම අහසේ
බොද මීදුම් තිරයකි ඇන්දේ
සුමුදු මතක දැවටෙන්නේ .........
හිම වරුසාවට පස්සේ
සුදු පිනිකැට මුතු ඇට මැවුවේ
පිණි ඉහිරුණු තුරු ඉති මත්තේ
යුග යුග මතකය සිත රැදුණේ
ඒ මතක පොතේ පිටු පෙරලේ ........
සමණල යායක් මැද්දේ
මල් අතරිනි ඔබ රුව දුටුවේ
පිනි ඉහිරුණු මීදුම අස්සේ
ඒ මතකය දිවයයි පස්සේ
දුර දිවයයි හිත ඉස්මත්තේ ...
![Image result for lavender farm and couple](http://kipbeelman.net/wp-content/uploads/2012/08/sequim-lavender-engagement-photos-05.jpg)
සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
එල
ReplyDeleteබොහොම ස්තුතියි මේනක
Deleteඅනුරුද්ධ තරහ ගන්නේ නැත්නම් කියන්න කැමතියි පලවෙනි පද පේලි 5 හේ මාත්‍රාව හරි යන්නේ නැහැ වගේ මට කොයි විධිහට කියවන්න හැදුවත්
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් බලන්න දැන් හොදයිද කියල ....
Delete++++++
Delete