මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 1, 2018

අද කතාව සීනි සම්බෝලය ..........රේඩියෝ කෙටිකතා......වෛද්‍ය රුවන් එම් ජයතුංග......



‘‘ ඔයා ඔහොම කරලා හරි යන්නේ නැහැ. බලන්න ඒකනායක ඔයාට වඩා අවුරුදු දෙකක් ජූනියර්. ඒත් දැන් ඔයාගේ මට්ටමට ඇවිල්ලා. හෙට අනිද්දා මිනිහා තවත් ප‍්‍රමෝෂන් එකකුත් ගහගෙන ඔයාට වඩා ඉහළට යයි. මිනිහාට වඩා හපන් මහගේ. ඉංගී‍්‍රසි ටිකක් කටේ තොලේ ගාගෙන මහ උජාරුවට පි‍්‍රන්සිපල් එක්කත් හරි හරියට කතා කරනවා. අපේ අංශ භාර ගෑනිට ඉංගී‍්‍රසි බැහැ. ඔක්කොම ලියුම් කියුම් පි‍්‍රන්සිපල් මාලතීට බාර දීලා. අංශ භාර ගෑණිත් දපනේ වැටිලා ඉන්නේ. අපට පිප්පුවට බලන්න ඕන මාලතීට තියෙන සැලකිළි.’’ ඇය කියාගෙන ගියේ දියණියගේ හිස පීරණ අතරතුරදීය. ඉතා තදින් පනාව කොණ්ඩය අතරින් යැවීම නිසා දැරිය වේදනාවෙන් කෙඳිරිගෑවාය. 


‘‘ අනේ අම්මේ, මට රිදෙනවා. හිමින් පීරන්නකෝ. ඇය කෑගෑවාය.


‘‘ඔහොම ඉඳපන් දඟලන්නේ නැතුව. උඹ ඊයේ ගෙදර වැඩ කරලා තිබුණෙත් නැහැ. ගනින්කෝ අඩු ලකුණු වාර විභාගෙට.’’ මෙය රම්‍යලතා කීවේ දියණියගේ පිටට පහරක් ද ගසමිනි. බිරිඳගේ හෑල්ල හා දියණියගේ හැඩීම නිසා වීරසේන තුළ ඇති වූයේ කෝපයකි. 


‘‘හරි, හරි. ඔයාගේ තදියම තිබුණට ඔෆිස්වල ප‍්‍රමෝෂන් පත්තර බෙදන්නා වගේ දෙන්නේ නෑනේ. මම ලොක්කට හැම තිස්සෙම යාප්පු වෙනවා. හැමදාම මැරීගෙන වැඩ කරනවා. අපේ වෙලාව තමයි.’’ 


‘‘ වෙලාව එනකොට ඒකනායකලා අපිව පරාද කරලා. මිනිහා හෙට අනිද්දා හොඳ අලූත් මෝටර් සයිකලයක් ගන්න යනවා කියලා ගෑනී ස්ටාෆ් රූම් එකේ පම්පෝරියකුත් ගැහුවේ.’’ රම්‍යලතා පැවසුවේ කට ඇද කරමිනි. 


’’ ඒකනායක වැඩ කාරයා. මිනිහා බාහිර උපාධියකුත් කරනවා. ලොක්කා මිනිහට කැමතියි.’’ බිරියගේ කියුම් වලට වීරසේන පිලිතුරු දුන්නේ පරාජිත හඩකිනි.


‘‘එහෙනම් එකත් එකටම ඒකනායක ඔයා ගැන ලොක්කට ගතු කියලා ඇති. ඔයත් නිකම් ඉන්නේ නැතුව බලන්නකෝ මිනිහගේ කුණු ටිකක් ඇදලා ලොක්කගේ කනේ තියන්න.’’ 


‘‘ හරි, හරි. අපි බලමු කේස් එකක් ඇද ගන්නේ නැතුව මොනව හරි කරන්න. අනිද්දාට ලෙකම්තුමාත් එනවා. මම හො`ද දඩමස් ටිකක් හොයාගෙන තියාගෙන ඉන්නේ ගල්වලේ ඇඞ්වින්ට කියලා. ලේකම්තුමා දඩමසට කෑදරයා. බලන්නකෝ මම ලේකම්තුමාට ඌරු මස් දීලා බැලන්ස් කරන හැටි.’’ වීරසේන පැවසුවේ සංවාදය අවසන් කිරීමටය. 


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව සීනි සම්බෝලය ..........

Related image

http://transyl2014.blogspot.com/2015/02/blog-post_27.html

කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ......

සවනට රචනා කලේ  වෛද්‍ය රුවන් එම් ජයතුංග 








* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ සම්පුර්ණ කතා එකතුව සදහා   Transylvania බ්ලොග් අඩවියට යන්න .

http://transyl2014.blogspot.com/

Image result for sawana radioImage result for sawana radio




විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.




10 comments:

  1. කතාව ලස්සනයි. හඬ නළුවන්ගෙ ඉදිරිපත් කිරීම නම් මදි. කොළයක් බලන් කියවනවා කියලා බොහොම හොඳට තේරෙනවා. ඒ ගැන අවධානය යොමු කරලා ඉදිරි කතාවලදී පොඩ්ඩක් ගැම්මක් අැතුව ඉදිරිපත් කිරීම් කළනම් වඩා හොඳයි..

    ReplyDelete
  2. wow ! සීනි සම්බෝලය මෙන් රසවත් !

    ReplyDelete
  3. ඔය කියන email එක දෙන්න පුළුවන්ද අනුරුද්ධ, කතාවක් එවලා බලන්න...🙂

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඔබේ කතාව ඉක්මනට එවන්න මම තව කතා 4 කින් මේ අදියර නවත්වන්නයි ඉන්නේ . ලංකාවේ තරම් පුහුණු සම්පත් සහ ශිල්පීන් නැහැ . යමක් කරන්න උත්සාහ කරන්නම් . ජීවන ගමනේ හිත නැවතුණු තැන් තේමාව යටතේ පිටු 8 කට නොඅඩු කතාවක් එවන්න . පොඩි කතා නම් 2 ක් එවන්න . ahasgawwa1@gmail.com or savana.dinanathidinapotha@gmail.com

      Delete
  4. හිතවත් අනුරුද්ධ,
    මෙම සටහන comment එකකට වඩා තරමක් වෙනස් එකක්.
    Toronto 'සවන' ගුවන් විදුලියේ ඔබ සේවය කරන බව ඇසීම සතුටට කරුණක්. පසුගිය දිනක මාගේ දියණිය වන හෙල්මලීගේ කෙටි කතාවක් ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පුවත් පත්වල සහ Blog සටහනක පළවූවා. මෙය 'sawana' මගින් ප්‍රචාරය කිරීමට තෝරා ගෙන තිබෙන බව දැනගත්තා. මගේ Face Book පිටුවටත් එය මෙසේ ඇවිත්.

    //හිතවත් හේල්මාලී,
    ඔබගේ සටහන දුටිමී.එම වැඩසටහන අප සම්පත්දායක පළපුරුදු ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදක අනුරුද්ධ වැලිගමගේ මහතාගේ ඉදිරිපත් කිරීමක්.නැවත ප්රචාරය 11නොව 10දාය.කැනඩාවේ ටෝරෝන්ටෝ සිට වේබ් අඩවියට මුදා හරින සවනට ඉදිරියේදී සම්බන්ධවෙනු ඇතැයි සිතමී.
    ඔබට ජය!
    වසන්ත ලංකාතිලක//

    අප ලොව කොහේ සිටියත් එකාකාර අදහස් ඇති අය අතර, නිරතුරුවම සන්නිවේදනයන් ඇතිවන බවට මෙම සිද්ධිය හොඳම උදාහරණයක්. We all live in a Global Village!
    Good Luck to you. දයාරත්න වීරසේකර

    ReplyDelete
    Replies
    1. හිතවත් වීරසේකර මහතාණෙනි ,

      ඔබේ සටහනට සහ දිරිගැන්වීම් වලට ස්තුතියි . සවන වාණිජ අරමුණුවලින් තොරව කැනඩාවේ සිට වෙබ්ගත කෙරෙන අන්තරජාල රේඩියෝවක් . රූපණ කැනඩාවේ සිට වෙබ්ගත වන අන්තර්ජාල රූපවාහිනී නාලිකාවක් . මව්බිමෙන් දුරු රටකදී නැතිවුණු අපේකම හොයන්නට අපි උත්සාහ කරනවා . මගේ බ්ලොග් අඩවිය හරහා මා ජනගත කරන්නේ කලක් තිස්සේ එසේ කල උත්සාහයන් .

      ඔබේ දියණිය හෙල්මලී ට ඔබේ ලේඛන කලාවේ උරුමය ලැබී තිබෙනවා . මේ සෙනසුරාදා ප්‍රචාරය වන්නේ ඇගේ මුල් කථා 2 කයි . තවත් 2 ක් හෝ 3 ක් මේ වනවිට නිෂ්පාදනය සදහා තෝරාගෙන තිබෙනවා . ලබන ජනවාරියේදී ඒවා ප්‍රචාරය සදහා සුදානම් කරන්නට බලාපොරොත්තු වෙනවා .

      හෙල්මලී ගේ පරිවර්තන කවි රැසක් ලබන අවුරුද්දේ පටන් ගන්නට යන රේඩියෝ කවි වැඩසටහනට යොදාගන්නට අවසර ලැබී තිබෙනවා .

      ඕස්ට්‍රේලියාවේ සිටින අපේ ප්‍රජාවට මේ නිර්මාණ ගැන කියන්න . ඔබ කිව්වා වගේ අද විශ්ව ගම්මානයක් නිසාත් අන්තර්ජාලය නිසාත් ඔවුනට නිවාඩු පාඩු වෙලාවට ඒවා රසවිදින්න පුළුවන් . විවේක ලැබෙන පරිද්දෙන් රේඩියෝ කෙටිකථා සහ කවි වැඩසටහන යූ ටියුබයට එකතු කරන්නටත් බ්ලොග් අඩවිය හරහා සතිපතා වෙනස් යමක් හදුන්වා දෙන්නත් බලාගෙන ඉන්නවා .

      Delete
  5. සීනී සම්බෝල කතාවත් කියවූවා. ගුවන් විදුලි නිෂ්පාදනය හරි අපූරුයි.
    ඔබට ජය !

    ReplyDelete