මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 13, 2020

පොසම් හදිස්සියක් සහ ඉබ්බි ........හෙල්මලී ගුණතිලක.....රේඩියෝ කෙටිකතා

Opossum 1080P, 2K, 4K, 5K HD wallpapers free download | Wallpaper ...

"මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!"

උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා කෑගැහුවා. හරියට ඒක කියන්න කෙනෙක් ලැබෙනකම් ඉවසන්න බැරිව හිටියා වගේ. ඇනා ට ලස්සන දිග දුඹුරු කැරළි කොණ්ඩයක් තියෙනවා. එයා ට කේන්ති ගියහම ඒ කොණ්ඩය නිතර ගස්සනවා. අද නම් සෑහෙන්න තරමේ කේන්තියක ගැස්සිල්ලක් එතැන තිබුණා.

"සතෙක්? වළහෙක් වගේ?"

මැතිව් ඇහුවේ පාන් පෙත්තක් ටෝස්ටරේට දාන ගමන්. වැඩි දෙනෙක් උදේ කෑම හදාගෙන කෑවේ වැඩට ඇවිත්. මැතිව් ට කොයි දේත් විහිළුවක්. ගණන් ගන්න තරම් බරපතල දේවල් නැති තරම්.

"පිස්සුද මනුස්සයෝ? වලස්සු කොහෙද මේ රටේ?"

ඇනා තාම කේන්තියෙන්. විහිළුවක් නොතේරෙන තරමට. කේන්තිය මැතිව් එක්කද සතා එක්කද කියලා පැහැදිලි නැහැ.

"එක්කෝ පොඩි පොසම් කෙනෙක්, නැතිනම් ලොකු මීයෙක්! ඊයේ රෑ පුරාම මගේ සිවිලිමේ ජිම්නාස්ටික් කළා!"

ඇනා ට ඇඬෙන තරම්. ඇනා මේ ගේ ගත්තේ ළඟදී. ඉන්නෙත් තනියම. සද්දේ නිසා රෑ තිස්සේ දැනුණු බයයි, කේන්තියයි කලවම් වෙලා.

"මොකද මම කරන්නේ?" ඇනා ඇහුවේ කෑ ගහලා වගේ.

"මරන්න!" මැතිව් කියද්දීම "මරන්න එපා!" මම කිව්වා. හරියට කළින් කතාවෙලා වගේ.

ඇනා පුදුමෙන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.අපි දෙන්නාටම හිනා.

"මම කිව්වේ ඇත්තට" මම කිව්වා



මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද
කියල ...

Image result for helmali gunathilake

අද කතා හෙල්මලී ගුණතිලක ගේ    ..........පොසම් හදිස්සියක් සහ ඉබ්බි



පොසම් හදිසියක්



ඉබ්බි







 Sri Lankan Hot Actress Rekha Samanmali | Actresses, Sri lankan ...

මීට පෙර වෙබ්ගත කල හෙල්මලී ගේ තවත් කථා 2 ක් .....ප්රේමයයි වෛරයයි අතරේ සහ වාසගම් 

http://ahasgawwenehalokaya.blogspot.com/2019/04/blog-post.html

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
Sawana Radio

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Sawana Radio

හෙල්මලී ගුණතිලක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා  Hot Chocolate Days බ්ලොග් අඩවියට යන්න .

Hot Chocolate Days

http://hotchocolatedays.blogspot.com/

සේයාරූ - අන්තර්ජාලයෙන් -
                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Turtle - Wikipedia


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

4 comments:

  1. ස්තූතියි අනුරුද්ධ. කෙටිකතා වලට අලුත් මානයක් එකතු කරන්න ඔබේ මහන්සිය බෙහෙවින්ම අගය කරනවා. 

    ReplyDelete
    Replies
    1. කියවා රසවිදි ඔබේ කතා අතුරින් කිහිපයක් ශ්‍රව්‍ය මාධ්‍යයට පෙරලන්නට ඔබ දුන් අවසරය අගය කරනවා. පහසුකම් තිබුණා නම් තවත් හොදින් කරන්න තිබුණා. ඔබේ නිර්මාණ දිවියට සුබ පතනවා.

      Delete
  2. ස්තූතියි ඔත්තුවට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගොඩ වුණාට ...........

      Delete