ඔබට මේ මොහොතේදී සියවස් කිහිපයක් පසුපසට යන්නට පුළුවන්ද ? අඩුම තරමේ විනාඩියක්වත් ගෙවුණු කාලය යලිත් ගත නොහැකි අයුරින් සිදුවීම් ඉතිහාසයට එකතු වන්නේ විදුලි වේගයෙනි. පොත්පත් රැසක ඇති මුලාශ්‍ර , ගවේෂණාත්මක තොරතුරු පුරාවිද්යාත්මක කාරණා සමග ගලපා ඒ ඉතිහාසය මවන්නට වාර්තා චිත්රපට නිෂ්පාදකයින් දක්වා ඇත්තේ මහත් කුසලතාවයකි. ත්රිමාණ රූප, සිද්ධි නිරූපණ චරිත සහ විෂය ප්රවීණ විද්වතුන්ගේ අදහස් සහ මතවාද අපට ඒ ඉතිහාසය සජීවී කරවයි. මා බැලු එවන් වාර්තා චිත්රපට අතරින් කිහිපයක් මේ.
The crown
වර්තමාන බ්‍රිතාන්‍ය රජ කිරුළ හොබවන එලිසබත් රැජිණගේ ජීවිත කතාව ඇසුරින් නිර්මිත මේ කථා මාලාව වැඩසටහන් 50 කින් සමන්විතය. 2016 දී විකාශනය ඇරබුණු මෙහි වැඩසටහන් 30ක් මේ වනවිට නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා රසවිදිය හැකිය. තරුණ වියේ පටන් විවිධ ගැටළු මැද රැජිණගේ ජීවිතය ගලා යන ආකාරය මේ තුලින් දැකිය හැකිය. ලෝ පුරා සම්මාන උළෙල රැසකදී සම්මාන සදහා යෝජනා වුණු සහ සම්මාන හිමි කර ගත් මේ වැඩසටහනේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත 4 වන කථා මාලාවෙන් මාග්රට් තැචර් අගමැතිනිය සහ ඩයනා කුමරිය ගැන බලන්නට අසාවෙන් සිටිමි .
වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව …..
https://en.wikipedia.org/wiki/The_Crown_(TV_series)
History of Russia
රුසියානු ඉතිහාසය ගැන කියැවෙන වැඩසටහන් 5 කින් යුතු කථා මාලාවකි .ක්රිස්තු පුර්ව 2000 සිට 1917 රුසියානු විප්ලවය දක්වා රුසියාවේ ඉතිහාසය කැටිකල මෙය තුලින් ඉතිහාසය හාරා අවුස්සන්නට හොද දොරටුවක් විවර කරගත හැකිය. රුසියාවේ ඉතිහාසය ගැන තවත් උන්නදු නම් රුසියානු විප්ලවය සහ ඉන් ඔබ්බට කෙරුණු තවත් වාර්තා චිත්රපට රැසක් තිබේ .
යු ටියුබ් දිගුව
Gold, Silver & Slaves
වහල් වෙළදාම අතීතයේදී ඉතාමත් ජයට කෙරුණු මුදල් උපයන මාර්ගයකි . රන් රිදී සේම වහලුන් විශේෂයෙන්ම අප්රිකානු රටවලින් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙනා දුක්මුසු කථාවෙන් බිදක් මෙහි එකතුවී තිබේ . වහල් වෙළදාම ගැන කෙරුණු වාර්තා චිත්රපට අතරින් මෙයට මම වඩාත් කැමතිය .
![An Entirely New Form of Christian Slavery" - Professor Alec Ryrie ...](https://i.ytimg.com/vi/6SAgjesxfug/maxresdefault.jpg)
Secrets of the six wives
බැලූ බැල්මට එංගලන්තයේ 8 වන හෙන්රි රජු බහු භාර්යා සේවනයේ යෙදුණු සල්ලාලයෙකු ලෙසින් පෙනුණත් බලය සහ බලයේ මීළග උරුමය පිළිබද සැගවුණු ඉතිහාස කතාවක් මෙයින් කියැවේ. මේ සම්බන්ධයෙන් නිමැවුණු වාර්තා වැඩසටහන් රැසක් ඇතත් මා ප්රිය කරන්නේ BBC රූපවාහිනී නාලිකාවේ Lucy Worsley කල ඉදිරිපත් කිරීමටයි.
වැඩි විස්තර සදහා යොමුව …..
https://www.bbc.co.uk/programmes/b0853mvq
![Secrets of the Six Wives | PBS Programs | PBS | Tudor fashion ...](https://i.pinimg.com/originals/b3/ac/d4/b3acd4509f3539fe0279de651bb17228.jpg)
By Train across Sri Lanka
ලංකාවේ දුම්රිය ගමනාගමනයේ සුවිශේෂතාවය විදහා දක්වන කොළබ කොටුවේ සිට බදුල්ල දක්වා කරන චාරිකාවක් ලෙසින් නිර්මාණය වුනු මේ වාර්තා චිත්රපටය තුල ලංකාව පිළිබද බොහෝ තොරතුරු ඇතුලත් වෙනවා
https://www.youtube.com/watch?v=s8VNJ88AFWw
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
No comments:
Post a Comment