මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 24, 2021

පුංචි සරුංගලේ නැගේ ගුවන් තලේ ........අනුරුද්ධ වැලිගමගේ......

 

පුංචි සරුංගලේ

නැගේ ගුවන් තලේ

අපහට ඔච්චමක්

නේද ඔයා  කලේ

 

නීල වලා ගැබේ

 සිබිමින් මද නලේ

ගුවන පුරා දිවේ

අපේ සරුංගලේ

 

අන්න නයෙක් කියා

කුඩා ළමුන් ගයා

හිටි හැටි මුව අයා

දැක්ක නේද ඔයා

 

උඩට ගිහින් ඔයා

අමතක කලේ මෙමා

නගේ මලේ හැමා

 නොයෙදෙන් එදහමා

 

අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


2 comments:

  1. ළමා සිංදුවකට හොඳයි

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයටත් ඇගයුමටත් ස්තුතියි .

      Delete