මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 1, 2022

තනිකඩ හීනය ......අනුරුද්ධ වැලිගමගේ....

 

රෑන කිතුල් සේ දිලෙනා ඔබේ නිල් කෙහෙරැල්

පොරකනවා හුළග එක්ක කරමින් හුරතල්

නීල මැණික් වගෙ දිදුලන ඔබෙ නිල් නෙතුදැල්

ලෝකෙ පුරා කලබලයෙන් දුවනවා තව කල්

 

සැළලිහිණියේ, තිසර, මයුර පොත්වල වැනුමන්

සිහිකෙරුවා ඔබේ පිරුණු පියයුරු අබිමන්

ඉටි රූපෙක වගේ පිරුණු ඉග සුග වැනුමන්

සිතුවම් පෙල ඇන්ද වගෙයි හිත තුල සක්මන්


ඉගිල ගිහින් සයුරු මතින් කාලය අතරින්

මිසර , රෝම , ඉන්දු නිම්න ළදුන් පිරිවරන්

තනි යහනේ පාළු කපන දවසක් එනකං

රෑ හීනෙක අතරමංව හිටිය මං බලන් 

 

අනුරුද්ධ වැලිගමගේ



 

2022 ජනවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

ලැබුවාවූ 2022 වසර සියළු බ්ලොග් රචකයින්ට නිර්මාණාත්මක වසරක් වේවා.

සිංහල බ්ලොග් කියවන රසිකයන්ටත්, රචක රචිකාවියන්ටත් නිරෝගීමත් වාසනාවන්ත එකක් වේවා.  

           යන්න මගේ පැතුමයි.  

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

7 comments:

  1. නීරෝගිමත් සුභ නව වසරක් වේවා, ඔබ ඇතුළු පවුලේ සැමටත් අනුරුද්ධතුමෝ!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබටත් නිර්මාණාත්මක වාසනාවන්ත අවුරුද්දක් වේවා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හොඳ කවියක්. සතුට, සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබටත් නිර්මාණාත්මක වාසනාවන්ත අවුරුද්දක් වේවා.

      Delete
  4. Replies
    1. ලියෝනි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete