මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 5, 2022

ජීවිතය අපි හොයනවා ....කවි....අනුරුද්ධ වැලිගමගේ ....




ගෙදර වත්තේ තිබුණු ගස් ටික

කපා වනසා  Interlock කර

කඩෙන් ගෙනැවිත් පාට මල් පැල

ආයෙ වත්තම හදනවා

ජීවිතය අපි හොයනවා

 

අම්මා, අප්පා යවා ගෙදරින්

බෙදා වැඩිහිටි නිවාසෙට දන්

සෙල්ෆි දහයක් ගහනවා

Facebook  හැඩ කරනවා

ජීවිතය අපි හොයනවා

 

කප කපා දිගු සේද වරලස

Saloon කට් එක අනුව ඇහිබැම

නේක නම් ඇති Cream උල උල

මූණේ ලස්සන හොයනවා

ජීවිතය අපි හොයනවා

 

වීසිකර තිබු සරල දිවි පැස

බදා සංකර ගති සිරිත් රැස

Busy  කිය කිය දවල් රෑටත්

සල්ලි පොදි මිටි බදිනවා

නිමා නැති තරගයක් මැද්දේ

ජීවිතය අපි හොයනවා

අපට අපි මගහැරෙනවා

 

අනුරුද්ධ වැලිගමගේ 



2022 මාර්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

5 comments:

  1. හ්ම්... අපූරු කයිය.
    අපිත් ගින්නට ආස පළඟැටියත් අතර වැඩි වෙනසක් නෑ නෙව බලං යද්දී අනුරුද්ධ......

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. සහතික ඇත්ත. ගොඩ දෙනෙක් සමාජ මාධ්‍යය හරහා පෙන්වන්න යන්නෙත්, ජීවිතය තුලින් ප්‍රදර්ශනය කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙත් ඒ හින්ද තමයි.

      Delete
  2. Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete