මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 11, 2023

සම්මානනීය ප්‍රේමානිශංස සමග ගෙවුණු අඩ පැයක්

 


2022 වසරේ ලංකාවේ පැවති සාහිත්‍යය උත්සව හතරේම අවසන් වටයට තේරී ස්වර්ණ පුස්තක , විද්යෝද්‍ය සහ ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලවල හොදම නවකථාවට හිමි සම්මානය හිමි කරගත්තේ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ප්‍රේමානිශංස නවකථාවයි.

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු, රාජ්‍ය නිලධාරියෙකු , කවියෙකු , බ්ලොග් රචකයෙකු ලෙසින් විවිධ වගකීම් රැසක් හෙබවූ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ කෘති මීට පෙරත් ලංකාවේ සාහිත්‍ය උත්සව වල ඇගයීමට ලක්ව තිබෙනවා. අවුරුදු 16 ක් තිස්සේ කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් පලවන ප්‍රමුඛ සිංහල පුවත්පතක් වන යාත්‍රා හි කතු වරයා වන්නේත්  ඔහුයි . 

https://yathranews.com/home-en/

http://iranamvila.blogspot.com/

ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍යය වල සේම යූ ටියුබ් අවකාශයේත් නාලිකා කිහිපයකත් මුද්‍රිත මාධ්‍යය රැසකත්    පොත ගැන බොහෝ තොරතුරු මේ වනවිටත් ගොනුව තිබෙනවා. මේ උත්සව සම්භාෂණ සහ වැඩ කටයුතු රැසක් මැද ලංකාවේ සහ  ඕස්ට්‍රේලියාවේ ගතකල කාර්ය බහුල සමය නිමාකර පැමිණි ඔහු සමග මෑතකදි දවසක  සුහද කතාබහක යෙදෙන්නට අපට ඉඩ ලැබුණා . මේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ පොත් පිටු අතරින් වැඩසටහන වෙනුවෙන් අප කල කථා බහයි.


මේ වැඩසටහන තුලට ලංකාවේදී ඔහුට ලැබුණු ඇගැයුම් වල දර්ශන සේම කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී 2023 ජනවාරි 15 වැනිදා පැවැත්වුණු ඇගැයුම් උත්සවයේ විශේෂ අවස්ථා ත් ,  ප්‍රේමානිශංස  පොත ගැන ඔහු ලියූ ගීතයේ කොටසක් ද ඇතුලත් කර තිබෙනවා.  


https://rupane.com/2023/02/11/rupane-episode-334-february-11-2023/

****************************************************************

සම්පත් දායකත්වය -  සම්මානනීය ගත් කතුවර චන්ද්‍රරත්න බණ්ඩාර 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග   

සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ  මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

4 comments:

  1. අද පෙබරවාරි 12 වැනි ඉරිදා හිමිදිරි උදයේ පරිගණකය විවෘත කරන විටම ඔබගේ "රූපණ" වැඩ සටහනේ 'පොත් පිටු අතරින්' ඉදිරිපත් කිරීම නැරඹීමට ලැබිණ. එය ලැබෙන්නට සැලැස්වීම ගැන ස්තුති කරමි. මා කියවා අගය කළ නවකතාවක් වන, චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ "ප්රේමානිසංශ" පොත පිලිබඳ කරනලද සාකච්ඡාව ඉතාමත් අගනේය. එම කතාවේ 'නිමිත්ත' ලෙස සිතිය හැකි, අතීතයේදී ඉතා වැදගත් හේතු රාශියක් මුල්කර ගනිමින් "ආනන්ද කුමාරස්වාමි මාවත" නමින් නම් කළ පොදු මාවතට , දේශපාලන හස්තයක බලපෑම නිසා වෙනත් නමක් පටබැඳීම කෘරතර ක්‍රියාවකි. මේ නිමිත්ත ඔස්සේ ලියැවෙන සිද්ධි දාමය හරහා දේශානුරාගය, ජාතිකත්වය, ඉතිහාසය, පුරාවිද්‍යාව, ආගමික සංකල්ප සහ පුදපූජා, දෙශාටනය, ආදරය, කරුණාව, ප්‍රේමය, ජාතිවාදය, කුලභේදය වැනි විවිධ සමාජයීය කරුණු පිළිබඳ පුළුල් විවරණයක් කෙරෙන බව මගේ විශ්වාසයයි.
    එමෙන්ම එම ඓතිහාසික සිද්ධි විදහා දැක්වීමට ඔබ යොදා ඇති පසුබිම් දර්ශන වලද මනා ගැලපීමක් තිබේ. සම්මානයට ලක්වී තිබෙන මෙම නවකතාව පිළිබඳව වෙනම විමර්ශන ග්‍රන්ථයක් සකස් වීම සහ නවකතාව දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලට පරිවර්තනය වීමද සුවිශේෂී දෙයකි. නුදුරු අනාගතයේදීම මෙම නවකතාව ශ්‍රී ලංකාවේ රජයේ විභාග පටිපාටියේ, අපොස උසස් පෙළ, සිංහල විෂයයේ පාඨ ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කිරීමට අධ්‍යාපන බලධාරීන්ට හැකිවුවහොත් මැනවැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. දයාරත්න වීරසේකර මහතාණෙනි , ඔබේ ප්‍රතිචාරයට සහ අගය කිරීමට ස්තුතියි . ඔබේ මේ අදහස් කතුවර චන්ද්‍රරත්න බණ්ඩාර මහතාට යොමු කරමි. ඔහු ඒ ගැන මහත් සේ සතුටු වෙනු නියතය. පොත් පිටු අතරින් වැඩසටහන ගැන ඔබ දක්වා ඇති අදහස් ද ඉතා අගය කොට සලකමි.ඒවා අපේ රූපණ කණ්ඩායම සමග බෙදා ගන්නම් .

      Delete