මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 7, 2024

සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට

 




 










ආයෙමත් පටන්ගෙන පෙර පුරුදු පොරයක්

 පිල් බෙදී මඩ ගසයි නැත කිසිම අරුමක්

 නිදහසින් පසු ගෙවුණු කලම සත් දශකක්

 කවදාද දකින්නේ අපි අලුත් එළියක්


 පාට ලකුණුත් සමග ජාති කුල මලයක්

 අල්ලගෙන යන්නේම නිමක් නැති වලියක්

 නඟන්නට හදන්නට නැත කිසිම දැක්මක්

 ඡන්දයෙන් කරන්නේ උන්ගෙ මඩි තරයක්


 සුදුසුකම් පලපුරුදු හොයන කොට ජොබ් වලට

 කවදාද හොයන්නේ රට කරවන අයට

 සැලැස්මක් විනය හා විනිවිදව වගවෙන්ට 

හොයන්නේ නැති පවට වෙන්නේ යළි අහුවෙන්ට


 හෝද හෝදා දමන පරණ රෙදි මළුවලට

 වෙස් මූණු දාගෙනම එන්නේ අපි අන්දන්ට

 තෝර බේරා නොගෙන කතිර ගහනා අයට

 සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට


 අනුරුද්ධ වැලිගමගේ

2024 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

























විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට




ශ්‍රී ලංකාවේ දේශපාලන කාටුන් -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

5 comments:

  1. නෑ අනුරුද්ධ! මෙවර ඊට වඩා වෙනස් ප්‍රථිපලයක් ලැබේවි!

    ReplyDelete
  2. ධනාත්මකව ඉමු. මේ පාර තට්ටුමාරැ ක්‍රමයෙ යම් වෙනසක් වේවි කියා

    ReplyDelete
  3. මෙවර වෙනසක් වන බව මට ඊයේ කිව්වා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ම වැඩ කරන කෙනෙක්. තව දින කිහිපයක් තුළ පිල් මාරුවක් නොවුනොත්, එය ස්ථිර බවත් කීවා.

    ReplyDelete
  4. හූම්.....කතාවක් තියනවා, කෙනෙක්ගෙ විස්වාසය ගැන වාද කරන්න එපා කියලා. ඒ විස්වාසය සර්ව බලධාරි දෙයියෙක්, උත්තරීතර නායකයෙක් වගේ ඕනම කෙනෙක් වෙන්න ඇහැකි. විස්වාසයේ අර්ථදැක්වීම සාධක නොමැතිව, දෙයක් හරියැයි පිලිගැනීමයි යැයි කියෙව්වා මතකයි.

    ReplyDelete
  5. හොඳක් වෙනවනම් රටකට එක වෙන්න ඕනේ

    ReplyDelete