සඳරැස් උතුරන විල් දිය මත්තේ
හිම කැට දිදුලන කාලය අස්සේ
හිත පිරිමදිනා සිතුවම් මත්තේ
පියමැන යමු අපි දේදුනු අහසේ
වාන් දමන සිතුවිලි පසුපස්සේ
දෝරේ ගලයි පැතුමන් හද මත්තේ
දකිනා විට දුව පුතු රුව දෑසේ
තව වෙන මොනවද මේ ලොව ඇත්තේ
රූ මවනා නෙක තරු කැට බිස්සේ
ඔබ හා මා නෙතු දැවටුණු මොහොතේ
පහන් තරුව සිත රැදි ඉස්මත්තේ
සුරැකිව එය අද මා ළග ඇත්තේ
අනුරුද්ධ වැලිගමගේ
2024 නොවැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
කවියේ රිද්මය අදහසට ගැලපෙන විදියට යෙදිලා තියනවා. සඳරැස් සමග දේදුනු අහස ගැලපෙනවද කියලා හිතෙනවා.
ReplyDeleteවෘතාන්ත ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . දේදුනු අහස කියන යෙදුම යෙදුවේ තරු එළියෙන් වර්ණවත් වූ පරිසරයේ ඈ එක්ක එකතුවෙන් ජීවිතය එළිය වෙනවා කියන අදහසින් . ඔබ හරි ඉදිරියේදී තව හිතන්න වෙනවා .
Delete