
1970 ගණන්වල චිත්‍රපටවල වැඩි නිරුවතක් දක්නට ලැබුණේ දැඩි චිත්රාගාර වාරණය අවසන් වීම, අශෝභන යථාර්ථවාදී ව්‍යාපාරයක් හොලිවුඩය අත්පත් කර ගැනීම සහ වෙනස් වන සංස්කෘතික ආකල්ප "නිදහස් ප්‍රේමය" යුගය වැළඳ ගැනීම නිසාය. කළු සුදු පැහැයෙන් වර්ණයට සිනමාව තාක්ෂණයෙන් දියුණු වෙද්දී හිපි සංස්කෘතිය සහ නිදහස සොයා තාරුණ්‍යය ගමන් කරද්දී ජනගහණය පාලනය වීමෙන් පවුල් ඒකක කුඩා වන්නටත් , විවාහ සංස්කෘති දෙදරන්නටත් පටන් ගත්තේ ලිංගිකත්වය වාණිජ කරණය වෙමිනි. අන්තර්ජාලය පැහැදිලි අන්තර්ගතයන් සොයා ගැනීම පහසු කිරීමට පෙර වැඩිහිටි රසාස්වාදනය උද්දීපනය කර තිබෙන්නේ බහුතර කාන්තා නිරුවත දැක්වූ කාම සගරා සහ නිරුවත් දර්ශන රැගත් චිත්‍රපට රැල්ලකි. වීඩියෝ පට , සීඩී පට සංසරණය කරා තාක්ෂණය මාරු වන්නට පෙර ප්‍රධාන ධාරාවේ චිත්‍රපට වැඩිහිටි ජනකායක් ඇද ගැනීමට සම පෙන්වන රූප වැඩි වැඩියෙන් භාවිතා කළේය.

Griechische Feigen - 1977 - The Fruit Is Ripe

පැට්‍රීෂියා ග්‍රීසියේ ධනවත් පවුලකින් පැවත එන, විද්‍යාලීය අධ්‍යාපනය සඳහා මියුනිච් නුවර බලා යාමට නියමිතව සිටි තරුණියක් . ගුවන් තොටුපළේදී ඇය තම ගමන් බලපත්‍රය අත්හැර දමා, ඒ වෙනුවට මෝටර් රථ සහ බෝට්ටු මගින් ග්‍රීසිය පුරා සංචාරය කරමින් තමාවම හඳුනා ගැනීමේ ගමනක් ආරම්භ කරනවා . මෙම සංචාර අතරතුර ඇය උත්සාහ කරන්නේ පිරිමින්ගේ ආකර්ෂණයට ලක්වන තැනැත්තියක් බවට පත්වන්නටයි . ඇයව විවාහ කර ගැනීමට හෝ ඇය හා සම්බන්ධ වීමට උත්සාහ කරන පිරිමින් කිහිප දෙනෙකුම සිටියද, ඒජියන් මුහුදේ ඇය සමඟ සංචාරය කරන නාවිකයෙකු වන ටොම් සමඟ පෙමින් බැඳෙන තුරු ඇය ඔවුන් සියල්ලන්ම ප්‍රතික්ෂේප කරනවා. ආරවුලක් හේතුවෙන් ටොම් ඇයව හැර ගියද, අවසානයේදී ඔහු නැවත ඇය වෙත එනවා.

වැඩි විස්තර සඳහා විකිපීඩියා දිගුව
https://en.wikipedia.org/wiki/The_Fruit_is_Ripe
https://www.imdb.com/title/tt0074591/

යූ ටියුබ් Trailer එක මේ දිගුවෙන් බලන්න පුළුවන්
Türkische Früchte (1973) Turkish Delight
මූර්ති ශිල්පී එරික් වොන්ක් අහඹු ලෙස හමුවන ඔල්ගා සමඟ දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳෙයි. කෙසේ වෙතත්, ඔවුන් විවාහ වී කෙටි කලකට පසු ඔල්ගා ධනවත් ඇමරිකානුවෙකු සමඟ පලා යයි. වසර ගණනාවකට පසු, ඇය සුව කළ නොහැකි මොළයේ පිළිකාවකින් (brain tumor) පෙළෙන බව එරික්ට දැනගන්නට ලැබේ. මිය යාමට පෙර ඔල්ගාට කිසිදු වේදනාවකින් තොරව ආහාරයට ගත හැකි එකම දේ වන 'ලොකුම්' නම් තුර්කි පලතුරු රසැති රසකැවිල්ලක් රැගෙන ඔහු ඇයව බලන්නට යයි.
වැඩි විස්තර සඳහා විකිපීඩියා දිගුව
https://en.wikipedia.org/wiki/Turkish_Delight_(1973_film)
යූ ටියුබ් Trailer එක මේ දිගුවෙන් බලන්න පුළුවන්

In the Realm of the Senses( 1976)

චිත්‍රපටය මුල් භාගයේදී 1936 වසරේ ටෝකියෝ නගරයේදී, කලක් ගණිකාවක ලෙස කටයුතු කළ සාඩා අබේ , හෝටලයක සේවිකාවක ලෙස සේවය කරමින් සිටින දසුන් පෙළක් දිස්වේ . ඉන් පසු එම හෝටලයේ හිමිකරු වන කිචිසෝ ඉෂිඩා ඇය සමඟ දැඩි ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගනී , ඊට විවිධ ලිංගික අත්හදා බැලීම් සහ ආශාවන් මුදා හැරීම් ඇතුළත් වේ . සාඩා සමඟ පැවති සම්බන්ධය වෙනුවෙන් ඉෂිඩා තම බිරිඳව අතහැර දමයි. සාඩා තුළ ඉෂිඩා කෙරෙහි දැඩි අයිතිවාසිකම් කීමේ හැඟීමක් සහ ඊර්ෂ්‍යාවක් වර්ධනය වන අතර, ඉෂිඩා ඇයව සතුටු කිරීමට දැඩි උනන්දුවක් දක්වයි. ලිංගිකව එක්වීමේදී ගෙල සිර කිරීමෙන් ඇය දැඩි උද්යෝගයකට පත්වන බව ඉෂිඩාට අවබෝධ වීමත් සමඟ ඔවුන්ගේ මෙම අන්‍යෝන්‍ය ඇල්ම උත්සන්න වන අතර, අවසානයේ ඔහු එම ක්‍රියාව අතරතුර මිය යයි. ඉන්පසු සාඩා ඔහුගේ ලිංගය කපා දමයි. චිත්‍රපටය අවසාන භාගයේදී නිරුවතින් ඔහුගේ සිරුර අසල සිටින ඇයව පෙන්වන අතර, අත්අඩංගුවට පත්වන මොහොත දක්වාම දීප්තිමත් ලෙස සිනාසෙමින් දින හතරක් පුරා ඔහුගේ එම අවයවය රැගෙන ඇය සැරිසරන බව සඳහන් වේ. ඔහුගේ පපුව මත ලෙයින් ලියන ලද මේ වචන පෙල දිස්වෙයි : "සාඩා - කිචි, අපි දෙදෙනා සදහටම."

.
වැඩි විස්තර සඳහා විකිපීඩියා දිගුව
https://en.wikipedia.org/wiki/In_the_Realm_of_the_Senses
යූ ටියුබ් Trailer එක මේ දිගුවෙන් බලන්න පුළුවන්
Last Tango in Paris ( 1972)
පෝල් යනු පැරිසියේ වෙසෙන, සිය බිරිඳගේ සියදිවි නසාගැනීම හේතුවෙන් දැඩි ශෝකයෙන් පසුවන ඇමරිකානු ජාතිකයෙක් . කුලියට ගන්නට යන පාළු නිවාස ඒකකයක් තුළදී ඔහුට ජීන් නම් තරුණ ප්‍රංශ කාන්තාවක් මුණගැසේ . ඔවුන් දෙදෙනා තම සැබෑ නම් හෙළි නොකර පවත්වාගෙන යන රහසිගත, හුදෙක් ලිංගික සබඳතාවක් ආරම්භ කරයි. ටැංගෝ අවන්හලකදී පෝල් තමන්ගේ තොරතුරු ජින් ට හෙලිකරමින් දිගටම සම්බන්ධය ගෙන යන්නට යෝජනා කරයි . ඊට විරුද්ධ වන ජීන් තමන් පොලීසියට දන්වන බව කියයි. නවතා දමන්නට බැරි පෝල් ව ජීන් නවතා දමන්නේ ඔහුට වෙඩි තැබීමෙනි. වෙඩි තබන්නට පෙර ඇය තමන්ගේ නම හෙලිකරයි.
වැඩි විස්තර සඳහා විකිපීඩියා දිගුව
https://en.wikipedia.org/wiki/Last_Tango_in_Paris
යූ ටියුබ් Trailer එක මේ දිගුවෙන් බලන්න පුළුවන්

Calmos ( 1976)
පැරිසියේ විඩාපත් නාරිවේද වෛද්‍යවරයෙකු වන පෝල්, තම වෛද්‍ය වෘත්තිය අතහැර දමා තම බිරිඳ හැර ගිය මිනිසෙකු වන ඇල්බට් හමුවෙයි. කාන්තාවන් සහ ගෘහ ජීවිතය සමඟ ඔවුන්ගේ බෙදාගත් වෙහෙස හඳුනා ගනිමින්, ආහාර සහ වයින් කේන්ද්‍ර කරගත් සාමකාමී තනිකඩ ජීවිතයක් භුක්ති විඳීමට දෙදෙනා දුරස්ථ ගමකට පලා යති. ඔවුන්ගේ භාර්යාවන් ඔවුන් සොයාගෙන ප්‍රාදේශීය පූජකයාට පිරිමින්ට නැවත නිවසට යාමට ඒත්තු ගැන්වීමට බලපෑම් කරන විට ඔවුන්ගේ පසුබැසීම කෙටි වේ.
නිදහස අත්විඳීමෙන් පසු ගෘහ ජීවිතය විඳදරාගැනීමට නොහැකි වූ පෝල් සහ ඇල්බට් නැවතත් විවෘත රටකට පලා යන අතර, කාන්තා ඉල්ලීම් නිසා පලා යන පිරිමින්ගේ වර්ධනය වන ප්රජාවකට එක් වේ. මෙම දේවගැති සහෝදරත්වය ඉක්මනින් කාන්තා හමුදා විසින් බිඳ දමනු ලැබේ. කාන්තා පාබල හමුදාව විසින් අල්ලා ගන්නා ලද පිරිමින් පලා යාමක් ගැන සාකච්ඡා කරන අතර, නැවත අල්ලාගෙන පැරිසියානු ආයතනයකට ගෙන යනු ලැබේ. එහිදී, ඔවුන් බලහත්කාරයෙන් සැත්කමකට භාජනය වන අතර අඛණ්ඩ, කාලෝචිත ලිංගික සූරාකෑමකට ලක් වේ.
දශක ගණනාවකට පසු, පෝල් සහ ඇල්බට් - දැන් වයෝවෘද්ධ සහ කුඩා ප්‍රමාණයට හැකිලී ඇත - කඳු මුදුනක ජීවත් වේ. අතින් සාදන ලද එල්ලෙන ග්ලයිඩර් පියාසර කරන අතරතුර, කුණාටුවක් ඔවුන්ව සාගරය හරහා ගසාගෙන ගොස් නිවර්තන වෙරළ තීරයක මෘදු, ස්පන්දනය වන ගුහාවකට ඇද දමයි. කතාව අවසන් වන්නේ පිරිමින් දෙදෙනා කාන්තාවකගේ ශරීරයක් තුළට ඇතුළු වී ඇති බවට හෙළිදරව් වීමෙනි.
වැඩි විස්තර සඳහා විකිපීඩියා දිගුව
https://en.wikipedia.org/wiki/Calmos
යූ ටියුබ් Trailer එක මේ දිගුවෙන් බලන්න පුළුවන්
සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.

වල්බූරු කියල අන්තයකට එහෙම ගිහින්, දැන් කාලෙක ඉඳන් ට්‍රැක් එකට වැටිල වගේ පේනව නෙ.
ReplyDeleteහැබැයි ඒකට බොලිවුඩ් අර පාරෙ ගහගෙන යනබවක් නං පේන්න තියෙනව 💔.