මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Tuesday, November 12, 2019
කේතුමතියේදී හේමසිරි හමුවෙමු .
මට නමින් කතා කරන්නට හැකි තරම් ලෙන්ගතු පිරිස් අතරේ තබන්නට බැරි කෙනෙකු ගැන මෙවන් සටහනක් තැබුවේ කියවන ඔබේ අවධානය පිණිසයි.
මට ප්රවීණ මාධ්යවේදී හේමසිරි කුලරත්නයන් හමුවීමේ කපුකම කරන්නේ කැනඩාවේ අප සමග ජීවත්වන ප්රවීණ ගුවන් විදුලි සම්පාදක, ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, ලක්හඩ ගුවන් විදුලියේ සහ ස්වාධීන රුපවාහිනියේ ප්රබල චරිතයක් වූ වසන්ත ලංකාතිලකයන් විසිනි. ඒ ප්රවීණ ගීත රචක දෙපලක් වන සුනිල් සරත් පෙරේරා සහ ලූෂන් බුලත්සිංහල යන් ගැන අප රූපණ අන්තර්ජාල රූපවාහිනිය වෙනුවෙන් කල නොමැකෙන ගී රස වැඩසටහනේ ලංකාවේ පටිගත කිරීම් සහ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙනි.
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විවිධ වැඩසටහන්, විශේෂයෙන්ම පරිසර වැඩසටහන් කල හේමසිරි කුලරත්න මහතා සේවයෙන් විශ්රාම ගොස් සිටියද තවමත් මාධ්යය අතහැර නැත්තේ ඒ ගැන ඔහුට ඇති අපරිමිත දයාව නිසයි. තිරයෙන් පිටත වැඩ කටයුතු රැසක් ඔහු ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් කරන ඔහු රේඩියෝ මතක නම් පොතේ කතුවරයා ද වේ.
Radio මතක පොතින් සහ කතා බහින් අප නොදන්නා ඔහුගේ අත්දැකීම් බ්ලොග් පිටු හරහා ජනගත කරන්නට මම ඔහුට කාරුණික ඇරයුමක් කලෙමි. කේතුමතී එහි ප්රතිපලයයි.
ඔහු ගැන නොදත් දෑ දැනගන්නා අතරේම එතුලින් අප සැමට බොහෝ දේ ඒ ජීවන සටහන් තුලින් කියවන්නට හැකිවේවායි බලාපොරොත්තු වෙමු.
කෙතුමතියේදී තවත් දේ කියවමු, ඔබට සුබ පැතුම්
https://kethumathiweb.blogspot.com/
Saturday, November 9, 2019
කලාවැවේ නිල් දිය පුසුබ ……….අනුරුද්ධ වැලිගමගේ.....කවි

සීඑන්
කුළුණ මුදුනත රැදි ඒ අහසේ
පොල්
රුප්පාව ඉහලින් ඇති සදමයි මැවුනේ
ඔන්ටාරියෝ
විල් දිය පිස එන සුළගේ
කලාවැවේ
නිල් දිය පුසුබයි දැනුනේ ....
පියබා
දහස් ගව්දුර මේ හිම කතරේ
ඉසුරු
සොයා අප හැම පියවර මැන්නේ
නෑදෑ
කිසිත් නැති මේ සුවිසල් නගරේ
හීන්
ඉකිබිදුම නෑ කාටත් ඇසුනේ
හිරු
සදු පරපුරක් නැති තනිවුණු නගරේ
දැනුමේ
පැන් කලය ඇති පදමට ඉතිරේ
පෙර
කල පටන් රැකි ගුණදම් අතරේ
පුතුනි
ඔබ නිසයි මේ දුක උහුලා ඉන්නේ
අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ
අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
Saturday, November 2, 2019
කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව .......තිලකසිරි ඒකනායක .....රේඩියෝ කෙටිකතා
බැච් ට්රිප් එකේ පළමු දවස අනුරාධපුර ගත කළ කොල්ලන් කෙල්ලන් රැගත් බසය දෙවැනි දවසේ දවල් එකොළහ පමණ වෙනකොට අනුරාධපුරයෙන් පිටත්වුනේ දවල් කෑම කලාවැව ඉවුරේදී කන්නට හිතාගෙනය.
අනුරාධපුර ජයන්ති මාවත පැත්තෙන් මල්වතු ඔය පාලම පේන තෙක් මානයට ආවා පමණි. තනි කෙලින් පාරේ මීටර පන්සීයක් විතර ඈතින් පරණ පන්නයේ බැග් කබලක් අතින් ගත් සුදු සරමක් හා කමිසයකින් සැරසුණු මනුස්සයෙක්, වෙනත් ග්රහ ලෝකෙක ඉඳන් මේ දැන් ප්රාදීර්භුත වූ අයෙක් මෙන් පාරට අත දික් කරගෙන සිටියේය.
'බයිට් එකක් බයිට් එකක් ; කොල්ලෝ කීප දෙනෙක් කෑ ගැසුවෝය. අර මෑන් හිතල තියෙන්නේ මේක ලංගම බස් එකක් කියල . මල්ලි අපි වාහනේ නවත්තලා මිනිහා දාගෙන යමු , ටිකක් දුර ගෙනිහින් බස්සමු. හොඳ බයිට් එක'.
සිසු නඩය සමග ගානට සෙට් වෙලා හිටි ඩ්රයිවර කොලුවාද අන්ද මන්ද මගියා අසල බස් රිය නතර කළේය. ඔහු බසයට ගොඩ වෙද්දීම එකෙක්. 'රයිට් පස්සට යන්න පස්සට යන්න . ඔය දැන් නැග්ග එක්කෙනා ටිකට් ගන්න . කොහාටද යන්නේ ?
ඔහු කමිස සාක්කුවට අත දමා නෝට්ටු කීපයක් ඇද්දේය .
'කොහාටද යන්නේ'. කොන්දොස්තර ඇසුවේය.
මගියාට දිව පැටලුනේය. ඔහුද ඒ ප්රශ්නයම ඇසුවේය . කොහාටද යන්නේ ?
මේ හලෝ ඔහේ බෝඩ් එක බලන් නැතිවද නැග්ගේ ? යන දිහා දන් නැතිව නගිනවා මෙතන ' . කට්ටියට බයිට් එක සෙට් වෙලාය. කෙල්ලෝ මැසිවිලි නගති. ඒයි පව් පව් අහිංසක මනුස්සයෙක් රස්තියාදු නොකර බස්සලා යමු අනේ .
හැමෝම ආයෙමත් කොක්සන් හඬ නඟති.
බස් එක කෙලින් පාර දිගේ හැල්මේ ඉදිරියටම ඇදේ . ඒ ගමන කොන්දොස්තරලා රොත්තකි.
'ඔහේ කොහේ ඉඳන්ද එන්නේ ?.
'හිර ගෙදර ඉඳං . අද උදේ තමයි නිදහස් උනේ අවුරුදු දහයකින්'
.
එතෙක් උසුළු විසුළු හඬින් පිරී ඉතිරී තිබු බස් රිය බය බිරාන්ත නිහඬතාවයක ගිලුනේය. ඒ වෙලාවේ රජ කළ භීතිය ගුවන් යානයක් කොල්ලකරුවෙකු විසින් අල්ලාගත් විටෙක මෙන් විය.
හීන් හඬින් සරසවි කොල්ලෙක් මෙසේ ඇසුවේය . මොනා වෙලාද හිරේ යන්න උනේ ?
'මගේ අතින් මිනිහෙක් මැරුණා. ගැටවර කාලේ අපෙත් අණක් ගුණක් නෑනෙ' .
මේ මිනිහා බස්සලා යමු නේදැයි අසන්නාක් මෙන් පිටුපස බැලූ ඩ්රයිවර් මල්ලී බස් රිය ස්ලෝ කළේය.
මේ අතරේ එකෙක් කිව්වේ නෑ අපි දිගටම යමු කියලාය ඒ කියන ගමන් ඉස්සරහම පේලියේ අසුනක මගියාට වාඩි වෙන්නට සැලැස්සුවේය.
දැන් මේ මගියාගේ කතාව බස් එකේ පේලියෙන් පේලියට පිටිපස්සට යනකන් පැතිර ගිහිල්ලය.
හිර කාරයෙක්ලු! . මිනී මරුවෙක්ලු ! .
දැන් මගියා බයිට් කරන්නට බලා සිටි කොල්ලන් බයිට් වී තිබේ. මගියා යන්නේ කොහාටද දැන ගන්නට වුවමනාව තිබේ. හෙමින් හෙමින් කිට්ටු වෙන 'කොන්දොස්තර' වෙත මගියා පුංචි නෝට්ටු කොළ ටික දික් කරමින් නුවරට එකක් දෙන්නයි කියයි.
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද
කියල ...


...
අද කතා තිලකසිරි ඒකනායකගේ කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව ..........
කහපාට ආදරය
http://thilakasitha.blogspot.com/2014/06/1.html
පොකට් ගහන්නට බැරි ආදරය
කොස් නෝක්කාඩුව
http://thilakasitha.blogspot.com/2015/02/blog-post.html
තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .
පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
තිලකසිරි ඒකනායක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා තිලක සිත බ්ලොග් අඩවියට යන්න .

http://thilakasitha.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
තිලකසිරි ඒකනායකගේ තවත් රේඩියෝ කෙටිකථා අහන්න
http://ahasgawwenehalokaya.blogspot.com/2018/10/1.html
තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .
පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
තිලකසිරි ඒකනායක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා තිලක සිත බ්ලොග් අඩවියට යන්න .

http://thilakasitha.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
තිලකසිරි ඒකනායකගේ තවත් රේඩියෝ කෙටිකථා අහන්න
හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......
තිලකසිරි ඒකනායක මහතාගේ අදහසට අනුව .......මේ කතා වැටෙන්නේ ජීවන කතන්දර විදිහටයි .
පොඩි මතක් කිරීමක් කරන්න සතුටුයි මම ලියන බ්ලොග් තීරු ලිපි කෙටි කතා කියන අංශයට වැටෙන්නේ නෑ. ඒවා ජීවන කතන්දර හෝ බ්ලොග්වලට අදාළ සටහන් .
http://ahasgawwenehalokaya.blogspot.com/2018/10/1.html
Saturday, October 26, 2019
අවුරුදු 300ක් පැරණි විසල් ගස් මැද්දෙන් වැන්කුවර් වරායෙන් ඉර බසින දසුනක් .......කැනේඩියානු සංචාරයක මතකය


පැසිෆික්
සාගරයේ ඉංග්රීසි බොක්කෙන්( English Bay ) සහ වැන්කුවර් වරායෙන් සම්පුර්ණයෙන්ම වටවුණු අක්කර 1001 ක බිම් කඩක් කැනඩාවේ තිබෙනවා . 1858 දී සිදුවූ ෆ්රේසර් නිම්නයේ රත්රන් සොයා යෑම ( Fraser Canyon Gold
Rush) එක්ක ස්වදේශිකයින් සතුව තිබු මේ ඉඩම් බ්රිතානයන් සතුවුණා . 2014 දී ලෝකයේ හොදම උද්යානය කිරුළ හිමිකරගත් මේ උද්යානය බොහෝ ස්වභාවික ගස්වැල් ඇති තැනක් . මෙහි ඇති සමහර ගස් අඩි 250 ක් තරම් උසයි . නවාතැනෙන් උදෙන්ම පිටත්වෙලා අපි මේ ඇවිත් ඉන්නෙ ස්ටැන්ලි උද්යානයටයි .

වැන්කුවර්
කියන නම හැදිල තියෙන්නේ 1792 දී මේ ප්රදේශය සොයාගත් දේශ ගවේෂක කපිතාන් George Vancouver සිහිවීම පිණිසයි
. ඉතා සෞමය දේශගුණයක් තිබෙන වැන්කුවර් නගරය ලෝකයේ ජීවත්වීමට සුදුසු නගර අතරේ ඉහලින්ම තිබෙන නගරයක් .


ස්ටැන්ලි උද්යානය ( Stanley Park )
කැනඩාවේ
හයවන ආණ්ඩුකාරවරයා වූ ස්ටැන්ලි ආදිපාද වරයා ( Lord Stanley) සිහිවීමට නම් කර ඇති මේ මහජන උද්යානයේ සමහර ගස් අවුරුදු 300 කට වඩා පැරණියි . මේ උද්යානය වටා තිබෙන කිලෝමීටර 8 ක් තරමේ Sea Wall හරිම ජනප්රිය තැනක් .
බොහෝ දෙනෙක් කුලියට ගත් බයිසිකලයක නැගී යන්නත් , මුහුදු හුළං සුවද විදිමින් පයින් ඇවිද යන්නත් මේ ඉසව්වට එනවා . බ්රෝක්ටන් තුඩුව ප්රදේශයේ ඇති Totem poles සුවිසල්
ගස් යොදාගනිමින් කල කැටයම් ආදීවාසීන්ගේ කලා කුසලතාවය මැනැවින් විදහා දක්වනවා . ඔබට මතක නම් සංචාරයක මතකය ඔටාවා නගර සටහනේ ඉතිහාසකෞතුකාගාරයේ Great Hall
තුල මෙවැනි කැටයම් දකින්නට ලැබුනා . පුරා දවසක්ම වුණත් ගත කරන්නට හැකි මෙහිදී අශ්ව කරත්තයක නැගී රවුමක් යන්නත් , කුඩා දුම්රියක රවුමක් යන්නත් පුළුවන් . ලෝකයේ ප්රකට මත්සයාගාරයක් වන Vancouver Aquarium තිබෙන්නේ මේ උද්යානයයේ එක පැත්තකයි.

විද්යා ලෝකය ( Science World)
1977 දී Barbara Brink සතුව
තිබූ ජංගම විද්යාගාරය භාවිතයෙන් 1982 දී ආරම්භ වුණු මෙය වඩාත් ජනප්රිය වුයේ 1986 දී පැවති එක්ස්පෝ 86 ප්රදර්ශනය වෙනුවෙන් එහි ඉදිකල සුවිසල් ගෝලාකාර ඉදිකිරීම නිසා .Bruno Freschi විසින්
නිර්මාණය කල එහි ආසන 400 ක් ඇති විශාල Omnimax Theatre එකක් තිබෙනවා
. වර්තමානයේ Telus
world of science ලෙසින්
නම් කෙරුණු මෙහි විශේෂයෙන්ම පාසැල් යන දු දරුවන්ට වැදගත් බොහෝ ප්රදර්ශණ කුටි සහ ක්රියාකාරකම් තිබෙනවා . එහි ඇති කැනඩාවෙන් ලොවට දායාද වුණු නිර්මාණ ඇතුලත් කුටිය අගනා එකක් .



Science World වල ඉදන් පොඩි දුරක් ඇවිද්දා ම යන්න පුළුවන් අපූරු උද්යානයක් තියෙනවා . නම කියන්න ටිකක් පැටලෙන එය දොස්තර සුන් යට් සෙන් චීන වත්ත නගරයක් මැද්දෙ තියෙන පුදුම තැනක් .
Dr. Sun Yat- Sen
Classical Chinese Garden

1986 පැවති
EXPO 86 ප්රදර්ශනය වෙනුවෙන් ඉදිකළ මෙය චීනයෙන් පිටතදී ඉදිකළ මෙවැනි පළමු උද්යානය වෙනවා . චීනයත් , බ්රිටිෂ් කොලොම්බියාවත් අතර ඇති සුහදතාවය වර්ධනය කරනු වස් වැන්කුවර් චීන නගර කොටසේ Carall වීදියේ අංක 578 දරණ තැන මෙය ඉදිකර තිබෙනවා Donald Vaughan සහ
Joe Wai. පිටත උද්යානයත් Wang Zu Xin ඇතුලත උද්යානයත් නිර්මාණය කර තිබෙන්නේ චීන සම්ප්රදායික බව සිහි ගන්වමින් .
Canada
Place


නැවක
හැඩය ඇති මේ මධ්යස්ථානය තියෙන්නේ වැන්කුවර් වරාය අසබඩ . හවසකට ගිහින් ඉර බහින දර්ශනය බලන්න වටින තැනක් .
කැනඩාවේ
තිබෙන විශාලතම සහ ස්වභාවික වරායක් වන වැන්කුවර් වරාය කැනඩාවේ සිදුවන නැව්ගත කිරීම් වලින් විශාල ප්රතිශතයකට දායක වෙනවා . හෙක්ටෙයාර 16000 ක ජල තලයක් , හෙක්ටෙයාර 1000 ක බිමක් සහ කිලෝමීටර 350 ක මුහුදු තීරයක් මීට අයත් . Sea Planes සහ Cruise ships සදහාත් මෙහි පහසුකම් සලසා තිබෙනවා . අපූරු අත්දැකීමක් එක්කර ගන්නට පුළුවන් Flyover Canada තියෙන්නෙත් මෙතැනයි .

වැන්කුවර් නගරයේදී යා හැකි තවත් තැන්
·
වැන්කුවර්
මත්ස්යාගාරය ( Vancouver Aquarium )

·
ග්රුස්
කන්ද ( Grouse
Mountain )
/Grouse-Mountain-Skyride-Summer-low-5693b89a3df78cafda849e32.jpg)
·
වැන්කුවර්
කලාගාරය (Vancouver
Art Gallery)

·
ග්රැන්විල් දූපත ( Granville Island )

·
වැන්කුවර්
නාවික කෞතුකාගාරය ( Vancouver Maritime Museum)

·
නිටෝබේ
ජපන් උද්යානය ( Nitobe Japanese
Garden )



පසුගිය
වසර 3 පුරා අප ගිය ගමන්වල ඔබට බලන්නට අතපසු වූ ලිපි දසත වෙබ් අඩවියේ පැරණි විද්යුත් පුවත්පත් හෝ මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් බලන්නට පුළුවන් . මීළග කලාපයෙන් 2010 ශීත ඔලිම්පික් මතක සමග වලාකුළු අතරට යන විස්ලර් නගරයට යමු .
සටහන
- අනුරුද්ධ වැලිගමගේ
සහ අන්තර්ජාලයේ Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2019 පෙබරවාරි කලාපයේ පලවිය .
විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට



Subscribe to:
Posts (Atom)




