මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 26, 2019

ඔබ එක නුවරක , මං තව නුවරක ඔබ මා ළග අද නෑ ... කවි..... අනුරුද්ධ වැලිගමගේ.......


Image result for lonely man in front of  sydney opera house


මල්වර අහසේ නෙතු පැටලෙනවා හැංගෙන්නට ඉඩ නෑ.
මගේ සිතේ ඔබ ගැන සිතුවිල්ලට සාර සදිසි මල් නෑ
පෑන් තුඩින් කවි ගී ලියැවෙනවා අහන් ඉන්න ඔබ නෑ
සෙනෙහස පුදසුන පැතුම් ලබන්නට මගේ හිතට පිං නෑ


තරු පිරිවර පිරි රෑ නිල් අහසේ සුසුදු සුමුදු සද නෑ
මාසෙ පෝයදා වාගෙයි මගේ හිත එළිය බිදක් එහි නෑ
ලස්සන මල් පිරි උයන් කොනක සිටි මතකය වියැකී නෑ
ලෝකය ඔහොමයි පොත්වල කිව්වත් මගෙ හිත පිළිගනු නෑ


වාසනාව , පෙර කල පින් පව් ඇත්තද මං දන් නෑ
මතකය, තනිකම කදමලු බැදගෙන මග ඔබ නම් නෑ
රගහල අදුරුයි , රැගුම අපුරුයි සතුටක් මා සිත නෑ
ඔබ එක නුවරක,මං තව නුවරක ඔබ මා ළග අද නෑ  

අනුරුද්ධ වැලිගමගේ   


Related image



සේයාරූ - අන්තර්ජාලයෙන් .Google Images

6 comments: