මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 12, 2019

අද කතාව කට්ටකාඩුවෙන් ..........කට්ටකාඩුවේ ලොකු මල්ලී....තුන් දෙනෙක් ගැන දිග කතාවක් ......අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ.

Jambu Kewa Andare - Song Download from Andarege Katha @ JioSaavn


“ලොකු උන්නැහේ කව්ද දැන් රටේ රජ්ජුරුවෝ?”

“අපේ දුටුගැමුණු මහරජ්ජුරුවොනේ!!” මනුස්සයා පය ඉක්මන් කරන ගමන් කිව්වා.

“කොහොමද රජ්ජුරුවෝ හොඳද?”

“හොඳදත් අහනවා! යුද්දේ ඉවර කළා. රටේ ආර්ථිකේ දියුණු කළා. වෙහෙර විහාර හැදුවා. හදනවා...ඉතිං තව මොනවද?”

“කොහොමද ඇමතිවරු?”

“ඇමති වරුත් හුගක් දෙනා හොඳයි. ඒ අය රජ්ජුරුවෝ එක්ක හුගක් කල් හිටපු අය. සමහරු නං රජ්ජුරුවන්ට විහිලු සපයනවා විතරයි”

“ඇත්තට?”

“කාටවත් කියන්ඩ එපා. එක ඇමතියෙක් රජ්ජුරුවන්ගේ මිරිවැඩි සඟල තම්බලා කැඳ බොන්ඩ පුළුවන් කියලා මේ ලඟදි කිව්වලු!!”

“ඇත්තට?”

“කවුද ඉතිං හරියටම දන්නේ? මහා වාසලේ වෙන දේවල් අපි දන්නේ නෑනේ. එව්වා දන්නේ ඇමතිවරු. අනික අපිට ඔව්ව වැඩකුත් නෑ. මොකා කාට විහිලු කරගත්තම මොකද අපිට කාලා බීලා සතුටෙන් ඉන්ඩ තියනවනං”

“රජ්ජුරුවන්ගේ කිසි වැරැද්දක් නැද්ද?”

“ෂ්...සද්ද ඇහෙන්ඩ ඔය වගේ දේවල් කියන්ඩ එපා. මේ මං කිව්වා කියලා කාටවත් කියන්ඩ එපා හරිය.....කී දාහක් මැරුණද යුද්දෙන්! ඉතින් ඒ මිනිස්සුන්ගේ පවුල් වල උදවිය නං රජ්ජුරුවන්ට සාප කරනවා!”

“රජ්ජුරුවෝ විහිලු තහළු වලට හෙම කැමතිද?”

“ඒ හිංදා වෙන්ඩ ඇතිනේ ඇමතිවරු විහිලු කරන්නේ!!”

ඒත් එක්කම අර පරණ පුරුදු විධානය...”විනාඩිය ඉවරයි. දැන් බුද්ධ වර්ෂ 450!”

අපි ආයෙත් අනුරාධපුරේ දොරටුවක් ගාව. එතනින් යන ඇත් ගොව්වෙක් නවත්තපු මම මෙහෙම ඇහුවා.


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව කට්ටකාඩුවෙන්   ..........



කට්ටකාඩුවේ ලොකු මල්ලී කට්ටකාඩුවට ලියූ

තුන් දෙනෙක් ගැන දිග කතාවක් ......

https://kattakaduwa.blogspot.com/2018/08/blog-post_12.html

අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ.......

https://kattakaduwa.blogspot.com/2018/02/blog-post_4.html

ඇසුරෙන් කෙරුණු රේඩියෝ කෙටිකතාව .........

Image result for kattakaduwa blog


* සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

Image result for sawana radio



කට්ටකාඩුවේ ලොකු මල්ලී ගේ සම්පුර්ණ කතා එකතුව සදහා කට්ටකාඩුව බ්ලොග් අඩවියට යන්න .

https://kattakaduwa.blogspot.com/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radio


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Andare Story | මෙන්න මං නැතෝ | Sinhala Story For ...

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.





4 comments:

  1. ජයවේවි. තාම එක කතාවක් වත් අහන්න බැරි උනා. අදවත් අහන්්න ඕන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . අහන්න . අහලා ඔබේ අදහස් ලියන්න . කථා 20 ක් විතර යු ටියුබ් එකේ තියෙනවා .

      Delete