මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 23, 2019

රීඩර්ස් ඩයිජෙස්ට් සගරාවේ මිලියන 8 ක් ගුණ වැයූ බෝට්ටු සවාරියෙන් අයිස් නැව තැනූ ඉසව්වට ...........

I hate doing the ordinary thing' – the unlikely female pioneer who ...

කැනේඩියානු සංචාරයක මතකය ..... රොකී කදුවැටිය වටේ රවුමක් 3

රීඩර්ස් ඩයිජෙස්ට් සගරාව ලෝකයේ දස අත ජනතාව කියවන ප්‍රමුඛ ප්‍රකාශනයක් .
එය ලෝකයේ සංචාරක ඉසව් පිළිබදව කල සමීක්ෂණයකින් මිලියන 8 ක ග්‍රාහක
පිරිසක් කැනඩාවේ හොදම බෝට්ටු සවාරිය ලෙස ගුණ වැයුවේ ආත්මීය දිවයින ( Spirit
Island ) වෙත යන මනස්කාන්ත බෝට්ටු සවාරියයි . ලංකාවේ නුවරඑළිය බදු යුරෝපීය
ගෘහ නිර්මාණ ශිල්පයෙන් සපිරි ඇල්බර්ටා පළාතේ පිහිටි ජැස්පර් නගරයේ
නවාතැනින් අප උදෙන්ම පිටත් වුනේ පැයක පමණ ගමනකින් ලගාවිය හැකි මලිග්නේ
විලේ ( Maligne Lake) බෝට්ටු සවාරියේ රසය විදින්නටයි . ජැස්පර් ඇල්පයින් නගරයෙන්
ඈතක හුදෙකලාව පිහිටි මේ පරිශ්‍රය කැනඩාවේ රොකී කදුවැටියේ රුව ගුණ
දකින්නට කදිම තැනක් . සති කිහිපයකට කලින් අන්තර්ජාලයට ගොස් මේ චාරිකාව
වෙන් කර ගත යුත්තේ බැන්ෆ් බෝට්ටු චාරිකාවල මෙන් නොව මෙහි ඉඩකඩ සීමිත
නිසා.

Maligne Lake | Alberta Canada


මලිග්නේ විලේ ( Maligne Lake)

Image result for maligne lake



අපි ලා නිල්පාට බෝට්ටුවට ගොඩ වුණා . රීඩර්ස් ඩයිජෙස්ට් පාඨකයින් වැරදි නැහැ .
බෝට්ටුවේ නියාමක වරිය කථාව පටන් ගත්තා . බෝට්ටුව කෙමෙන් කෙමෙන් දියබට
ඇදෙනවා . වීඩියෝ කැමරා , කැමරා , ජංගම දුරකථන හිම කදුවල , වන පියසේ රස උරා
බොනවා . හැමෝම මීයට පිම්බා වාගේ නිහඩව ඇගේ විස්තරයට කන් දෙමින් රූප
මතක වලට එකතු කරනවා . තරමක් මිල අධික වුණත් විනාඩි 90 ක ඒ අත්දැකීම ජීවිත
කාලෙටම අමතක නොවන එකක් . කැනඩාව කොච්චර ලස්සන පරිසරයක් තිබෙන
රටක්ද ? . අපි තාමත් දැකල තියෙන්නෙ කොච්චර පොඩි තැන් කිහිපයක් ද මට හිතුණා .




කැනේඩියානු රොකී සංචාරක ව්‍යාපාරයේ විශාල ආධිපත්‍යයක් දරණ බ්රුව්ස්ටර්
ආයතනයේ නිර්මාතෘ ෆ්‍රෙඩ් බ්රුව්ස්ටර් ( Fred Brewster) මුලින්ම මේ ඉසව්වේ සංචාරක
නවාතැනක් ඉදිකර ඇත්තේ 1927 දී . ඔබට කාල වේලාව ඇත්නම් මේ විලට යන
මාර්ගයේ ඇති වෛද්‍ය විල ( Medicine Lake ) බලන්නටත් , මග නැවතී පරිසරය
විදින්නටත් , කදු නැගීම් ,බයිසිකල් පැදීම් කරන්නටත් පුළුවන්

Related image

Fred Brewster

Medicine Lake | Alberta Canada


අයිස් නැව සහ පැට්‍රිෂියා විල ( Lake Patricia)

Image result for project habbakuk 1943

Project Habbakuk

Image result for lake patricia

ජැස්පර් නගරයට නුදුරින් පිහිටි පැට්‍රිෂියා විලට ඒ නම ලැබුනේ වික්ටෝරියා රැජිනගේ
මිණිබිරිය පැට්‍රිෂියා නිසා. කැනඩා ඉතිහාසයේදී පැට්‍රිෂියා විල ඉතා වැදගත්.
දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර හමුදාවන්ට පැවති ලොකුම ගැටළුව වුණේ ජර්මන්
හමුදා ගුවනින් යුධ නැව් වලට කරන ආක්‍රමණ. ඊට විසදුමක් ලෙස පිටතට මුහුදේ
පාවෙන අයිස් කුට්ටියක් සේ පෙනෙන නැවක් නිර්මාණය කිරීමට මිත්‍ර හමුදා සැලසුම්
කලා . ව්‍යාපෘතියේ රහස් නාමය වුනේ හබ්බාකුක් ( Project Habbakuk )
දේශගුණික සාධක, වන වැස්ම සහ ප්‍රධාන දුම්රිය මාර්ගය අසල පිහිටීම නිසා බැන්ෆ්
ආසන්නයේ පිහිටි ලුයිස් විලේ කල මූලික පර්යේෂණ වලින් පසුව සැබෑ පරිමාවෙන් 3 න්
එකක ප්‍රමාණයට අඩි 60 ක් දිග අයිස් නැව තැනීම ආරම්භ කලේ විලේ ස්වභාවික
අයිස් සහ ඒ නැව තුලම නිපදවන අයිස් භාවිතයෙන් . යුද්ධය නිමාවීමත් සමගම
ව්‍යාපෘතිය අත්හැර දැමුණා . 1985 දී සහ 2011 දී විල පතුලේ තිබූ ඒ නැවේ සුන්බුන් ඉවත්
කෙරුණා . අද ඔබ මෙහි ගියවිට ඒ වෙනුවෙන් ඉදිකළ සමරු ඵලකය දකින්නට පුළුවන්

Image result for lake patricia
.


ජැස්පර් අහස් ට්‍රෑම් රථය ( Jasper sky tram)

Top Things to Do in Jasper Skytram Jasper National Park, Alberta


අපි ඊළගට ගියේ කැනඩාවේ වැඩිම උසකින් ඇති අහස් ට්‍රෑම් රථය මගින් ජැස්ප කදු
මුදුනට . 1964 දී ඉදිකරන ලද මෙය ඔබව අඩි 7470 ක් උසට ගෙන යනවා . ට්‍රෑම් රථය
නවත්වන පර්යන්තයේ සිට කිලෝමීටර 2 ක පමණ කදු නැගීමකින් ඔබට එහි මුදුනටම
යන්නට පුළුවන් . ජැස්පර් කදු මුදුනේ සිට අවට පෙනෙන දසුන අති සුන්දරයි. වලාකුළු
ඇගේ හැපීගෙන යනවා . රොකී කදුවැටියේ උසම තැන වන රොබ්සන් කදු මුදුන ඈතින්
පෙනෙනවා . කදු මුදුනේ සිට විසල් පෙදෙසක් දකින්නට පුළුවන් පහලින් ඇති ජැස්පර්
නගරයේ නවතා තිබෙන දුම්රිය ගැල් පෙනෙන්නේ ඉතාමත් කුඩාවටයි.

Image result for jasper canada




මේ ගමනේදී යා හැකි තවත් තැන්

ඔබේ පවුලේ සහ ගමනේ සාමාජිකයින්ගේ මනාපය පරිදි ජැස්පර් නගරය කේන්ද්‍ර
කරගෙන සංචාරක වැදගත්කම ඇති තැන් රැසක් තිබෙනවා . ඔබට කාලය ඇත්නම්
ඒවාත් ගමනට එක්කරගන්න පුළුවන් .

 ජැස්පර් කෞතුකාගාරය ( Jasper Museum)

Jasper Museum, Alberta Canada

 ඇත්බස්කා ගගේ බෝට්ටු සංචාරය ( Athabasca river rafting)

JASPER RAFTING ADVENTURE ROCKS | Alberta Canada

 පිරමිඩ් විලේ බෝට්ටු පැදීම ( Pyramid lake Canoeing)

Wild Current Canoe Adventure at Pyramid Lake 2020 - Jasper


 මියෙට් උණු වතුර ළිං ( Miette Hot springs)

Miette Hot Springs | Alberta Canada

Image result for miette hot springs


Image result for lake patricia


එදා දවසේ අපේ ගමනාන්තය වුනේ කැම්ලූප්ස් නගරය . ගමනේ දුර නිසා අපි ටිකක්
කලියෙන් පිටත්වුණා . වලසුන් දකින්නට පුල පුලා බලා සිටි අපට ඒ අත්දැකීම විදින්නට
ලැබුනේ ඒ ගමනේදී . එක වලසෙකු දකින්නට පෙරුම් පිරූ අපට තනිව සහ යුගල
වශයෙන් සිටි වලසුන් රැසකගේ ස්වභාවික චර්යා දකින්නට ලැබුණා . ඒ ගමනේ

ගමනාන්තයට එන විට රෑ බෝවී තිබුණු බැවින් අපට වැඩි අසිරියක් විදින්නට ඉඩ
ලැබුනේ නැහැ . එහෙත් ඔබට ඉඩකඩ තිබේනම් නිවී හැනහිල්ලේ දවල් කාලයේ
යන්නට කදිම දර්ශනීය මගක් බව කිවයුතුයි .

Hike of the Week: Clearwater Lake Loop near Seeley Lake | Outdoors ...



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා .
dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන
පරිදි පිළිතුරු ලියන්නම් .

Image result for kamloops bc

මීළග කලාපයෙන් ....අවසන් පස් පිඩැල්ලෙන් කැනඩාව එක්වුණු හැටි සහ
රෙවෙල්ස්ටෝක් ජල විදුලි බලාගාරය බලන්නට යමු .

සටහන අනුරුද්ධ වැලිගමගේ 


සේයාරූ - හෙසදී වැලිගමගේ  සහ
               අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Banff to Jasper the Icefields Parkway 2020 | Must Do Canada

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018  ජුලි   කලාපයේ පලවිය .

විශේෂ ස්තූතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට

Canadian Minority Media Database | Dasatha


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි 



 


10 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් සහ දිරි ගැන්වීමට

      Delete
  2. පට්ටම ලස්සන ලොකේෂන් එකක් මචං. මගෙත් හොඳම විනෝදාංශය තමයි ස්වභාවදර්මයා රසවිඳීම. ලෝකෙ තියෙන හොඳම රසය ඒක තමයි මචන්. නියම පොස්ට් එකක්. 👊🏽

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් සහ දිරි ගැන්වීමට . විවේකයක් තියෙන වෙලාවට ඔක්කොම ලිපි ටික බලන්න .

      Delete
  3. කැනඩාව හරිම ලස්සනයි. පින්තූර වලටත් විස්තරේටත් ස්තුතියි. අයිස් නැව ගැන ඇහුවෙ පළවෙනි වතාවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් සහ දිරි ගැන්වීමට . ඔව් කැනඩාව හරිම ලස්සන රටක් . පරිසරය සුරකින රටක් . මට තාම යන්න ලැබිල තියෙන්නෙ තැන් කිහිපයකට විතරයි .

      Delete
  4. ඔබ මොහොතකට මා එහි ගෙන ගියා! පරිසරය මෙන්ම අතිශයින් ලගන්නා සුළු ලියැවිල්ලක්! අයිස් නැව ගැන තව ලියන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් සහ දිරි ගැන්වීමට . කැනඩාවේ තවත් ලස්සන තැන් එමටයි . නෝවා ස්කොෂියා පලාතේ Cabot Trail තවත් එවන් එකක් . අයිස් නැව ගැන විස්තර ටිකක් මේ යොමුවෙන් බලන්න . https://en.wikipedia.org/wiki/Project_Habakkuk

      Delete